Wednesday, August 22, 2018

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....





රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා ගුරු භවතුන්ද වෙහෙස වෙයි. එවන් වූ හිංසක මල් කැකුළු වල අනාගතයට වර්ථමානයේ සිදුව තිබෙන ඛේදවාචකය ඉතාම දරුණුය. එක් අතකින් මත්ද්‍රව්‍ය රට තුළ පිළලයක්ව මුළු සමාජයම ගිල ගනිමින් පවතී. මෙවන් සමාජයක දරුවෙකුගේ ආරක්ෂාව පිළිබඳ වැඩිහිටියන් කෙතරම් සුපරික්ෂාකාරී විය යුතුද යන්න පැහැදිළි වේ.  පාසැල් යන දරුවා පාසැල තුළින්ම මත්ද්‍රව්‍ය වලට යොමු වේ. අද කාගේ හෝ බොරු පුරසාරම් විශ්වාස කරන පුංචි දරුවන්ව මෙලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට පහසු කාර්යයකි. දිනක් දෙකක් ඔවුනට මත්ද්‍රව්‍යනොමිලේ ලබා දෙයි. පසුව ස් සඳහා සුළු මිලක් අය කරයි. අනෙක් යහළුවන්ද මෙයට යොමු කරවීමට උපදෙස් ලබා දෙයි. මේ අකාරයට රහසිගතව සූක්ෂමව මෙම ව්‍යාපාරය කරගෙන යාමට ඔවුන්ව පෙළඹවීම මත්ද්‍රව්‍ය ව්‍යාපාරකයින් සමත් වේ. මෙය වර්ථමානයේ යොවුන් වියේ පසුවන පාසැල් තරුණයින් අතර ඉතාම ජනප‍්‍රිය වේ. එය කෙතරම්ද යත් පසුකාලීනව රෝග සඳහා ගෙන එන ලද ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට පෙළඹීමෙන් එය තහවුරු කිරීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙකු සෑම විටම සිටින්නේ සිහි විකල් වූවකු ලෙසිනි. ඔහුට අන් අය පිළිබඳ කිසිදු හැඟීමක් දැනීමක් නැත. එහු තමාට මෙන්ම ඇස ගැටෙන සියලූ දෙනාට හිංසා කිරීමට යොමු වන්නේ ඒ නිසාය. කොතෙකුත් අමධයප ව්‍යාපාර, මත්ද්‍රව්‍ය වැළැක්වීමේ සාකච්ඡුා පැවැත්වුවද මෙහි අඩුවක් දක්නට නොලැබෙන අතර සීග‍්‍ර වර්ධනයක් නම් දක්නට ලැබේ. ඒ වගේම අති භයානක මත්ද්‍රව්‍ය බිහිව තිබෙන්නේද එහි ප‍්‍රථිඵලයක් ලෙසයි. එය ZOMBI DRUGS කල්හි පැහැදිළි වේ. මෙයට ඇබ්බැහි වූඅයෙකුගේ හැසිරීම ඉතාම භයානකය. යෙම භාවිත කළ අයකුගේ ශරීර උස්නත්වය සෙල්ෂියස් අංශක 104 දක්වා ඉහළ යයි. ඒ වගේම ඔවුන්ට උරුම වන්නේ ඉතාම වේදනාකාරී භයිණක මරණයයි. මෙවන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට ඉඩ නොදීම රටේ පාලකයින් ප‍්‍රධානතම වගකීමකි.
ඒ වගේම මත්ද්‍රව්‍යයට හා ගින්නට හසු වුඅයෙකුගේ බිල්ල වන්නේ අහිංසක දැරියෙකි.ඒ බව මෑතකදී සිදු වූ සිදුවීම් කීපයක් තුළින්ම පැහැදිළිව අනාවරණය වේ. ගිරිබාව ප‍්‍රදේශයේ පාසැල් දැරිය අභාග්‍ය සම්පන්න ලෙස ¥ෂනය කර මරා දැමීම මෙන්ම එම සිදුවීම සිදුවී එහි ඛේදවාචකය පහව යන්නටත් පෙරම රටම හඩවමින් රක්වාන උසස් පෙළ සිසුවියද ඝාතනය කර තිබුනි. අසීමිත හැඟීම් වලට පාලනයක් නොකොට රිසි සේ මුදාහැරීමට වගකිව යුත්තේ අහිංසක දියනියක්ද යන්න බොහෝ මව් පියවරුන්ගේ දෙනෙතින් ගලා යන කදුලින් ඇසු ප‍්‍රශ්ණයයි. මීට පෙර විද්‍යා නැමැති පාසැල් දැරියද සමූහ දූශණයකට ලක් කොට මරා දැමුවේය. ඒ වගේම හය හතර නොතේරෙන සේයා සදෙව්මි දියනියටද මෙම ඉරනමට මුහුණ දෙන්නට සිදු විය. මහපෙළොවේ පවට උපන් පාපතරයන් ළිංගික සුවය මල්පොහොට්ටුවකින් සොයද්දී එු වේදනාව පවා මිහිතලයට එක් කිරීමට අවසරයක් නොතිබිනි. ඔහු ඒ වන විටත් රා බෝතල් දෙක හමාරක් සහ කේරල ගංජා පානය කර සිටි බව පවසා තිබුනේය. අනේක විධ වද වේදනාවන් දෙමින් ඔවුන්ගේ ළිංගික ආශාව තෘප්ත කර ගනීමට පෙලෙස දරුවන්ගේ ජීවිත විනාශ කරන විට ඔවුන් මත් වු යක්ෂයන් ඉදිරියේ ඒ මොහොතේ අසරණ වූ බව කියන්නට අපේ වචන ප‍්‍රමානවත් නොවේ.
නමුත් අවසානයක් තිබේද? සේයා, විද්‍යා රටක් හඩවා මෙරට පාලකයින්ට පණීවිඩයක් ලබා දි යලි නොඑන්නම ගියද එය ඉතාම කෙටි කාගයකට සීමා විය. යළිදු පාපතරයින් ඔවුන්ගේ සුපුරුදු ක‍්‍රියාවන්හි නිරත වේ. පාලකයින් බුදුන් වැඩි රටේ මෙවැනි මිහිකත නොඉවසන අපරාධ වැළැක්වීටම අවැසී නිසි දඩුවම් ගෙන එ්ම ඔබගේ වගකීමයි. මෙම පුංචි රට පාපතර සල්ලාලයින්ගේ ග‍්‍රහනයට නතු වීමට ඉඩ නොදී අහිංසක මල් කැකුළු වල අනාගතය සුරක්ෂිත කර ඔවුනට අවසි රැකවරණය සැලසීම පාලකයිනා ඔබේ භාර වගකීමකි.

රතු පාට මගෙ හීන
















රතු පාට මගෙ හීන
සුදු පාට පෙණ පිඩක
නිල් අහස සිප මුසුව
එළි කලේ ඔය දෑස

කාන්සිය එමට මට
මහන්සිය සමග එන
නිවාලන මුඳු සුවඳ
උඹේ ඔය දෑස මට

දොම්නසින් පරව සිත
නොම එනා එහි විරිය
පොපියනා සද එලිය
පරදනා නෙතු සගල

Tuesday, August 14, 2018

වෙළඳ නාවිකයන්ගේ ජීවිත



වෙළඳ නාවිකයින් පිළිබඳ මතකය මීට දශක ගණනාවක ඈත අතීතයකට දිවයයි. ඒ 1960 අපේ‍්‍රල්මස 4 වන දින අහම්බෙන් මෙරටට පැමිණි රොබට් නොක්ස් ප‍්‍රමුඛ ඈත නෞකාව පිළිබදවයි. ඉන් පපසුව කුළු බඩ ුසොයා මෙරටට වෙළඳ නාවිකයින් පිරිසක් පැමිණියහ. මේ ආකාරයට මෙරට ටවෙළඳ නාවිකයන්ගේ ආගමනය ඈත ඉතිහාසයක ටදිවයයි.
මේ වන විට වර්තමානයේ වෙළඳ නාවිකයින්සංඛ්‍යාව 46000ක් පමණ සේවය කරන අතර ඔවුන්ගේ රැකියාව ලොව පවතින අවධානම් රැකියාවන් වලින් එකකි. නිසල සාගරය මැද දින මාස අවුරුදු ගණනින් ඔවුන්ට ගත කිරීමට සිදුවේ. විටෙක චණ්ඩ සැඩ රලකට මුහුණ දී ජීවිතය වුවද මහ සාගර පතුළ යට සැගවී යාමේ ජීවිත අවදානම සමඟ ඔවුන් රැකියාවෙහි නිරත වේ. වෙළඳ නාවික රැකියාව මේ වන විට ඉහළ වැටුප් කාණ්ඩයකට අයත් රැකියාවක් ලෙස අවධානයට යොමු වී තිබේ. මේ සඳහා යොමුකිරීමේ වගකීම පැවරී තිබෙන්නේ වෙළඳ නාවික ලේඛම් කාර්යාලයටය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත අන්තර් ජාතික සමුද්‍රීය සංවිධානයේ ශ‍්‍රි ලාංකේය කේන්ද්‍රස්ථානය වශයෙන්ද කටයුතු කිරීම විශේෂත්වයකි. මේ යටතේ ක‍්‍රියාත්මක වන වෙළඳ නාවිකයින් නිශ්චිත කාල පරිච්ඡ්යක්
සඳහා ගිවිසුමක් යටතේ වෙළද නැව් වල රැකියාවල යෙදෙන අතර වයස අවුරුදු 18 වැඩි නිසි අධයාපන සුදුසුකම් සම්පූර්ණ කළ  ඕනෑම කෙනෙකුට නාවිකයෙක් විය හැකිය. මෙලෙස නාවිකයෙක් ලෙස ගමන ඇරඹුවද ඔවුන්ගේ පළපුරුද්ද හා වෘත්තීය දැනුම යාවත්කාලීන කර ගනිමින් ඉහළ නිලධාරී මට්ටම් දක්වා ගමන් කිරීමේ අවකාශය සලසාදී තිබේ. එය නාවික කපිතාන් හා ප‍්‍රධාන නාවික ඉංජිනේරු දක්වා වු සාර්ථක ගමන් මාර්ගයක අවසානයයි.
ඒ සඳහා වෙළඳ ලේඛම්නාවික කාර්යාලය විසින් අනුමත ලියාපදිංචි කල ආයතනයකින් වෙළඳ නාවික පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම පාඨමාලා ජාතයන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව පවතින අතර වාර්ෂික විගනනයන්ද පවත්වයි. පාඨමාලාවෙන් පසුව ගමන් බලපත‍්‍රයේ ස්වබාවය, වෛද්‍ය පරීක්ෂණ සහතිකය, ග‍්‍රාමසේවා සහතිකය, පොලිස් සහතිකය ආදී ලිපිගොන අයදුම්පත් ලබාදී දින කිහිපයක් සමඟ අකණ්ඩව මුදාහැරීමේ සහතික පත‍්‍ර ලබා ගත හැකිය. ඒ සහතික ලබා ගැනීමෙන් පසුව ඔවුන්ට නෞකාවල රැකියාව සඳහා යොමුවීමට හැකියාව පවතී.
අඛණ්ඩව පළපුරුදු නාවිකයෙකුට පවතින ඉල්ලූම ඉහළ අගයක් ගනී. ඒ වගේම ඔවුන්ගේ වැටුපද ඉහළ අගයක් ගනී. සාමාන්‍ය මාසික වැටුප ඇමරිකන් ඩොලර් 500 ක් පමණ වන අතර එය ශ‍්‍රි ලංකා මුදලින් රුපියල් 75000ක් පමන වේ.වෙළඳ නාවිකයින් වසරකට දළල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 23ක් හෙවත් මිලියන තුන්දහස් හාරසිය පනහක් පමන විදේශ විනිමයන් අපේ ලංකාවට ලබා දෙන අතර එය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටිවහල ක්සපයයි. ඒ වගේම මොවුන්ගේ රැකියාවේ පවනින දුෂ්කර බව පිළිබ\ව ඔවුන්ට කිවයුතුමය. ඒ වගේම මෙයවෘත්තීමය වටිනාකමක් තිබෙන රැකියාවකි. ඒ නිසා සමාජීය පිළිගැනීමද ඉහළමට්ටමක පවතී.
මාස ගණනක් යන තුරු නිවැසියන්, ආදර වන්තයන්, සියල්ලම දමා ඔවුන් මෙම රැකියාව කරා යොමුවේ. මහ සාගරය මැද ධෛර්ය, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, අප‍්‍රතිහත ධෛර්ය, කැපවීම මේ සියල්ල එක් කොට ගෙන ජීවත්වන අපූරු මිනිසෙකි. වෙළද නාවිකයා කිසිවෙකුට අත්විදිය නොහැකි අපූරුවු සෞන්දර්යාත්මක වු සුන්දරත්වය විඳීමට ලැබීම ඔවුන් ලද භාග්‍යයකි. ලොව පවතින සියලූ දෙයහි දෙපැත්තක් පවතී. එය කතුරකතට උපමා කළහැකිය. වෙළඳ නාවික රැකියාවද එලෙසය.
මත්ද්‍රව්‍ය, මන්කොල්ලකෑම්, අපරාධ වැනි හානියක් ගෙනදෙන තවත් අයෙකුගේ ජීවිත අරගලයට බරක්නොවෙමින් රටට සමාජයට පිලලයක් නොවී තම ජීවිතය වැඩදායී ලෙස ගත කිරීමට යොමුවීම තරුණ අපි කාගේත් වගකීමකි. සොරකම, මත්ද්‍රව්‍ය, අසභ්‍ය ළිංගික දර්ශන වැනි අදර්මිෂ්ඨ මාර්ගයන්ගෙන් මුදල් හරි හම්බ නොකොට මෙවන් රටේ ආර්ථික ශක්තියට විශාල විදේශ විනිමයන් සපයන මෙවන් රැකියාවන් තුළින් තම ජීවිතයද සාර්ථක කර ගැනීමට අද සිටම අධිෂ්ඨානයෙන් යුතුව ක‍්‍රියා කරමු.
 ඕනෑම දෙයකවටිනාකම රදා පවතින්නේ තම ස්වෝත්සාහයෙන් ළඟා කර ගන්නා දෙයක් මිස නිරායාසයෙන් ලැබෙන දෙයක් නොව. එම නිසා අපද නිදහස් අධයාපනයට පිංසිදුවන්න රටේ ආර්ථික ශක්තියට ද විශාල විදේශ විනිමයක් ආයෝජනය කළහැකි මෙවන් රැකියාවන් තුළින් අපේ වගකීම ඉටුකිරීමට යොමු වෙමු. ඒ වගේම රජයෙන් රැකියා ලබාදෙන තුරු බලානොසිට තම හැකි පමණින් නිකරුනේ දිනෙන් දින ගෙවී යන අපේ තරුන ජීවිතයට වැඩදායි අරුතක් එක් කරමු.වෙළඳ නාවිකයන්ගේ ජීවිත
වෙළඳ නාවිකයින් පිළිබඳ මතකය මීට දශක ගණනාවක ඈත අතීතයකට දිවයයි. ඒ 1960 අපේ‍්‍රල්මස 4 වන දින අහම්බෙන් මෙරටට පැමිණි රොබට් නොක්ස් ප‍්‍රමුඛ ඈත නෞකාව පිළිබදවයි. ඉන් පපසුව කුළු බඩ ුසොයා මෙරටට වෙළඳ නාවිකයින් පිරිසක් පැමිණියහ. මේ ආකාරයට මෙරට ටවෙළඳ නාවිකයන්ගේ ආගමනය ඈත ඉතිහාසයක ටදිවයයි.
මේ වන විට වර්තමානයේ වෙළඳ නාවිකයින්සංඛ්‍යාව 46000ක් පමණ සේවය කරන අතර ඔවුන්ගේ රැකියාව ලොව පවතින අවධානම් රැකියාවන් වලින් එකකි. නිසල සාගරය මැද දින මාස අවුරුදු ගණනින් ඔවුන්ට ගත කිරීමට සිදුවේ. විටෙක චණ්ඩ සැඩ රලකට මුහුණ දී ජීවිතය වුවද මහ සාගර පතුළ යට සැගවී යාමේ ජීවිත අවදානම සමඟ ඔවුන් රැකියාවෙහි නිරත වේ. වෙළඳ නාවික රැකියාව මේ වන විට ඉහළ වැටුප් කාණ්ඩයකට අයත් රැකියාවක් ලෙස අවධානයට යොමු වී තිබේ. මේ සඳහා යොමුකිරීමේ වගකීම පැවරී තිබෙන්නේ වෙළඳ නාවික ලේඛම් කාර්යාලයටය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත අන්තර් ජාතික සමුද්‍රීය සංවිධානයේ ශ‍්‍රි ලාංකේය කේන්ද්‍රස්ථානය වශයෙන්ද කටයුතු කිරීම විශේෂත්වයකි. මේ යටතේ ක‍්‍රියාත්මක වන වෙළඳ නාවිකයින් නිශ්චිත කාල පරිච්ෙඡ්යක්
සඳහා ගිවිසුමක් යටතේ වෙළද නැව් වල රැකියාවල යෙදෙන අතර වයස අවුරුදු 18 වැඩි නිසි අධයාපන සුදුසුකම් සම්පූර්ණ කළ  ඕනෑම කෙනෙකුට නාවිකයෙක් විය හැකිය. මෙලෙස නාවිකයෙක් ලෙස ගමන ඇරඹුවද ඔවුන්ගේ පළපුරුද්ද හා වෘත්තීය දැනුම යාවත්කාලීන කර ගනිමින් ඉහළ නිලධාරී මට්ටම් දක්වා ගමන් කිරීමේ අවකාශය සලසාදී තිබේ. එය නාවික කපිතාන් හා ප‍්‍රධාන නාවික ඉංජිනේරු දක්වා වු සාර්ථක ගමන් මාර්ගයක අවසානයයි.
ඒ සඳහා වෙළඳ ලේඛම්නාවික කාර්යාලය විසින් අනුමත ලියාපදිංචි කල ආයතනයකින් වෙළඳ නාවික පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම පාඨමාලා ජාතයන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව පවතින අතර වාර්ෂික විගනනයන්ද පවත්වයි. පාඨමාලාවෙන් පසුව ගමන් බලපත‍්‍රයේ ස්වබාවය, වෛද්‍ය පරීක්ෂණ සහතිකය, ග‍්‍රාමසේවා සහතිකය, පොලිස් සහතිකය ආදී ලිපිගොන ුඅයදුම්පත් ලබාදී දින කිහිපයක් සමඟ අකණ්ඩව මුදාහැරීමේ සහතික පත‍්‍ර ලබා ගත හැකිය. ඒ සහතික ලබා ගැනීමෙන් පසුව ඔවුන්ට නෞකාවල රැකියාව සඳහා යොමුවීමට හැකියාව පවතී.
අඛණ්ඩව පළපුරුදු නාවිකයෙකුට පවතින ඉල්ලූම ඉහළ අගයක් ගනී. ඒ වගේම ඔවුන්ගේ වැටුපද ඉහළ අගයක් ගනී. සාමාන්‍ය මාසික වැටුප ඇමරිකන් ඩොලර් 500 ක් පමණ වන අතර එය ශ‍්‍රි ලංකා මුදලින් රුපියල් 75000ක් පමන වේ.වෙළඳ නාවිකයින් වසරකට දළල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 23ක් හෙවත් මිලියන තුන්දහස් හාරසිය පනහක් පමන විදේශ විනිමයන් අපේ ලංකාවට ලබා දෙන අතර එය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටිවහල ක්සපයයි. ඒ වගේම මොවුන්ගේ රැකියාවේ පවනින දුෂ්කර බව පිළිබදව ඔවුන්ට කිවයුතුමය. ඒ වගේම මෙයවෘත්තීමය වටිනාකමක් තිබෙන රැකියාවකි. ඒ නිසා සමාජීය පිළිගැනීමද ඉහළමට්ටමක පවතී.
මාස ගණනක් යන තුරු නිවැසියන්, ආදර වන්තයන්, සියල්ලම දමා ඔවුන් මෙම රැුකියාව කරා යොමුවේ. මහ සාගරය මැද ධෛර්ය, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, අප‍්‍රතිහත ධෛර්ය, කැපවීම මේ සියල්ල එක් කොට ගෙන ජීවත්වන අපූරු මිනිසෙකි. වෙළද නාවිකයා කිසිවෙකුට අත්විදිය නොහැකි අපූරුවු සෞන්දර්යාත්මක වු සුන්දරත්වය විඳීමට ලැබීම ඔවුන් ලද භාග්‍යයකි. ලොව පවතින සියලූ දෙයහි දෙපැත්තක් පවතී. එය කතුරකතට උපමා කළහැකිය. වෙළඳ නාවික රැකියාවද එලෙසය.
මත්ද්‍රව්‍ය, මන්කොල්ලකෑම්, අපරාධ වැනි හානියක් ගෙනදෙන තවත් අයෙකුගේ ජීවිත අරගලයට බරක්නොවෙමින් රටට සමාජයට පිලලයක් නොවී තම ජීවිතය වැඩදායී ලෙස ගත කිරීමට යොමුවීම තරුණ අපි කාගේත් වගකීමකි. සොරකම, මත්ද්‍රව්‍ය, අසභ්‍ය ළිංගික දර්ශන වැනි අදර්මිෂ්ඨ මාර්ගයන්ගෙන් මුදල් හරි හම්බ නොකොට මෙවන් රටේ ආර්ථික ශක්තියට විශාල විදේශ විනිමයන් සපයන මෙවන් රැකියාවන් තුළින් තම ජීවිතයද සාර්ථක කර ගැනීමට අද සිටම අධිෂ්ඨානයෙන් යුතුව ක‍්‍රියා කරමු.
 ඕනෑම දෙයකවටිනාකම රදා පවතින්නේ තම ස්වෝත්සාහයෙන් ළඟා කර ගන්නා දෙයක් මිස නිරායාසයෙන් ලැබෙන දෙයක් නොව. එම නිසා අපද නිදහස් අධයාපනයට පිංසිදුවන්න රටේ ආර්ථික ශක්තියට ද විශාල විදේශ විනිමයක් ආයෝජනය කළහැකි මෙවන් රැකියාවන් තුළින් අපේ වගකීම ඉටුකිරීමට යොමු වෙමු. ඒ වගේම රජයෙන් රැකියා ලබාදෙන තුරු බලානොසිට තම හැකි පමණින් නිකරුනේ දිනෙන් දින ගෙවී යන අපේ තරුන ජීවිතයට වැඩදායි අරුතක් එක් කරමු.
වෙළඳ නාවිකයන්ගේ ජීවිත
වෙළඳ නාවිකයින් පිළිබඳ මතකය මීට දශක ගණනාවක ඈත අතීතයකට දිවයයි. ඒ 1960 අපේ‍්‍රල්මස 4 වන දින අහම්බෙන් මෙරටට පැමිණි රොබට් නොක්ස් ප‍්‍රමුඛ ඈත නෞකාව පිළිබදවයි. ඉන් පපසුව කුළු බඩ ුසොයා මෙරටට වෙළඳ නාවිකයින් පිරිසක් පැමිණියහ. මේ ආකාරයට මෙරට ටවෙළඳ නාවිකයන්ගේ ආගමනය ඈත ඉතිහාසයක ටදිවයයි.
මේ වන විට වර්තමානයේ වෙළඳ නාවිකයින්සංඛ්‍යාව 46000ක් පමණ සේවය කරන අතර ඔවුන්ගේ රැකියාව ලොව පවතින අවධානම් රැකියාවන් වලින් එකකි. නිසල සාගරය මැද දින මාස අවුරුදු ගණනින් ඔවුන්ට ගත කිරීමට සිදුවේ. විටෙක චණ්ඩ සැඩ රලකට මුහුණ දී ජීවිතය වුවද මහ සාගර පතුළ යට සැගවී යාමේ ජීවිත අවදානම සමඟ ඔවුන් රැකියාවෙහි නිරත වේ. වෙළඳ නාවික රැකියාව මේ වන විට ඉහළ වැටුප් කාණ්ඩයකට අයත් රැකියාවක් ලෙස අවධානයට යොමු වී තිබේ. මේ සඳහා යොමුකිරීමේ වගකීම පැවරී තිබෙන්නේ වෙළඳ නාවික ලේඛම් කාර්යාලයටය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත අන්තර් ජාතික සමුද්‍රීය සංවිධානයේ ශ‍්‍රි ලාංකේය කේන්ද්‍රස්ථානය වශයෙන්ද කටයුතු කිරීම විශේෂත්වයකි. මේ යටතේ ක‍්‍රියාත්මක වන වෙළඳ නාවිකයින් නිශ්චිත කාල පරිච්ෙඡ්යක්
සඳහා ගිවිසුමක් යටතේ වෙළද නැව් වල රැකියාවල යෙදෙන අතර වයස අවුරුදු 18 වැඩි නිසි අධයාපන සුදුසුකම් සම්පූර්ණ කළ  ඕනෑම කෙනෙකුට නාවිකයෙක් විය හැකිය. මෙලෙස නාවිකයෙක් ලෙස ගමන ඇරඹුවද ඔවුන්ගේ පළපුරුද්ද හා වෘත්තීය දැනුම යාවත්කාලීන කර ගනිමින් ඉහළ නිලධාරී මට්ටම් දක්වා ගමන් කිරීමේ අවකාශය සලසාදී තිබේ. එය නාවික කපිතාන් හා ප‍්‍රධාන නාවික ඉංජිනේරු දක්වා වු සාර්ථක ගමන් මාර්ගයක අවසානයයි.
ඒ සඳහා වෙළඳ ලේඛම්නාවික කාර්යාලය විසින් අනුමත ලියාපදිංචි කල ආයතනයකින් වෙළඳ නාවික පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම පාඨමාලා ජාතයන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව පවතින අතර වාර්ෂික විගනනයන්ද පවත්වයි. පාඨමාලාවෙන් පසුව ගමන් බලපත‍්‍රයේ ස්වබාවය, වෛද්‍ය පරීක්ෂණ සහතිකය, ග‍්‍රාමසේවා සහතිකය, පොලිස් සහතිකය ආදී ලිපිගොන ුඅයදුම්පත් ලබාදී දින කිහිපයක් සමඟ අකණ්ඩව මුදාහැරීමේ සහතික පත‍්‍ර ලබා ගත හැකිය. ඒ සහතික ලබා ගැනීමෙන් පසුව ඔවුන්ට නෞකාවල රැකියාව සඳහා යොමුවීමට හැකියාව පවතී.
අඛණ්ඩව පළපුරුදු නාවිකයෙකුට පවතින ඉල්ලූම ඉහළ අගයක් ගනී. ඒ වගේම ඔවුන්ගේ වැටුපද ඉහළ අගයක් ගනී. සාමාන්‍ය මාසික වැටුප ඇමරිකන් ඩොලර් 500 ක් පමණ වන අතර එය ශ‍්‍රි ලංකා මුදලින් රුපියල් 75000ක් පමන වේ.වෙළඳ නාවිකයින් වසරකට දළල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 23ක් හෙවත් මිලියන තුන්දහස් හාරසිය පනහක් පමන විදේශ විනිමයන් අපේ ලංකාවට ලබා දෙන අතර එය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල පිටිවහල ක්සපයයි. ඒ වගේම මොවුන්ගේ රැකියාවේ පවනින දුෂ්කර බව පිළිබදව ඔවුන්ට කිවයුතුමය. ඒ වගේම මෙයවෘත්තීමය වටිනාකමක් තිබෙන රැකියාවකි. ඒ නිසා සමාජීය පිළිගැනීමද ඉහළමට්ටමක පවතී.
මාස ගණනක් යන තුරු නිවැසියන්, ආදර වන්තයන්, සියල්ලම දමා ඔවුන් මෙම රැකියාව කරා යොමුවේ. මහ සාගරය මැද ධෛර්ය, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, අප‍්‍රතිහත ධෛර්ය, කැපවීම මේ සියල්ල එක් කොට ගෙන ජීවත්වන අපූරු මිනිසෙකි. වෙළද නාවිකයා කිසිවෙකුට අත්විදිය නොහැකි අපූරුවු සෞන්දර්යාත්මක වු සුන්දරත්වය විඳීමට ලැබීම ඔවුන් ලද භාග්‍යයකි. ලොව පවතින සියලූ දෙයහි දෙපැත්තක් පවතී. එය කතුරකතට උපමා කළහැකිය. වෙළඳ නාවික රැුකියාවද එලෙසය.
මත්ද්‍රව්‍ය, මන්කොල්ලකෑම්, අපරාධ වැනි හානියක් ගෙනදෙන තවත් අයෙකුගේ ජීවිත අරගලයට බරක්නොවෙමින් රටට සමාජයට පිලලයක් නොවී තම ජීවිතය වැඩදායී ලෙස ගත කිරීමට යොමුවීම තරුණ අපි කාගේත් වගකීමකි. සොරකම, මත්ද්‍රව්‍ය, අසභ්‍ය ළිංගික දර්ශන වැනි අදර්මිෂ්ඨ මාර්ගයන්ගෙන් මුදල් හරි හම්බ නොකොට මෙවන් රටේ ආර්ථික ශක්තියට විශාල විදේශ විනිමයන් සපයන මෙවන් රැුකියාවන් තුළින් තම ජීවිතයද සාර්ථක කර ගැනීමට අද සිටම අධිෂ්ඨානයෙන් යුතුව ක‍්‍රියා කරමු.
 ඕනෑම දෙයකවටිනාකම රදා පවතින්නේ තම ස්වෝත්සාහයෙන් ළඟා කර ගන්නා දෙයක් මිස නිරායාසයෙන් ලැබෙන දෙයක් නොව. එම නිසා අපද නිදහස් අධයාපනයට පිංසිදුවන්න රටේ ආර්ථික ශක්තියට ද විශාල විදේශ විනිමයක් ආයෝජනය කළහැකි මෙවන් රැුකියාවන් තුළින් අපේ වගකීම ඉටුකිරීමට යොමු වෙමු. ඒ වගේම රජයෙන් රැුකියා ලබාදෙන තුරු බලානොසිට තම හැකි පමණින් නිකරුනේ දිනෙන් දින ගෙවී යන අපේ තරුන ජීවිතයට වැඩදායි අරුතක් එක් කරමු.


Friday, August 10, 2018




                              \අදාළ රූපය     




දකුණු අප‍්‍රිකානු මුද්‍රිත මාධ්‍ය හා සබන්ධ මාධ්‍ය ආචාර ධර්ම හා චර්යා සංග‍්‍රහය දකුණු අප‍්‍රිකාවේ පුවත්පත් කවුන්සලය සහ දකුණු ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරී දැන්වීම් ප‍්‍රචාරණ කාර්යාංශය මුද්‍රිත සඳහා ආචාර ධර්ම සංග‍්‍රහයක් නිර්මාණය කර තිබේ. එමඟින් දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහය නිර්මාණය කර තිබේ. මෙය 2015 දෙසැම්බර් 31 හෝ ජනවාරි 01 වන දින සිට ක‍්‍රියාත්මක වේ. මෙය ප‍්‍රධාන වගන්ති 12න් සමන්විත වේ.
දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේ දක්වා ඇත්තේ සමාජයට සේවය කිරීමට මාධ්‍යයයන් පවතින බවයි. සමාජය නිශ්චය කර ගන්නා බලවේගයන් ස්වාධීනව  නිරීක්ෂණය කිරීමට මෙන්ම එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවබෝධකර ගැනීමඅත්‍යයවශ්‍යය බව දක්වා තිබේ. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේදී කේන්ද්‍රීයව පිළිගත් සාධකයක් වන්නේ යම් කාර්යභාරයක් ඉටුකිරීම සඳහා පුරවැසියන්ට දිනපතා ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳතීරණාත්මක විනිශ්චයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසන බවයි. ඒ අනුව මාධ්‍ය විසින් ලබා දෙන තොරතුරු සත්‍ය බවත් වගකීම් සහගත බවත් මෙයින් ගම්‍ය කොට දක්වයි. එය මෙහි පූර්විකාවේ දක්නට ලැබෙන වැදගත්ම සාධකයයි.
මෙහි අයිතිවාසිකම් පනතෙහි 16 වන වගන්තියේ දක්වා ඇත්තේ, සෑම කෙනෙකුටම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බවයි. ඒ යටතේ, පුවත්පත් සහ වෙනත් මාධ්‍ය නිදහස, තොරතුරු හෝ අදහස් ලබා ගැනීම සහ ලබා දීම, කලාත්මක හා නිර්මාණාත්මක නිදහස සහඅධ්‍යයන නිදහස සහ විද්‍යාත්මක පර්යේෂණවල නිදහස තහවුරු කර තිබේ. නමුත් 2.(1*හි උපවගන්තියේ ඇති අයිතීන්ට අනුව, යුද්ධය සඳහා ප‍්‍රචාරක කටයුතු, ආසන්න ප‍්‍රචණ්ඩත්වය උසිගැන්වීම හෝවාර්ගිකත්වය, ස්ත‍්‍රි පුරුෂ භාවය හෝ ආගම මත පදනම් වූ වෛරය ප‍්‍රවර්ධනය කිරීම හා හානි කිරීම සඳහා දිරිගැන්වීම නොකළ යුතුය.
මෙම අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා ඒ කෙරේ විශ්වාසයක් ඇති කිරීම මාධ්‍යයේ වගකීමකි. මන්ද ජනතාව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයෙන් සිටීම ඔවුනට අයිතිවාසිකම් කඩවීමකදී අවශ්‍ය විධිමත් ක‍්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමේ හැකියාව පවතී. ඒ වගේම ඔවුනට එම අයිතිවාසිකම් කඩ නොකර ආරක්ෂා කිරීමට ද හැකියාව පවතී.මාධ්‍යක් වශයෙන් මෙම වගකීම ඉටුකිරීම ඉතාම වැදගත් වේ. ඒ වගේම මාධ්‍යයන් පාඨකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ඉහළ ප‍්‍රමිතියකින් යුතුව තොරතුරු ලබාදීමේ ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතුය.ඔවුන් එහිදී විශේෂයෙන් අනාවරණය කරන්නේ හැම විටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, අනවශ්‍ය හානි වැලැක්වීම, සිදුවීම් පිළිබඳ විවිධාකාරයෙන් අනාවරණය කිරීම, දරුවන්ට සහ අනාරක්ෂිත කණ්ඩායම් සඳහා විශේෂ සැලකිල්ලක් දැක්වීම සඳහා ස්වාධීනව කටයුතු කිරීමයි යන්නය.
දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේඑන පළමු වගන්තිය වන්නේ ප‍්‍රවෘත්ති එකතු කිරීමයි. ඒ යටතේ,
 1.1. පොදු යහපතක් අනෙකක් විසින් නියම කරනු නොලැබුවහොත් නිත්‍යානුකූලව, අවංකව හා සාධාරණව ප‍්‍රවෘත්ති ලබා ගත යුතුය යන්න දක්වා තිබේ. මෙම වගන්තියේ පිළිඹිඹු වන්නේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ ක‍්‍රියාත්මක වන නීති පටිපාටියට අවනතව, අවංකව, සාධාරණව බලධරයින්ගේ අවශ්‍යතාවන්ට අනුව තොරතුරු නොසඟවා පුවත් ඉදිරිපත් කිරීමයි. එහිදී මාධ්‍යයන් විසින් සෘජුව කටයුතු කිරීමේ ගුනය ඉස්මතු වේ. සැම විටම මාධ්‍ය ජනතාවගේ පොදු නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වැදගත්කම මෙයින් පිළිඹිඹු වේ.
 1.2. වගන්තියද ඉතාම වැදගත් වේ. මන්ද මෙහි දී සඳහන් කරන්නේ පුද්ගලික තොරතුරු එක් රැුස් කිරීම හා ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධවය. එහි දී පුද්ගලික තොරතුරු එම පුද්ගලයාගේ තනි කැමැත්තට අනුව ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැති නම් මාධ්‍ය අදාල පුද්ගලයාගේ එකඟතාවය මත නැතිනම් එම පුද්ගලයාට දැනුම් දීඑම තොරතුරු හෙලිදරව් කළ යුතුය. මෙය මාධ්‍යවේදියෙකු නැතිනම් නැතිනම් පුවත්පත් කලාවේදියෙකු විසින් අනුගමනය කල යුතු සදාචාරාත්මක පිළිවෙතකි. මෙය දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහය මඟින් දක්වා තිබෙන වැදගත් වගන්තියකි. මෙම පුවත්පත් සංග‍්‍රහයෙහි වැදගත්කම මෙම වගන්තිය මඟින් මනාව නිරූපනය වේ.
මෙහි 2 වගන්තිය ප‍්‍රවෘත්ති වාර්ථාකරණය ලෙස නම් කර තිබේ. එහි 2.1 වගන්තිය වන්නේ  ප‍්‍රවෘත්ති වාර්ථාකරණයේදී ප‍්‍රවෘත්ති වාර්තා සත්‍ය, නිවැරදි හා සාධාරණ වාර්තාකරණයක් සිදු කිරීමට පුවත්පත කටයුතු කළ යුතු බවයි.
2.2. දක්වන්නේ එය විකෘතිකරණයට, අතිශයෝක්තියට හෝ වැරදියට ලබා දීම, පැහැර හැරීම් හෝ සාරාංශකරණය කිරීමකින් තොරව ඉදිරිපත්කළ යුතු ය. ඒ වගේම නොසැලකිලිමත් ලෙස කටයුතු නොකර සවිස්තරාත්මකව සහ සමබර ලෙස පුවත් ඉදිරිපත් කරීමට පුවත්පත් කලාවේදීන් ක‍්‍රියා කලයුතු බව මෙහිදී දක්වා තිබේ. එය මෙම වගන්තියේ වැදගත්කම මනාව පිළිඹිඹු කරයි.
2.3 - 2.5 දක්වා වගන්ති වල සඳහන් වන්නේ ප‍්‍රවෘත්තියේ මූලාශ‍්‍ර සැලකිල්ලට ගෙන, සාධාරණ සත්‍ය යමක් ඉදිරිපත් කිරීමේදී එම කරුණු වල සන්දර්භය හා වැදගත්කම සම්බන්ධයෙන් විධිමත් ලෙස ප‍්‍රකාශයත් කළ යුතුය යන්නයි. ඒ වගේම වාර්තාවක් මත පදනම් වූ කරුණු හෝ මතයක්, චෝදනාවක්, කටකතා හෝ උපකල්පනය මත පදනම්ව ඉදිරිපත් නොකර, එය පැහැදිලිව නිරූපණය කළහැකි පරිදි සකස් කළයුතුය යන්නයි. ඒ වගේම වාර්ථාවක් නිවැරදි බව තහවුරු කිරීමේ දී ද ඉහත ප‍්‍රතිපත්තියම අනුගමනය කල යුතුය.
2.6.නිවැරදිව ඉදිරිපත් කර නොමැති ප‍්‍රකාශයක් කිරීම නැවත නිවැරදි කර ප‍්‍රකාශයට පත් කිරීමටපුවත්පත් කලාවේදීන් ක‍්‍රියා කලයුතු ය. එය මෙම නැවත නිවැරදි කර  ප‍්‍රකාශයට පත් කළ යුතුය. එය මෙම පුවත්පත් සංග‍්‍රහයේ සඳහන් වන තවත් වැදගත්ම සාධකයකි.
2.7. - 2.8. වගන්තියද ඉතාම වැදගත් වේ.මෙහි අසභ්‍ය ප‍්‍රකාශන, ඡුායාරූප එරට ආචාර ධර්ම සංග‍්‍රහයන්ට අනුකූලව ඉදිරිපත් කලයුතු බව දක්වයි. ඒ වගේමනියම කරීමකින් තොරව, අවසර නොලද පැහැදිලි  ලිංගිකත්වය පිළිබඳ දෘශ්‍යමාන ඉදිරිපත් නොකිරීමට ද ඔවුන්අවනත  විය යුතු බවත් එය ජනමාධ්‍යවේදීන්ට නොගැළපෙන බවත් දක්වා තිබේ.
3න් වන වගන්තිය වන්නේ ස්වාධීනත්වය හා ගැටුම් පිළිබඳ ගැටළු පිළිබඳවයි. එය අනු වගන්ති 4න් සමන්විත වේ.
3.1 හි සඳහන් කරන්නේ දේශපාලනික, පුද්ගලික හෝ වෙනත් වෘත්තීය නොවන කරුණු ලබා ගැනීමේදී බලපෑම් හෝ ආයාචනා කිරීම් සඳහා මාධ්‍ය විසින් අවසර නොදිය යුතුය යන්නයි. ඒ වගේම පාඨකයන්ට  පුවත්පතෙහි සහ වෘත්තීයමය මාධ්‍යවේදීන් පිළිබඳව පේ‍්‍රක්ෂකයන්ට තිබෙන ගැටලූ මඟහැරවීමට ක‍්‍රියා කල යුතුය. එය ඉතාම වැදගත් ගුණාංගයක් වේ. මන්ද යම් තොරතුරක පවතින සත්‍යගරුක බව හා විනිවිදභාවය මාධ්‍යයකට තිබිය යුතුමය.
3.2 - 3.4 හි සඳහන් කරන්නේ  සෑමමාධ්‍යවේදියෙකු විසින්ම අනුගමනය කල යුතු වැදගත්ම ආචාරධර්මයකි. එනම් අල්ලස් හෝ තෑග්ගක් හෝ වෙනත් වාසි ලබා ගැනීවේ අරමුනින්ක‍්‍රියා නොකිරීමයි. මෙය ඉතාම වැදගත් පැතිකඩක් නිරූපනය කරයි. ඒ වගේම පුවත්පත් සකස් කිරීමේ පිරිවැය සඳහා පිටස්තර ආයතනයක් දායක වූ විට මාධ්‍ය පැහැදිලිව ඒ සම්බන්ධව සඳහන් කළ යුතුය. එය මෙහි දක්වා තිබෙන තවත් එක් වැදගත් ලක්ෂණයකි.
4වන වගන්තිය වන්නේ පුද්ගලිකත්වය, පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම, ගරුත්වය සහ පිළිගැනීම යන වගන්ති යටතේ අනු කොටස් 9න් සමන්විත වේ.
4.1. සඳහන් කරන්නේ පෞද්ගලික ජීවිත හා පුද්ගලයන් සම්බන්ධ කාරණාවන් සම්බන්ධයෙන් පුවත්පත්වලට සැලකිල්ල දැක්විය යුතුය. පෞද්ගලිකත්වයේ අයිතිය නීත්‍යානුකූල පොදු යහපතක් යටපත් කර දැමිය හැකිය යන්න මෙහි පළමු වගන්තියෙන් දක්වයි. ඒ වගේම තම පාලනය යටතේ ඇති පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම, අහිමි වීම හෝ අනවසරයෙන් ප‍්‍රවේශ වීම වැළැක්වීම සඳහා පුවත්පත් අවශ්‍ය සාධාරණ පියවර ගත යුතුය යන්න 4.2 වගන්තියෙන් අනාවරණය කරයි. එය තවදුරටත් 4.3 වගන්තිය යටතේ ඒ බව,”එබඳු තොරතුරු සැකසීම සඳහා නීති විරෝධී ප‍්‍රවේශය සීමා කිරීම සහ වළක්වා ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඔවුන්ගේ පාලනයට යටත් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සාධාරණ පියවර ගත යුතුය” දක්වා තිබේ.
ඒ වගේම 4.7 යටතේ එන4.7.1 වගන්තියේ සිට 4.7.4 දක්වාම මෙම ලබාදෙන හෝ වාර්තා කරනු ලබන තොරතුරු වල සත්‍ය අසත්‍ය බාවය පිළිබඳ ක‍්‍රමවත් පටිපාටියකට අනුව වාර්ථා කරයි. එහිදී මහජන යහපතට අනුකූලව එය සකස් කර පෞර්ෂත්වයට වර්ධනය කර ප‍්‍රකාශ කල යුතු බව දක්වා තිබේ.
4.8වගන්තියේ දක්වා තිබෙන්නේ ලිංගික ප‍්‍රචණ්ඩත්වයේ නියැලෙන අය සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වයේ යෙදී සිටි අයගේ අනන්‍යතාවය හෝ ගොදුරු වූ තැනැත්තෙකුගේ හෝ දරුවන්ගේ තොරතුරු ඔවුන්ගේ නීත්‍යානුකූල භාරකරුවන්ගේ (හෝ සමාන වගකීමකින් යුක්තව* සහ දරුවාගේ අනුමැතිය නොමැතිව ප‍්‍රකාශයට පත් නොකළ යුතුය යන්නය.
4.9 වගන්තියේ  ජනතාවගේ එච්.අයි.වී. ඒඞ්ස් තත්ත්වය ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අනාවරණය නොකළ යුතුය. දරුවන්ගේ තත්වය අනුව, දරුවාගේ පරිශීලක ධාරිතාව නොසලකා දරුවාගේ අනුමැතිය නොමැතිව දරුවාගේ එච්.අයි.වී. / ඒඞීස් තත්ත්වය හෙළි නොකළ යුතු අතර, ඔවුන්ගේ නීත්‍යානුකූල භාරකරුගේ හෝ සමාන වගකීමකින් යුක්තව වැඩිහිටියෙකුගේ අනුමැතිය ඇතිව, එබඳු හෙළිදරව් කිරීම පොදු යහපතට අයත් වන අතර එය දරුවාගේ යහපතට හේතු වේ.
පුද්ගලයෙකුගේ රහස්‍ය හෝ පෞද්ගලික තොරතුරු මාධ්‍යයට නිරාවරණය කිරීමෙන් ඇයගේ හෝ ඔහුගේ පැවැත්මට ප‍්‍රබල බලපෑමක් වන නිසාය. ඒ අනුව මෙම කරුණු අත්හදා බැලීම තුළින් පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහය ඉතාම ඉහළ මට්ටමින් පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය මෙන්ම ඔහුගේ සමාජමය තත්ත්වය ආරක්ෂා කිරීම මෙම වගන්තියේ තිබෙන ප‍්‍රධානම වැදගත්කමයිි.
5 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ සඳහන් වන්නේ වෙනස්කම් කිරීම සහ ද්වේශ සහගත ප‍්‍රකාශ කිරීම් සම්බන්ධවය. මෙය අනු වගන්ති 2න් සමන්විත වේ.
5.1. වගන්තියෙන් සඳහන් කරන්නේ පුවත්පත් විසින් තොරතුරු වාර්තා කිරීමේ දී එය ජනතාවගේ පොදු යහපත වන මූල සාධකය ප‍්‍රමුඛ කොට ගෙන කටයුතු කළ යුතු බව යන්නයි.එහිදී ස්ත‍්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ගර්භණීභාවය, විවාහක තත්වය, ජනවාර්ගික හෝ සමාජ සම්භවය, වර්ණය, වයස, ආබාධිතභාවය, ආගම, හෘදය සාක්ෂිය, විශ්වාසය, සංස්කෘතිය, භාෂාව සහ උපත හෝ වෙනත් තත්ත්වයන්, හෝ අගතිගාමී හෝ උග‍්‍ර ප‍්‍රජනක සන්දර්භය පිළිබඳ තොරතුරු සඳහන් නොකල යුතු බවයි යන්නය. එහිදී එම තොරතුරට භාජනය වන පුද්ගලයෙකුගේ පෞර්ෂත්වයට ප‍්‍රබලව හානි කරයි. පුවත්පතක් විසින් තොරතුරු  සපයන විට පාඨකයා එහිදී ප‍්‍රධාන ඉලක්කය කර ගන්නා විට ඔවුන්ගේ තත්ත්වය සුරක්ෂිත කිරීම පුවත්පතේ ප‍්‍රධාන වගකීමයි. එම නිසා මෙම වගන්තිය ඉතාම වැදගත් වේ.
මෙය ලංකාවේ පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහයේ 6.3 - 6.4 යන වගන්තිවල සඳහන් කර තිබේ. එහිදී එක් උදාහරණයක් ලෙස,
     ශිරන්ති රාජපක්ෂ සුමිත‍්‍රා පීරිස් අසනීපව රෝහල් ගතව සිටියදී නැරඹීමට ගිය අවස්ථාවේ ගත් ඡුායාරූප හා      තොරතුරු පුවත්පතේ පල කිරීමේ සිදුවීම.
ඒ අනුව ඉතාම වැදගත් වේ. මන්ද මේ පිළබඳ බොහෝ රටවල ආචාරධර්ම සංග‍්‍රහයක් තුළ දක්නට තිිබෙන ලක්ෂණයකි.
5.2. සඳහන් තොරතුරු වලට අනුව දක්වන්නේ නීත්‍යානුකූල පොදු යහපැවැත්ම පිළිබඳ සියලූ කාරණා වාර්තා කිරීම හා අදහස් දැක්වීමට පුවත්පතකට වගකීමක් සහ අයිතියක් තිබෙන බවය. නමුත් එම අයිතිය හා යුතුකම යම් යම් සීමාවන්ට යටත්විය යුතු බව අනු වගන්ති කීපයක් යටතේ දක්වා තිබේ. එනම්,
5.2.1. යුද්ධය සඳහා ප‍්‍රචාරක කටයුතු
5.2.2. ආසන්න ප‍්‍රචන්ඩත්වය උසිගැන්වීම, හෝ
5.2.3. වාර්ගිකත්වය, ජාතිය, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ ආගම මත පදනම් වූ වෛරය ප‍්‍රවර්ධනය කිරීම හා හානි කිරීමට හේතු විය හැකි පුවත්ය.
මේ අනුව මෙහි වැඳගත්කම මනාව පැහැදිලි වේ. සැම විටම පුවත්පත ජනතාවගේ යහපත මිස අයහපතට හෝ සමාජ කැළඹීම් වලට හේතු සපයන්නෙක් නොවිය යුතුය.
6වන වගන්තිය උපදේශ ලෙස නම් කර තිබේ. එය මතභේදාත්මක මාතෘකාවලට තම මතය තදින්ම අවධාරණය කරමින් ප‍්‍රකාශයට පත් කිරීම යුක්ති සහගතය. ඒ යටතේ,
    6.1. කරුණු සහ මතයන් පැහැදිලිව හඳුනාගත හැකි ය.
    6.2. අදාළ කරුණු වැරදි සහගත කිරීම හෝ මැඞීම හෝ නොකළ යුතුය, සහ
    6.3. කරුණු විකෘති නොකළ යුතුය.
මතභේදාත්මක මාතෘකා ඉහත සඳහන් අනු කරුණු යටතේ වාර්ථා කිරීමට පුවත්පතක් ක‍්‍රියා කළ යුතු බව දක්වයි. එහිද කරුණු පැහැදිළිව, වැරදි සහගත කිරීම හා් මැඞීම නොකර සහ විකෘති කිරීම් වලට ලක් නොකර ඉදිරිපත් කළ යුතු බව දක්වන්නේ එහිදී යුක්ති සහගත බව ජනතාවට නැතිනම් පාඨකයින්ට සාධාරණව ලබා ගැනීමට හැකිවන ආකාරයටය. ඒ අනුව මෙම වගන්තියේ වැදගත්කම ඉතාම පැහැදිළිය.

7 වන වගන්තියඅදහස් දක්වා තිබේ.එය අනු වගන්ති 3න් සමන්විත වේ.
7.1 - 7.2 දක්වා තිබෙන්නේ අදහස්, ප‍්‍රකාශයන් හෝ විවේචන සාධාරණව හා අවංකව ඉදිරිපත් කර ඇති විට, මහජන යහපතට සම්බන්ධ  ඕනෑම ක‍්‍රියාවක් හෝ සිද්ධීන් විවේචනය කිරීම හෝ විවේචනය කිරීම සඳහා පුවත්පත් හිමියන්ට අයිතියක් තිබිය යුතුය සහ පුවත්පත් මගින් කළ අදහස් දැක්වීම එය ප‍්‍රකාශයක් බව පැහැදිලිව පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු අතර, සත්‍ය ප‍්‍රකාශිත හෝ සාධාරණව දැක්වෙන කරුණු මත යොමු කළ යුතුය වගේම පුවත්පත් කලාවේදී අදහස් දැක්වීම අවිනිශ්චිත හෝ වංක අභිමතාර්ථයකින් තොරව, අවංක අදහස් ප‍්‍රකාශයක් විය යුතු අතර, කාරණයට අදාළ කරුණුවලට අදාළ සියලූ කරුණු පිළිබඳව සාධාරණ වාර්තාවක් ගත යුතුය යන්න මෙහිදී සඳහන් කර තිබේ.
එහිදී අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයකි. එය පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහයක වැදගත්කම පිළිඹිඹු කරන ප‍්‍රධාන සාධකයකි. එය දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේ තිබෙන වැදගත් ලක්ෂණයකි.
8 වන වගන්තියදරුවන් ලෙස නම් කර තිබේ. මෙය දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28.2 වගන්තියෙහි දක්වා ඇති පනත් කෙටුම්පතේ ද මෙසේ සඳහන් වේ. ”දරුවාගේ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම දරුවාගේ උද්යෝගීමත් වැදගත්කමක් දරයි” යනුවෙන් දක්වා තිබේ.මෙය අනු කොටස් 3න් සමන්විත වේ.
8.1 වාර්ථා කරන්නේ දරුවන් ගැන වාර්තා කරණයකදී විශේෂ සැලකිල්ලක් දැක්වීම මාධ්‍යයන්හි වගකීම බවයි. එහි දී පුවත්පත කුමන ආකාරයක හෝ යම් තොරතුරක් වාර්ථා කිරීමේදී දරුවාට හානියක් සිදුවීමට තිබෙන අවස්ථා මඟ හැරිය යුතු බවයි. ඒ වගේම ඔහු හෝ ඇය නීත්‍යානුකූල භාරකරුවෙකුගේ අනුමැතිය හෝ සමාන වගකීමකින් තොරව සම්මුඛ සාකච්ඡුාවකට, ඡුායාරූපගත කිරීමට යොමු නොකළ යුතුය. හැකි ය. දරුවා තුළින් සමාජයේ අනාගතය දර්ශනය කෙරේ. එම නිසා කිසිඳු විටෙක දරුවාව වගකීමකින් තොරව ජනමාධ්‍ය මඟින් නිරූපනයට බාජනය නොකළ යුතුය. දරුවන්ගේ වගකීම සෑම රජයක් තහවුරු කර තිබේ.
මෙය තව දුරත් 8.2න් විස්තර කරයි. එයළමා හා කාමුක දර්ශන ප‍්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධවයි.මෙහි දී ලිංගික හැසිරීම් වල යෙදී ඇති වයස අවුරුදු 18 ට අඩු අයෙකු ලෙස විස්තර කර ඇති හෝ නිරූපණය කර ඇති හෝ නිරූපනය කළ පුද්ගලයෙකුගේ කවර හෝ ප‍්‍රතිරූපයක් හෝ පුද්ගලයෙකුගේ විස්තරයක් හෝ ලිංගික හැසිරීම් වලට සහභාගී වීම හෝ ඒ සඳහා වෙනත් පුද්ගලයෙකුට ඊට සහාය වීම හෝ සන්දර්භය තුළ ලිංගික සූරාකෑමේ සිදුවීමක් හෝ තත්වයක් හෝ පුද්ගලයාගේ ශරීරයේ හෝ කොටස් පෙන්වීම හෝ  විස්තර කිරීමක් සම්බන්ධ නිරූපනයන් හෝ විස්තර ප‍්‍රකාශයට පත් නොකල යුතුය යන්න දක්වා තිබේ.
8.3. ළමා අපචාර හා අපයෝජනයට ලක් වූ දරුවන් හඳුනා ගැනීම හෝ අපරාධයක් සම්බන්ධයෙන් වරදකරුවන් වී හෝ වරදකරු කරනු ලැබූ දරුවන් (හෝ ඊට සමාන වගකීමකින් යුක්තව* දරුවාගේ කැමැත්ත අනුව ඉදිරිපත් කල යුතුය යන්නය.
මෙය ලංකාවේ පුවත්පත්  ආචාරධර්ම සංග‍්‍රහයේ 6 වන වගන්තිය යටතේ දක්වා තිබේ. මෙහි අවුරුදු 18 අඩු පිරිස ළමුන් ලෙස නම් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ  කාමුක දර්ශන හෝ විස්තර පුවත්පත ප‍්‍රධාන කොට ගත් මාධ්‍ය තුළින් වාර්ථා කාරීමේදී එම ආචාරධර්ම වලට අනුව ක‍්‍රියා කිරීම අවශ්‍යය. ඒ වගේම 8.3 වගන්තියට අනුව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී අපයෝජනයට හෝ වරදකරුවකු, වරදකරුවකුගේ ඥාතීන්ගේ තොරතුරු ඔවුන්ගේ කැමැත්තකින් තොරව ප‍්‍රකාශ නොකළ යුතුය.
මේ යටතේ ළමුන් සම්බන්ධ මෙම වගන්ති ත‍්‍රිත්වය පුරාම තිබෙන කරුණු මෙම පුවත්පත් සංග‍්‍රහයේම තිබෙන වටිනාකම හා වැදගත්කම පිළිඹිඹු කිරීමට සමත් වේ.
9 වන වගන්තිය ප‍්‍රචණ්ඩත්වය ලෙස දක්වයි. එය කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය හා දුක් වේදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නිසි සැලකිල්ල සහ වගකීම ඉටු කළ යුතුය ලෙස දක්වා තිබේ.
පුවත්පතක් සෑමවිටම පාඨකයින්ව අපේක්ෂා කරයි. එහිදී ඔවුන්ගේ මානසිකත්වය හා සංවේදීබාවය පිළිබඳ සැලකිලිමත්විය යුතුය. එම නිසා මෙවැනි තොරතුරු ඉදිරිපත් කිරීමේ දී මෙවන් වාරණයන්ට යටත්වීම තුළ මෙම වගන්තියේ වටිනාකම මනාව පිළිඹිඹු වේ.

10 වනවගන්තියේසිරස්තල, පෝස්ටර්, පින්තූරලෙස දක්වයි.එය අනු වගන්ති 3න් සමන්විත වේ.
එය 10.1, 10.2, 10.3, හි දක්වා තිබෙන්නේ, පින්තූරවලට මාතෘකාව හා මාතෘකාව වාර්තාවේ අන්තර්ගතය හෝ රූපය තුළින් අන්තර්ගතයේ සාධාරණ ප‍්‍රතිබිම්බයක් ලබා දීම පිළිබඳව හා පෝස්ටර් මහජනතාව නොමඟ නොයවා වාර්තා වල අඩංගු අන්තර්ගතයන් සාධාරණ ලෙස නිරූපනය කළ යුතුය. ඒ  අනුව මෙහිදී මෙම වගන්ති වල අන්තර්ගතයට අනුව මෙහි වංචාසහගත ව්‍යාජ තත්ත්වයන් පුවත්පත් වාර්ථාකරුවෙකු නොකළ යුතු බව දක්වා තිබීමෙන් මෙහි වැදගත්කම මනාව පැහැදිළි වේ.

11 වන වගන්තිය අනු වගන්ති 3න් සමන්විත වන අතර එය රහසිගත සහ නිර්නාමික මූලාශ‍්‍ර නම් කර තිබේ. මේ යටතේ, රහස්‍ය තොරතුරු ප‍්‍රභවයන් ආරක්ෂා කිරීමට පුවත්පතට වගකීමක්තිබෙන බව දක්වා තිබේ. ඒ වගේම නිර්නාමික මූලාශ‍්‍ර භාවිතා නොකිරීමට පුවත්පත් මාධ්‍ය කටයුතු කළයුතුවගේම තොරතුරු සනාථ කිරීමේදී ද සැලකිලිමත් විය යුතුය. මන්ද පාඨකයින් පූර්ණ විශ්වාසය තබන්නේ මේ සම්බන්ධව මෙන්ම සමාජය තුළ කටයුතු කිරීමට අවශ්‍ය එදිනෙදා තොරතුරු සම්පාදනය කර ගන්නා එක් මූලාශ‍්‍රයක් වීම ද මෙය වැදගත්වීමට ප‍්‍රබලව බලපාන ලද සාධකයකි.

12 වන වගන්තිය ලිපි සඳහා ගෙවීම ලෙස නම් කර තිබේ. එය, විශේෂයෙන් අපරාධකරුවන් සිටින විට, තොරතුරු ලබා දීම සඳහා තොරතුරු සපයන්නන් හට දැනුම් දීම සඳහා පුවත්පත් කලාවේ යෙදීම් වැළැක්විය යුතුය. අදාල ද්‍රව්‍ය පොදු මහජන උනන්දුවකින් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර ඒ සඳහා ගෙවීමක් අවශ්‍ය වේ යන්න විස්තර කර තිබේ.
මේ ආකාරයට දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේ වැදගත්කම එක් එක් වගන්ති යටතේ පැහැඳිළිව විස්තර කර දැක්විය හැකිය.

Tuesday, August 7, 2018

පේ‍්‍රමය ඉදිරියේ නිරුවත් වීම




ආදරය,දයාව,සෙනෙහස සේම කාමාශාවන්ද වර්තමානය වන විට නවීන තාක්ෂණය විසින් යටපත් කර ගෙන තිබේ. මෙහි මූලික ඉලක්කය වී තිබෙන්නේ තරුණබාල වයස්කාරයේ පසුවන්නන්ය. එදා විවිධ වර්ණයන් ගෙන් සුවඳවත් කළ හසුන්පතින් නිර්මාණශීලී බවින් අග තැන්පත් ආදරනීය වදන් සමුදායකින් ගෙත්තම් වූ හසුන්පතට අමතක නොකර පුංචි නිසදැසක්, කවියක් එක් කළේ හදවතේ පොරකන හැඟුම් සුන්දරව නිරූපනය කරමිනි. එදා එලෙස පෙම්පත් හුවමාරුකර ගනිද්දී අද පෙම්වතා පෙම්වති යඅතරට පැමින ඔවුන්ගේ සියලූ ආශාවන් මුදුන් පමුණුවන්නේ ස්මාර්ට් ෆෝන් එකය. එහෙම නැත්නම් ටැබ් එකය. එහෙම නැත්නම් ලැප්ටොප් එකයි.මේසියලූ තාක්ෂණික මෙවලම් යුවලකගේ ආදර බැඳීම ශක්තිමත් කිරීමට, දැනුම දියුණුකර ගන්නට, නේකවිධ කාර්යයන් ඉටුකරයි.
නවීන තාක්ෂනය නිසි පරිදි හදුන්වන්නේ නම් එදාට වඩා හොඳින් ශක්තිමත් ආදර සබඳතාවන් පවත්වාගෙන යා හැකිවේ.වේලාවක් අවේලාවක් නැති ආදරයට තම පෙම්වතාට හෝ පෙම්වතියට පණිවුඩයක් යැවීමට හැඟුමන් ප‍්‍රකාශනයට ඔහුව නැරඹීමට එදා මෙන් හදවතේ හැඟුම් තෙරපවමින් සිටීමට අවශ්‍ය නැත. කළ යුත්තේ එකෙනෙහිම ඇමතුමක් ගැනීමය. මෙම ඇමතුම බොහෝ විට වීඩියෝ ඇමතුම් වේ. නැතිනම් කෙටිපණිවුඩයක් ටයිප් කර යැවීමයි. එසැනින්ම ඒ සඳහා අනෙක් පාර්ෂවයෙන් පිළිතුරු ලැබෙද්දී නැවත ඊට පිළිතුරු ශීඝ‍්‍රගාමීව යැවේ. මේලෙස විනාඩි කීපයක් තුළ සිය ගණනින් හුවමාරු වන පණිවුඩ ඔස්සේ ආදරය බෙදා හදා ගනී.
තාක්ෂණික දියුණුවත් සමඟ ඇතිවූ විශ්ව ගම්මාන සංකල්පය වර්ථමානය වනවිට කුඩා පවුල පවුලක් බවට පත්ව තිබෙන බව මාෂල් මැක්ලූහාන් පවසයි. ඒත් සමඟම සමාජය මෙන්ම මිනිසාද වෙනසකට බඳුන් වී තිබේ. වර්ථමානයේ සරාගී දර්ශන, චිත‍්‍රපට යනාදිය යන නිර්ණායක බිඳ දමමින් ප‍්‍රදර්ශනය වේ. මෙහි තිබෙන අදුරුපැතිකඩ වන්නේ බාල වයස්කාරය න්අතර පවා නොසෑහෙන ලෙස මෙම දර්ශන හුවමාරු වන නිසා සලිත ව ූමනසකින් නිරතුරුව සිටින මොවුන් අවස්ථාව ලද සැනින් උපරිම ඵන නෙලා ගැනිමට පෙළඹීමයි. ඔවුන්ට ගම්පෙරලියේ නන්දා හෝ පියල් වීමට කිසිසේත් අවශ්‍ය නැත. නූතන තාක්ෂණය ඔස්සේ ගොඩනගා ගන්නා මෙම සබඳතාව තුළ පවතින වාසි අවාසි බවට පෙරළෙන්නේ නොදැනම අමාරුවේ වැටෙන්නට ගියවිටය.
 තරුණ පරපුරට තම අදහස් හුවමාරු කර ගැනීමට පවතින අසීමිත නිදහස හමුවේ එය උපරිමයෙන් භුක්ති විඳියි. කූඩු කර පරෙස්සමින් හදන කිරිල්ලියක ්මෙන් දියනියට මෙය කූඩුවෙන් නිිදහස ලැබූ කිරිල්ලියක සේ පරතෙරක් නොමැති අහසේ අසීමිතව භුක්ති විඳීමට පොළඹවයි. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ  අනන්‍යතාව හෙළි නොකළ පිරිස් සමඟ අදහස් හුවමාරු කර ගැනීම අනිටු ප‍්‍රති විපාක ගෙන දෙන්නක් විය හැකිය. එසේ ඇසුරු කරන දෙදෙනෙක් අවසානයේ පියා හා දියණිය බව දැනගෙන පියා දිවි තොර කර ගැනීම කදිම නිදසුනකි. බාල වයස්කාරයන් සඳහා නම් මෙහිදී කිසිසේත් සමාවක් නොලැබෙනු ඇත. මන්ද ඔවුන් රැුවටී ම්වලට හසුවීමට සහ තව කෙකුගේ ගොදුරක් වන්නට ඇතිඉඩ කඩ බොහෝය. ව්‍යාජ ආදයක් පෙන්වමින් විශ්වාසවන්ත බවක් මවා පාමින් අවසානයේ ලිංගික රැුඟුමන් දක්වාම දුරදිග යයි. ලිංගිකත්වය උද්දීපනය වන කතාබස්, වීඩියෝ ඡුායාරූප ආදියෙන් මෙලෙස පෙළඹීම් වලට මඟ හදා ගනියි. නිරුවත් අසම්මත ඡුායාරූප හුවමාරු අවසානයේ ඔවුන් එකිනෙකා ඉදිරියේ නිරුවත්වීම දක්වා දුරදිග යයි. බාල වයස්කාර පෙම්වතා පෙම්වතිය මෙහි බරපතළකම වටහා නොගෙන මෙවැනි සාහසිකයන්ගේ ක‍්‍රියාවල ගොදුරක් බවටපත්වේ.මෙවැනි නිරුවත්, අඩනිරුවත් ඡුායාරූප සහිත දර්ශන විකිණීමට යන බව පවසමින් තර්ජනය කිරීම හමුවේ ඔහුවු අසරණවෙති. පසුගිය කාලය තුළඅසන්නට ලැබුණු මාතෘකා වූයේ මෙලෙ ෆේස්බුක්  හරහා හදුනා ගත් යුවලක් කාමරය තුළ නිරුවත්ව ගත් ඡුායාරූප දර්ශණ පෙන්වමින් ඇයව අනෙක් පිරිමින් අතර අතිනත යැවීමේ සිදුවීමයි. මෙලෙස බාල වයස්කාර පෙම්වතුන් පෙම්වතියන් නවීන තාක්ෂණයට තම ජීවිතය උගස් කිරීම අමනෝඥ ක‍්‍රියාවකි. ආදරය හමුවේ පෙම්වතා හෝ පෙම්වති යහමුවේ ඔබව නිරුවත් කරන්නට කීවේ නම් එය වීඩියෝ කලේ නම් ඒ කිසිසේත්ම ඔබ කෙරෙහි ආදරය, සෙනෙහස නිසා යැයි ඔබ නොසිතන්න.
ඇතැම් අවස්ථාවල මෙය පෙම්වතා හෝෙ පම්වතිය අතින් පමණක් නොව, ඔබගේ ජංගම දුරකථනය, ටැබ්එක, ලැප්එක, අලූත්වැඩියා කිරීමකදී වෙනත් පුද්ගලයෙකු අතට පත් විය හැකිය. අප සමාජයේ බොහෝ දෙනා මහත් අභිරුචියකින් වෙනත් අයගේ ලිංගික දර්ශන නැරඹීමට යොමු වී තිබේ. එය නරඹනවා පමණක් නොව, එකිනෙකා අතර හුවමාරු කර පහත් අන්දමින් වින්දනයක් ලැබීමට තරම් සමාජය දරුණු වී තිබේ. එලෙස නැරඹූර ටවල් අතර ලංකාව ප‍්‍රමුඛස්ථානයේ පැවතීම මඟින් මොනවට පැහැඳිළි වේ.
මෙවැනි නොමනා ක‍්‍රියා කලාපයන් නිසා අවසානයේ තමාට මෙන් මමවුපියන්, සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතීන්ටද සමාජයට මුහුණදීමට නොහැකිවේ. බොහොමයක් යෞවන යෞවනියන් තාක්ෂණය ඔස්සේ ආදරබර වීමට යාමෙන් සිදුවන්නේ ජීවිතයට අගතියක් පමණී. හැඟුම්බර ආදරයකට නවීන තාක්ෂණය අතර මැදියෙකු වීම නිසා යම් කලකදී නොගැළපීම් හමුවේ වුවද  ඉන් නිදහස් වීමට සිතීමට සිදුවේ. ආදරය වෛරය අතර ඇත්තේ කෙස් ගසක තරම් වෙනසකි. ඒ හමුවේ ඉදිරි සම්බන්ධකම් විවාහයට බලපෑම් ඇතිවේ. ඒවා මුදල්ඉල්ලා කරන බිය වැද්දවීම්, තර්ජනයන් වේවි. එම නිසා එකිනෙකා අතර ඇත ිබැඳීම් උද්යෝගිකර අවස්ථාවකට පැමිණි කල්හි විශ්වාසය මත පදනම් කරගෙන යම් යම් තීන්දු තීරණවලට එලැඹෙන විට තාක්ෂණය අතරමැඳියෙකු කර ගන්නට එන සිතිවිල්ල පවා ජනිත කර ගනු එපා.
ඒ වගේම මුහුකුරා ගියපෙම්වතුන්හෝවිවාහයුවළක් හෝවේවාමෙවැනිඅතිශයපෞද්ගලිකවූ සබඳතා ඡුායාරූප ගත කිරීම, වීඩියෝ ගත කිරීමදැඩිඅවධානමකි. ඒ වගේම ඔබඅතටඑවැනිඡුායාරූප දර්ශන ලැබුනේනම්එය තවත්අයකුගේඅතටපත්වීමටඉඩ තැබීමෙන් වළකින්න.

Friday, August 3, 2018

ලෝක ගුවන්විදුලි ඉතිහාසය

ලෝක ගුවන්විදුලි ඉතිහාසය





ඉංග‍්‍රිසි භාවිත RADIO යන්නසිංහල ගුවන් විදුලිය යැයි සම්මතයට පැමිණ ඇතත් මුල්ම කාලයේ එය හැඳින්වූයේ වයර්ලස් යනුවෙනි. වයර්ලස් යනු රැුහැන් භාවිතයක් තොරව ශබ්දය එක් තැනකසිට තවත් තැනකට සංඥා යැවීමේ ක‍්‍රමවේදයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලිය බිහිවිය. භෞතිකවිද්‍යා පර්යේෂකයෙකු වූජේමිස් ක්ලාක්, මැක්ස්වෙල් වි්‍යුත්චුම්බකශබ්ද තරංග බවට හරවා යැවීමේ හැකියාව පිළිබඳ වර්ෂ 1873 දී පර්යේෂණ පැවැත්වීය.  ඒ අනුව 1874 වනවිට ගුවන්විදුලි තරංග ලොවට හදුන්වා දීමට ඔහුටහැක විය. එංගලන්තයේදී මැක්ස්වෙල් විසින් මෙම පර්යේෂණ සිදුකලද එය ලොවට ප‍්‍රයෝජනවත් වන බලවේගයක් ලෙස යොදා ගනු ලැබුවේ ජර්මන් ජාතික හයිම්බි‍්‍රග් ගර්මින් විසිනි. ඒ 1888 වර්ෂයේ දීය. පසුකා ලයේදී එහි අඩුපාඩුකම් බොහෝදුරට සකස් කිරීමට ඉංග‍්‍රිසි ජාතික සර් ඔලිවර් රොජර්ට හැකිවිය. සංඥා හදුනා ගන්නාන ලයක් නිපද වමින් එය තවදුරටත් අංග සම්පූර්ණ කළේ මහාචාර්්‍ය එඞ්වින් බ‍්‍රැන්ඞ්ලි විසිනි. ගුවන් විදුලි තරංග මගින් ශබ්ද, සංඥා යැවීම පිළිබඳ යම් තරමක සොයා ගැනීම් හා අත්හදා බැලීම් ප‍්‍රමාණයක් සිදු වී තිබුනද එය තව දුරටත් වර්ධනය කරමින් ලෝකයට හදුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි හටය. 1890 වසරවනවිට මාර්කෝනි අත්හදා බැලීම් වලදී අඩි 130ක් දුරට එලෙස ශබ්දය ගුවනින් යැවීමට හැකිවිය. 1896 වසරේ දී මාර්කෝනි තම අත්හදා බැලීම් පිළිබද විස්තර කිරීම සදහා එංගලන්තයට ගිය පස ඔහුගේ පර්යේෂණ අවධියේ ඉංග‍්‍රිසි ජාතික ඔලිවර් ලොජ් ප‍්‍රංශ ජාතික එඞ්වින් බ‍්‍රැන්ඞ්ල රුසිියන ්ජාතික ගීට්‍රෝසන් ඉතාලි ජාතික හියුසෙබ්රියා යන අයගෙන් මේ සම්බන්දව නව සොයා ගැනීම් රැුසක් සිදුවිය. වර්ෂ 1901 වන විට සරුංගලයක් ආධාරයෙ න්එල්ලෙන ඒරියලයක් සාදා ට‍්‍රාන්ස්මීටරය මගින් කොන්වෝල් නගරයේ සිට නිව්පවුන්සිලන්තය දක්වා ගුවන්විදුලි සංඥා යැවීමට මාකෝනිට හැකිවිය. මේ ක‍්‍රමය පොයින්ට්ටූ පොයින්ට් සිග්නලින ්නමින් හැදින්විය. රේඩියෝ - ටෙල්පත් වයර්ලස් මගින් යැවීමේ කටහඩ විසුරුවා හැරීමට පෙර ස්ථිරලෙස තරංග යැවීමේ ක‍්‍රමයක් ගැන 1902 ඩෙන්මාර්ක් ජාතික වැලිඩිමාර් පවුල්සන් විසින් සොයා ගනු ලැබීය.
     1902 වර්ෂයේ දීම මහාචාර්ය ඍග් ප්‍රොසන්ඩන් ගුවන්විදුලි තරංග මගින් සැතපුමක පමන දුරකට කටහඩයැවීමට සමන්විත විය. 1906 වර්ෂය වන විට කතාව පමනක් නොව, සංගීතයද එලෙස සැතපුම් 100ක දුරට යැවීමට ඔහුට හැකිවිය. 1906 වර්ෂයේ දීම ගුවන්විදුලි තරංග පිළිබඳව සාර්ථක ලෙස පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥයෙක් ලෙස ලීඞ් පොරස් හදුන්වාදිය හැකිය. 1906 වර්ෂයේ පලමු ගුවන් විදුලි විකාශනය පිළිබද වාර්තා වන අතර මුලින්ම අසන්නට ලැබී ඇත්තේ ” සීකිව්, සීකිව් ” යන කටහඩ හා කවියකි. එතැන් පටන් ගුවන් විදුලි ග‍්‍රාහක යන්ත‍්‍ර විකිනීම සඳහා නිෂ්පාදනය කර තිබේ. ක‍්‍රි.ව 1908-1914 දක්වා විවිධ පර්යේෂණ රැසක්සිදු වී ඇත. 1915 ඔක්තොම්බර් මාසයේදී ඇමරිකාවේ ටෙලිග‍්‍රාෆ් හා ටෙලිෆෝන් යන සමාගම් එකතු වී ඇලින්ටන්හි සිට අයිෆල් කුළුන දක්වා සැතපුම් 3800ක් පමණ දුරට කතා හා කටහඩ සංගීත යවිසුරුවා ඇත. 20 සියවස වන විට ශබ්ද විකාශනාගාරලෙස ග‍්‍රාහකස්ථාන 20ක් පිහිටනු ලැබූ අතර එම කටයුතු වලදී එංගලන්තය, ඇමරිකාව සහයෝගය දැක්වීය. ගුවන්විදුලියේ දියුණුවට හා විකාශනයට පලමු ලෝකයුද්ධය බෙහෙවින් බලපෑවේය. ගුවන්විදුලිය පිළිබද පර්යේෂණ රැුසක් සිදු කර ඇත්තේ පලමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය අතර ය. ගුවන්විදුලිය මගින් රහස් පණිවිඩ යැවීමට ගුවන් තරංග උපයෝගීකර ගත හැකි බව පවමින් එය සැලසුම් කරන ලද්දේ ජෝන් බර්ඩඞ් හා වෝල්ටර් බැටන් යන පර්යේෂකයන්ය. ඇමරිකන් ජාතික තෝමස් එඞ්සන් ගුවන්විදුලි තරංග ඇද ගත් වෑර් වර්ගය නිපද වීමෙන් පසු ශබ්දවිකාශනය බලවත් විය. යුද්ධ කාලයේදී විවිධ ඉංජිනේරුවන් මෙය භාවිත කර තිබේ. වඩාත් ක‍්‍රමවත් ලෙස ගුවන්විදුලි විකාශන වැඩසටහන් ආරම්භ වූයේ 1922.02.14 ප‍්‍රචාරයවූ ගුවන්විදුලි වැඩසටහන් 1922 වසරේ බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි අයිතිය ආරක්ෂාකර ගැනීමට තැපැල් කාර්යාල යොදාගෙන ඇත. මේකාලයවනවිට බි‍්‍රතාන්‍ය තුළ ගුවන්විදුලි යන්ත‍්‍ර නිපදවීම ආරම්භ වී තිබූ අතර යන්ත‍්‍ර නිෂ්පාදන සමාගම් හයක් එක් වී බි‍්‍රටිෂ්බ්‍රෝඞ්කාස්ට් සමාගම පිහිටුවීය.
පසු කාලීනව 1926 පමන වන විට බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සමාගම අහෝසි වී එය සංස්ථාවක් බවට පත්වීම ගුවන්විදුල ඉතිහාසයේ තවත් වැදගත් සංධිස්ථානයකි. රාජ්‍ය පාලනයක් නොතිබුනද බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සමාගමට රාජ්‍ය අනුග‍්‍රහය නොමදව ලැබී තිබුනි. මෙයඇසුරින් 18 වනසියවසේ මැදසිට 20 සියවසේ මුල්භාගය දක්වා දශක එකහමාරක කාලයක් තුළ ගුවන් විදුලි යන්ත‍්‍රයේ බිහිවීම හා විකාශනය සිදු වී ඇත. ලෝක යුද්ධ සමයේ යුධ කටයුතු, නාවික කටයුතු, වෙළඳ කටයුතු ගුවන්විදුලි තරංග යොදා ගනු ලැබීය. 1925 වනවිට ශ‍්‍රි ලංකාවටද ගුවන්විදුලිය ආගමන යවිය.   

සදාහරිත කුංචනාදය......




හරිත සුවඳසුලං හමන
රිකිලි රෑන් අතු සෙලවෙන
සියොත් නදින් කන් පිනවන
සිංහ රාජෙ මගෙ ගෙදර

රක්වානට මන් බැසගෙන
කැලෑ කිනිති අතු බිදගෙන
මං එනකොට ඇති තේජස
වෙන කොයින්ද මිනිසුනෙ හෙට

දෙපා සත්තු ලෙසටම හිද
දික් කරමින් උන් ගිනිබට
වට කරමින් මා වන තුළ
රැකවල්ලා සිටින කලට

මා නොමැතිව ඇති තේජස
වියැකී යන ඉතිහාසෙට
එක්වෙන බව ලහි ලහියට
සිතුනෙ නැද්ද උඹලා හට

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...