Wednesday, May 30, 2018

කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි




    "කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි " කරයි යන රුවන් වැකිය තරමට ප‍්‍රසිද්ධ කරන වෙනත් අදහසක් මෙතෙක් කියවීම වෙනුවෙන් ගොඩ නැගුනේ නැහැ.මුද්‍රිත මෙන්ම විද්‍යුත් කියවීම මඟින්ද මෙම අදහසෙහි පරිවර්තනයක් සිදු වී නොමැත. නමුත් මෙම අදහසම වෙනස් කරමින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනුවෙන් මේ අදහසට නව අර්ථකතනයක් ලබා දී තිබේ. මෙලොව වෙසෙන සෙසු සත්ත්වයින් හා සසදා බලන කල භාෂාව නිසි පරිදි හැසිරවිය හැක්කේ මිනිසාට පමනි. ලිවීම, කියවීම සන්නිවේදන හැකියාවද ප‍්‍රගුණ කර ඇත්තේ මිනිසා පමනි. මිනිසා දැනුමින්, අත්දැකීම් වලින් සහ කුසලතාවන්ගෙන් පෝෂණය වන්නට ඉවහල් වන්නේ කියවීමයි. 

        ප‍්‍රබන්ධ සාහිත්‍ය කියවීම නිසා පුද්ගලයෙකුට බලපෑමක් සිදු නොවන බව පිළිගත් මතය වුවද නවකතාව තුළින් මොළයේ වෙනස්කම් ඇති කිරීමට හේතු වන බව පිළිගෙන තිබේ. මේ මඟින් මිනිසුන්ගේ ජීවිතය වෙනස් වන බව ජෝර්ජියාවේ ඇටිලන්ටාහි සිදු කරන ලද අධ්‍යනයක් මඟින් වාර්තා කර තිබේ. ඒ අනුව ඔවුන් මොළයේ ක‍්‍රියාකාරී ජාලයක් හදුනා ගැනීමට පරිලෝකන  FMRI  පරීක්ෂණයක් යොදාගෙන තිබේ. මේ වෙනුවෙන් යොදා ගන්නේ ඉතාලියේ විසුවියස් ගිනි කන්ද පිපිරීමේ දරුණු ඛේදවාචකයයි. එයට හේතුව මෙම කතා තේමාව බෙහෙවින් ප‍්‍රබල බව අධ්‍යනය මෙහෙය වන ඇටිලන්ටාහි එමෝරි විශ්ව විද්‍යාලයේ ග්‍රෙගරි බර්න්ස් සදහන් කරන නිසාය.
  
        මෙම පර්යේෂණයෙන් පසුව ග්‍රෙගරි බර්නිස් සඳහන් කරන්නේ මොළයෙහි භාෂාවට සම්බන්ධව තිබෙන කොටසෙහි ඉහළ වර්ධනයක් සිදුව තිබෙන බවයි. ඒ අනුව මිනිසාගේ වම් මොළයෙහි කොටස් භාෂාව හැසිරවීමට බලපාන අතර මධ්‍යම කොටස් චාලක මධ්‍යස්ථානයක් ලෙස බලපාන බව ඔහු පවසයි. මධ්‍යම කොටසේ තිබෙන නියුරෝන කායික සංවර්ධනයට මෙන්ම චාලක ක‍්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වේ. අතීතයේ සිට සමාජ විද්‍යාඥයින්ගේ අධයනයන් තුළින් අදහස් කර තිබුනේ පුද්ගල ගති පැවතුම් වෙනස් කිරීමට පරිසරය මෙන්ම කියවීමට ගන්නා පොත පතෙහි දැනුම බෙහෙවින් සාහිත්‍ය ගොඩ නගන්නට ඉවහල් වන බවයි. ඒ අනුව ග්‍රෙගරි පවසන්නේ නවකතා කියවීම තුළින් පුද්ගලයෙකුගේ මොලයේ සාධනීය ක‍්‍රියාකාරීත්වයට බලපෑමක් සිදු කරන බවය.

        නමුත් වර්තමාන අධ්‍යාපන ක‍්‍රියාවලිය මත දරුවන් පාසැල් වල පවරන වැඩ කොටසට අමතරව අතිරේක කියැවීමකට නොව, කෑමට පවා වෙලාවක් නොමැති බව ඔවුන් පවසයි. වර්තමානයේ අපි පංතිකාමරයෙන් ලබන අධ්‍යාපනය පමනක් නව ලෝකය ජය ගැනීමට කිසිසේත් ප‍්‍රමානවත් නොවේ. සීමිත කාලයක් තුළ ලබන දැනුමට වඩා අමතරව අපේ ඥාන ගබඩාව වර්ධනය කර ගත යුතුය. ඒ සඳහා අප කල යුත්තේ නිරන්තරව පොත් පත් පරිශීලනය කිරීමය. ඒ වගේම ළමුන් ළමා මනසට ගැළපෙන සේ පොත්පත් තෝරා ගත යුතුය. අසභ්‍ය චිත‍්‍ර කතා හා රූප ළමා මනසට හානි ඇති කරවයි. ඒවායෙහි ළමුන්ට ගත හැකි සාරවත් කොටසක් නැත. මනස විකෘති කරවන එවැනි දේ කියැවීමෙන් ඈත් වීම අපේ ඉදිරි දියුණුවට රුකුලකි. මෙම විනාශයෙන් ගැළවීමට නම් දැනුමැති පරිපූර්ණ මිනිසුන් බිහිකර ගත යුතු වේ. ඒ සඳහා සුදුසු පොත් පත් කියැවීමට ළමුන් හුරු පුරුදු කල යුතුය. ඒ සඳහා  අඩිතාලම නිවසින් ආරම්භ කල හැකි වේ. කුඩා කල සිටම කතන්දර, ගී, සිංදු වැනි ළමුන් ප‍්‍රිය කරන නිර්මාණ තුළින් කියවීමට මුලින්ම අඩිතාලම සකස් කල හැකි වේ. එය නිවසේ වැඩිහිටියන්ගේ වගකීමකි. පාසැලේ මෙන්ම නගරයේ ඇති පුස්තකාලය අපේ දැනුම දියුණු කර ගැනීමට මනා පිටුවහලක් සපයන ආයතනයකි. එයින් සමාජයට ලැබෙන්නේ මහඟු පිටුවහලකි. පුස්තකාලය විටෙක අපට දැනුම් සහස‍්‍රයක් ලබා දෙන ගුරුවරයෙක් බඳුය. ඉන් පසුව පාසැල ඊට තෝතැන්නක් කල හැකි වේ. සාහිත්‍ය, ආගම, සිංහළ, ඉතිහාසය, විද්‍යාව, සමාජ විද්‍යාව, වැනි විෂයන්ගෙන් ඒ සඳහා උදව් ලබා ගත හැකිය. උගන්වන විෂය කරුණු වලට අනුවඅමතරව පොතින් පතින් ලබන දැනුම ඇගයීමට ලක් කිරීමෙන් කියවීමේ සංවර්ධනයක් ඇති කල හැකිය.

         වෙනස් වන ලෝකයත් සමග අපත් ඉදිරියට යා යුතුය. එසේ යාමට නම් අපට මුහුකුරා ගිය දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ දැනුම ලබා ගැනීමට නම් අප නිරන්තර අභ්‍යාසයක යෙදිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. ඇත්ත වශයෙන්ම අද ලෝකය දෙස බලන විට එය අතීත ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් බව පැහැදිලි කරුනකි. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ. මාෂල් මැක්ලූහාන්ගේ් නව අර්ථකතනය වන්නේ වර්තමානයේ එය කුඩා පවුලක් බවට පත්ව ඇති බවයි. මේ නිසා ග‍්‍රහලෝක වලට පවා සමීප වෙන්නට මිනිසා  සමත්කම් දක්වා තිබේ. මෙවන් ලෝකයක සැරි සැරීමට නම් අතීතයේ පැවති අපේ දැනුම ප‍්‍රමානවත් නොවේ. උපතේ සිට මිය යන තුරුම අපට කුමක් හෝ යමක් ඉගෙන ගැනීමට ඇත. ලෝකය දියුණු වීමත් සමඟ අප දැනුමෙන්ද සන්නද්ධ විය යුතුය. දැනුම ලබා ගැනීමට නම් අප නිතර බොහෝ දේ කියවිය යුතුය. අධ්‍යනය කල යුතුය. දැනුම ලබා ගැනීම සඳහා කියවිය යුතු දේ බොහෝ ඇත. පොත්, සඟරා, ලිපි, අන්තර්ජාල ඒ අතරින් කීපයකි. මේවා පරිහරණය කිරීම තුළින් ලෝකය පිළිබඳ නව තොරතුරු ගවේෂණය කොට අපේ දැනුම පෝෂණය කර ගත හැකිය. ඒ අනුව කියවීමේ හුරුව ප‍්‍රගුන කල යුත්තේ කුඩා කල සිටමය. එහෙත් අද වැඩිහිටියන් නගන චෝදනාව වන්නේ දරුවන් කියවීමෙන් ඈත් වී සිටින බවත් ඊට ඔවුන් හුරු කිරීම ඉතා අසීරු බවත්ය. නව තාක්ෂණයත් සමඟ දරුවන් මුද්‍රිත මාධ්‍යයෙන් අපගමනය වීමක් දක්නට ලැබෙයි. එසේ වුවහොත් ඉදිරි ලෝකය ජය ගැනීමට අපට නොහැකි වනු ඇත.  එම නිසා කුමක් හෝ වටිනා පොතක් පරිශීලනය කර ලබා ගන්නා දැනුම තුළින් ඉදිරි ලෝකය ජය ගැනීමට පිටිවහලක් සපයනු ඇත. අප ප‍්‍රමාද වුවහොත් අප අතරමඟ නතර කර ලෝකය ඉදිරියට ගමන් කරයි. අනාගත ලෝකය ජය ගැනීමට නම් කියවීම ආරම්භ කල යුත්තේ හෙට නොව, අද සිටයි. එම නිසා නොකිය වූ පොතක් කියවා දැනුම වර්ධනය කර අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුන දීමට අධිෂ්ඨාන කර ගනිමු. 

        

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...