Friday, August 10, 2018




                              \අදාළ රූපය     




දකුණු අප‍්‍රිකානු මුද්‍රිත මාධ්‍ය හා සබන්ධ මාධ්‍ය ආචාර ධර්ම හා චර්යා සංග‍්‍රහය දකුණු අප‍්‍රිකාවේ පුවත්පත් කවුන්සලය සහ දකුණු ආසියාවේ අන්තර් ක‍්‍රියාකාරී දැන්වීම් ප‍්‍රචාරණ කාර්යාංශය මුද්‍රිත සඳහා ආචාර ධර්ම සංග‍්‍රහයක් නිර්මාණය කර තිබේ. එමඟින් දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහය නිර්මාණය කර තිබේ. මෙය 2015 දෙසැම්බර් 31 හෝ ජනවාරි 01 වන දින සිට ක‍්‍රියාත්මක වේ. මෙය ප‍්‍රධාන වගන්ති 12න් සමන්විත වේ.
දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේ දක්වා ඇත්තේ සමාජයට සේවය කිරීමට මාධ්‍යයයන් පවතින බවයි. සමාජය නිශ්චය කර ගන්නා බලවේගයන් ස්වාධීනව  නිරීක්ෂණය කිරීමට මෙන්ම එයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවබෝධකර ගැනීමඅත්‍යයවශ්‍යය බව දක්වා තිබේ. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේදී කේන්ද්‍රීයව පිළිගත් සාධකයක් වන්නේ යම් කාර්යභාරයක් ඉටුකිරීම සඳහා පුරවැසියන්ට දිනපතා ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳතීරණාත්මක විනිශ්චයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසන බවයි. ඒ අනුව මාධ්‍ය විසින් ලබා දෙන තොරතුරු සත්‍ය බවත් වගකීම් සහගත බවත් මෙයින් ගම්‍ය කොට දක්වයි. එය මෙහි පූර්විකාවේ දක්නට ලැබෙන වැදගත්ම සාධකයයි.
මෙහි අයිතිවාසිකම් පනතෙහි 16 වන වගන්තියේ දක්වා ඇත්තේ, සෑම කෙනෙකුටම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බවයි. ඒ යටතේ, පුවත්පත් සහ වෙනත් මාධ්‍ය නිදහස, තොරතුරු හෝ අදහස් ලබා ගැනීම සහ ලබා දීම, කලාත්මක හා නිර්මාණාත්මක නිදහස සහඅධ්‍යයන නිදහස සහ විද්‍යාත්මක පර්යේෂණවල නිදහස තහවුරු කර තිබේ. නමුත් 2.(1*හි උපවගන්තියේ ඇති අයිතීන්ට අනුව, යුද්ධය සඳහා ප‍්‍රචාරක කටයුතු, ආසන්න ප‍්‍රචණ්ඩත්වය උසිගැන්වීම හෝවාර්ගිකත්වය, ස්ත‍්‍රි පුරුෂ භාවය හෝ ආගම මත පදනම් වූ වෛරය ප‍්‍රවර්ධනය කිරීම හා හානි කිරීම සඳහා දිරිගැන්වීම නොකළ යුතුය.
මෙම අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා ඒ කෙරේ විශ්වාසයක් ඇති කිරීම මාධ්‍යයේ වගකීමකි. මන්ද ජනතාව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයෙන් සිටීම ඔවුනට අයිතිවාසිකම් කඩවීමකදී අවශ්‍ය විධිමත් ක‍්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමේ හැකියාව පවතී. ඒ වගේම ඔවුනට එම අයිතිවාසිකම් කඩ නොකර ආරක්ෂා කිරීමට ද හැකියාව පවතී.මාධ්‍යක් වශයෙන් මෙම වගකීම ඉටුකිරීම ඉතාම වැදගත් වේ. ඒ වගේම මාධ්‍යයන් පාඨකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ඉහළ ප‍්‍රමිතියකින් යුතුව තොරතුරු ලබාදීමේ ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතුය.ඔවුන් එහිදී විශේෂයෙන් අනාවරණය කරන්නේ හැම විටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, අනවශ්‍ය හානි වැලැක්වීම, සිදුවීම් පිළිබඳ විවිධාකාරයෙන් අනාවරණය කිරීම, දරුවන්ට සහ අනාරක්ෂිත කණ්ඩායම් සඳහා විශේෂ සැලකිල්ලක් දැක්වීම සඳහා ස්වාධීනව කටයුතු කිරීමයි යන්නය.
දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේඑන පළමු වගන්තිය වන්නේ ප‍්‍රවෘත්ති එකතු කිරීමයි. ඒ යටතේ,
 1.1. පොදු යහපතක් අනෙකක් විසින් නියම කරනු නොලැබුවහොත් නිත්‍යානුකූලව, අවංකව හා සාධාරණව ප‍්‍රවෘත්ති ලබා ගත යුතුය යන්න දක්වා තිබේ. මෙම වගන්තියේ පිළිඹිඹු වන්නේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ ක‍්‍රියාත්මක වන නීති පටිපාටියට අවනතව, අවංකව, සාධාරණව බලධරයින්ගේ අවශ්‍යතාවන්ට අනුව තොරතුරු නොසඟවා පුවත් ඉදිරිපත් කිරීමයි. එහිදී මාධ්‍යයන් විසින් සෘජුව කටයුතු කිරීමේ ගුනය ඉස්මතු වේ. සැම විටම මාධ්‍ය ජනතාවගේ පොදු නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වැදගත්කම මෙයින් පිළිඹිඹු වේ.
 1.2. වගන්තියද ඉතාම වැදගත් වේ. මන්ද මෙහි දී සඳහන් කරන්නේ පුද්ගලික තොරතුරු එක් රැුස් කිරීම හා ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධවය. එහි දී පුද්ගලික තොරතුරු එම පුද්ගලයාගේ තනි කැමැත්තට අනුව ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැති නම් මාධ්‍ය අදාල පුද්ගලයාගේ එකඟතාවය මත නැතිනම් එම පුද්ගලයාට දැනුම් දීඑම තොරතුරු හෙලිදරව් කළ යුතුය. මෙය මාධ්‍යවේදියෙකු නැතිනම් නැතිනම් පුවත්පත් කලාවේදියෙකු විසින් අනුගමනය කල යුතු සදාචාරාත්මක පිළිවෙතකි. මෙය දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහය මඟින් දක්වා තිබෙන වැදගත් වගන්තියකි. මෙම පුවත්පත් සංග‍්‍රහයෙහි වැදගත්කම මෙම වගන්තිය මඟින් මනාව නිරූපනය වේ.
මෙහි 2 වගන්තිය ප‍්‍රවෘත්ති වාර්ථාකරණය ලෙස නම් කර තිබේ. එහි 2.1 වගන්තිය වන්නේ  ප‍්‍රවෘත්ති වාර්ථාකරණයේදී ප‍්‍රවෘත්ති වාර්තා සත්‍ය, නිවැරදි හා සාධාරණ වාර්තාකරණයක් සිදු කිරීමට පුවත්පත කටයුතු කළ යුතු බවයි.
2.2. දක්වන්නේ එය විකෘතිකරණයට, අතිශයෝක්තියට හෝ වැරදියට ලබා දීම, පැහැර හැරීම් හෝ සාරාංශකරණය කිරීමකින් තොරව ඉදිරිපත්කළ යුතු ය. ඒ වගේම නොසැලකිලිමත් ලෙස කටයුතු නොකර සවිස්තරාත්මකව සහ සමබර ලෙස පුවත් ඉදිරිපත් කරීමට පුවත්පත් කලාවේදීන් ක‍්‍රියා කලයුතු බව මෙහිදී දක්වා තිබේ. එය මෙම වගන්තියේ වැදගත්කම මනාව පිළිඹිඹු කරයි.
2.3 - 2.5 දක්වා වගන්ති වල සඳහන් වන්නේ ප‍්‍රවෘත්තියේ මූලාශ‍්‍ර සැලකිල්ලට ගෙන, සාධාරණ සත්‍ය යමක් ඉදිරිපත් කිරීමේදී එම කරුණු වල සන්දර්භය හා වැදගත්කම සම්බන්ධයෙන් විධිමත් ලෙස ප‍්‍රකාශයත් කළ යුතුය යන්නයි. ඒ වගේම වාර්තාවක් මත පදනම් වූ කරුණු හෝ මතයක්, චෝදනාවක්, කටකතා හෝ උපකල්පනය මත පදනම්ව ඉදිරිපත් නොකර, එය පැහැදිලිව නිරූපණය කළහැකි පරිදි සකස් කළයුතුය යන්නයි. ඒ වගේම වාර්ථාවක් නිවැරදි බව තහවුරු කිරීමේ දී ද ඉහත ප‍්‍රතිපත්තියම අනුගමනය කල යුතුය.
2.6.නිවැරදිව ඉදිරිපත් කර නොමැති ප‍්‍රකාශයක් කිරීම නැවත නිවැරදි කර ප‍්‍රකාශයට පත් කිරීමටපුවත්පත් කලාවේදීන් ක‍්‍රියා කලයුතු ය. එය මෙම නැවත නිවැරදි කර  ප‍්‍රකාශයට පත් කළ යුතුය. එය මෙම පුවත්පත් සංග‍්‍රහයේ සඳහන් වන තවත් වැදගත්ම සාධකයකි.
2.7. - 2.8. වගන්තියද ඉතාම වැදගත් වේ.මෙහි අසභ්‍ය ප‍්‍රකාශන, ඡුායාරූප එරට ආචාර ධර්ම සංග‍්‍රහයන්ට අනුකූලව ඉදිරිපත් කලයුතු බව දක්වයි. ඒ වගේමනියම කරීමකින් තොරව, අවසර නොලද පැහැදිලි  ලිංගිකත්වය පිළිබඳ දෘශ්‍යමාන ඉදිරිපත් නොකිරීමට ද ඔවුන්අවනත  විය යුතු බවත් එය ජනමාධ්‍යවේදීන්ට නොගැළපෙන බවත් දක්වා තිබේ.
3න් වන වගන්තිය වන්නේ ස්වාධීනත්වය හා ගැටුම් පිළිබඳ ගැටළු පිළිබඳවයි. එය අනු වගන්ති 4න් සමන්විත වේ.
3.1 හි සඳහන් කරන්නේ දේශපාලනික, පුද්ගලික හෝ වෙනත් වෘත්තීය නොවන කරුණු ලබා ගැනීමේදී බලපෑම් හෝ ආයාචනා කිරීම් සඳහා මාධ්‍ය විසින් අවසර නොදිය යුතුය යන්නයි. ඒ වගේම පාඨකයන්ට  පුවත්පතෙහි සහ වෘත්තීයමය මාධ්‍යවේදීන් පිළිබඳව පේ‍්‍රක්ෂකයන්ට තිබෙන ගැටලූ මඟහැරවීමට ක‍්‍රියා කල යුතුය. එය ඉතාම වැදගත් ගුණාංගයක් වේ. මන්ද යම් තොරතුරක පවතින සත්‍යගරුක බව හා විනිවිදභාවය මාධ්‍යයකට තිබිය යුතුමය.
3.2 - 3.4 හි සඳහන් කරන්නේ  සෑමමාධ්‍යවේදියෙකු විසින්ම අනුගමනය කල යුතු වැදගත්ම ආචාරධර්මයකි. එනම් අල්ලස් හෝ තෑග්ගක් හෝ වෙනත් වාසි ලබා ගැනීවේ අරමුනින්ක‍්‍රියා නොකිරීමයි. මෙය ඉතාම වැදගත් පැතිකඩක් නිරූපනය කරයි. ඒ වගේම පුවත්පත් සකස් කිරීමේ පිරිවැය සඳහා පිටස්තර ආයතනයක් දායක වූ විට මාධ්‍ය පැහැදිලිව ඒ සම්බන්ධව සඳහන් කළ යුතුය. එය මෙහි දක්වා තිබෙන තවත් එක් වැදගත් ලක්ෂණයකි.
4වන වගන්තිය වන්නේ පුද්ගලිකත්වය, පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම, ගරුත්වය සහ පිළිගැනීම යන වගන්ති යටතේ අනු කොටස් 9න් සමන්විත වේ.
4.1. සඳහන් කරන්නේ පෞද්ගලික ජීවිත හා පුද්ගලයන් සම්බන්ධ කාරණාවන් සම්බන්ධයෙන් පුවත්පත්වලට සැලකිල්ල දැක්විය යුතුය. පෞද්ගලිකත්වයේ අයිතිය නීත්‍යානුකූල පොදු යහපතක් යටපත් කර දැමිය හැකිය යන්න මෙහි පළමු වගන්තියෙන් දක්වයි. ඒ වගේම තම පාලනය යටතේ ඇති පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම, අහිමි වීම හෝ අනවසරයෙන් ප‍්‍රවේශ වීම වැළැක්වීම සඳහා පුවත්පත් අවශ්‍ය සාධාරණ පියවර ගත යුතුය යන්න 4.2 වගන්තියෙන් අනාවරණය කරයි. එය තවදුරටත් 4.3 වගන්තිය යටතේ ඒ බව,”එබඳු තොරතුරු සැකසීම සඳහා නීති විරෝධී ප‍්‍රවේශය සීමා කිරීම සහ වළක්වා ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඔවුන්ගේ පාලනයට යටත් පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සාධාරණ පියවර ගත යුතුය” දක්වා තිබේ.
ඒ වගේම 4.7 යටතේ එන4.7.1 වගන්තියේ සිට 4.7.4 දක්වාම මෙම ලබාදෙන හෝ වාර්තා කරනු ලබන තොරතුරු වල සත්‍ය අසත්‍ය බාවය පිළිබඳ ක‍්‍රමවත් පටිපාටියකට අනුව වාර්ථා කරයි. එහිදී මහජන යහපතට අනුකූලව එය සකස් කර පෞර්ෂත්වයට වර්ධනය කර ප‍්‍රකාශ කල යුතු බව දක්වා තිබේ.
4.8වගන්තියේ දක්වා තිබෙන්නේ ලිංගික ප‍්‍රචණ්ඩත්වයේ නියැලෙන අය සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වයේ යෙදී සිටි අයගේ අනන්‍යතාවය හෝ ගොදුරු වූ තැනැත්තෙකුගේ හෝ දරුවන්ගේ තොරතුරු ඔවුන්ගේ නීත්‍යානුකූල භාරකරුවන්ගේ (හෝ සමාන වගකීමකින් යුක්තව* සහ දරුවාගේ අනුමැතිය නොමැතිව ප‍්‍රකාශයට පත් නොකළ යුතුය යන්නය.
4.9 වගන්තියේ  ජනතාවගේ එච්.අයි.වී. ඒඞ්ස් තත්ත්වය ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අනාවරණය නොකළ යුතුය. දරුවන්ගේ තත්වය අනුව, දරුවාගේ පරිශීලක ධාරිතාව නොසලකා දරුවාගේ අනුමැතිය නොමැතිව දරුවාගේ එච්.අයි.වී. / ඒඞීස් තත්ත්වය හෙළි නොකළ යුතු අතර, ඔවුන්ගේ නීත්‍යානුකූල භාරකරුගේ හෝ සමාන වගකීමකින් යුක්තව වැඩිහිටියෙකුගේ අනුමැතිය ඇතිව, එබඳු හෙළිදරව් කිරීම පොදු යහපතට අයත් වන අතර එය දරුවාගේ යහපතට හේතු වේ.
පුද්ගලයෙකුගේ රහස්‍ය හෝ පෞද්ගලික තොරතුරු මාධ්‍යයට නිරාවරණය කිරීමෙන් ඇයගේ හෝ ඔහුගේ පැවැත්මට ප‍්‍රබල බලපෑමක් වන නිසාය. ඒ අනුව මෙම කරුණු අත්හදා බැලීම තුළින් පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහය ඉතාම ඉහළ මට්ටමින් පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය මෙන්ම ඔහුගේ සමාජමය තත්ත්වය ආරක්ෂා කිරීම මෙම වගන්තියේ තිබෙන ප‍්‍රධානම වැදගත්කමයිි.
5 වෙනි වගන්තියේ සඳහන් කරන්නේ සඳහන් වන්නේ වෙනස්කම් කිරීම සහ ද්වේශ සහගත ප‍්‍රකාශ කිරීම් සම්බන්ධවය. මෙය අනු වගන්ති 2න් සමන්විත වේ.
5.1. වගන්තියෙන් සඳහන් කරන්නේ පුවත්පත් විසින් තොරතුරු වාර්තා කිරීමේ දී එය ජනතාවගේ පොදු යහපත වන මූල සාධකය ප‍්‍රමුඛ කොට ගෙන කටයුතු කළ යුතු බව යන්නයි.එහිදී ස්ත‍්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ගර්භණීභාවය, විවාහක තත්වය, ජනවාර්ගික හෝ සමාජ සම්භවය, වර්ණය, වයස, ආබාධිතභාවය, ආගම, හෘදය සාක්ෂිය, විශ්වාසය, සංස්කෘතිය, භාෂාව සහ උපත හෝ වෙනත් තත්ත්වයන්, හෝ අගතිගාමී හෝ උග‍්‍ර ප‍්‍රජනක සන්දර්භය පිළිබඳ තොරතුරු සඳහන් නොකල යුතු බවයි යන්නය. එහිදී එම තොරතුරට භාජනය වන පුද්ගලයෙකුගේ පෞර්ෂත්වයට ප‍්‍රබලව හානි කරයි. පුවත්පතක් විසින් තොරතුරු  සපයන විට පාඨකයා එහිදී ප‍්‍රධාන ඉලක්කය කර ගන්නා විට ඔවුන්ගේ තත්ත්වය සුරක්ෂිත කිරීම පුවත්පතේ ප‍්‍රධාන වගකීමයි. එම නිසා මෙම වගන්තිය ඉතාම වැදගත් වේ.
මෙය ලංකාවේ පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහයේ 6.3 - 6.4 යන වගන්තිවල සඳහන් කර තිබේ. එහිදී එක් උදාහරණයක් ලෙස,
     ශිරන්ති රාජපක්ෂ සුමිත‍්‍රා පීරිස් අසනීපව රෝහල් ගතව සිටියදී නැරඹීමට ගිය අවස්ථාවේ ගත් ඡුායාරූප හා      තොරතුරු පුවත්පතේ පල කිරීමේ සිදුවීම.
ඒ අනුව ඉතාම වැදගත් වේ. මන්ද මේ පිළබඳ බොහෝ රටවල ආචාරධර්ම සංග‍්‍රහයක් තුළ දක්නට තිිබෙන ලක්ෂණයකි.
5.2. සඳහන් තොරතුරු වලට අනුව දක්වන්නේ නීත්‍යානුකූල පොදු යහපැවැත්ම පිළිබඳ සියලූ කාරණා වාර්තා කිරීම හා අදහස් දැක්වීමට පුවත්පතකට වගකීමක් සහ අයිතියක් තිබෙන බවය. නමුත් එම අයිතිය හා යුතුකම යම් යම් සීමාවන්ට යටත්විය යුතු බව අනු වගන්ති කීපයක් යටතේ දක්වා තිබේ. එනම්,
5.2.1. යුද්ධය සඳහා ප‍්‍රචාරක කටයුතු
5.2.2. ආසන්න ප‍්‍රචන්ඩත්වය උසිගැන්වීම, හෝ
5.2.3. වාර්ගිකත්වය, ජාතිය, ස්ත‍්‍රී පුරුෂභාවය හෝ ආගම මත පදනම් වූ වෛරය ප‍්‍රවර්ධනය කිරීම හා හානි කිරීමට හේතු විය හැකි පුවත්ය.
මේ අනුව මෙහි වැඳගත්කම මනාව පැහැදිලි වේ. සැම විටම පුවත්පත ජනතාවගේ යහපත මිස අයහපතට හෝ සමාජ කැළඹීම් වලට හේතු සපයන්නෙක් නොවිය යුතුය.
6වන වගන්තිය උපදේශ ලෙස නම් කර තිබේ. එය මතභේදාත්මක මාතෘකාවලට තම මතය තදින්ම අවධාරණය කරමින් ප‍්‍රකාශයට පත් කිරීම යුක්ති සහගතය. ඒ යටතේ,
    6.1. කරුණු සහ මතයන් පැහැදිලිව හඳුනාගත හැකි ය.
    6.2. අදාළ කරුණු වැරදි සහගත කිරීම හෝ මැඞීම හෝ නොකළ යුතුය, සහ
    6.3. කරුණු විකෘති නොකළ යුතුය.
මතභේදාත්මක මාතෘකා ඉහත සඳහන් අනු කරුණු යටතේ වාර්ථා කිරීමට පුවත්පතක් ක‍්‍රියා කළ යුතු බව දක්වයි. එහිද කරුණු පැහැදිළිව, වැරදි සහගත කිරීම හා් මැඞීම නොකර සහ විකෘති කිරීම් වලට ලක් නොකර ඉදිරිපත් කළ යුතු බව දක්වන්නේ එහිදී යුක්ති සහගත බව ජනතාවට නැතිනම් පාඨකයින්ට සාධාරණව ලබා ගැනීමට හැකිවන ආකාරයටය. ඒ අනුව මෙම වගන්තියේ වැදගත්කම ඉතාම පැහැදිළිය.

7 වන වගන්තියඅදහස් දක්වා තිබේ.එය අනු වගන්ති 3න් සමන්විත වේ.
7.1 - 7.2 දක්වා තිබෙන්නේ අදහස්, ප‍්‍රකාශයන් හෝ විවේචන සාධාරණව හා අවංකව ඉදිරිපත් කර ඇති විට, මහජන යහපතට සම්බන්ධ  ඕනෑම ක‍්‍රියාවක් හෝ සිද්ධීන් විවේචනය කිරීම හෝ විවේචනය කිරීම සඳහා පුවත්පත් හිමියන්ට අයිතියක් තිබිය යුතුය සහ පුවත්පත් මගින් කළ අදහස් දැක්වීම එය ප‍්‍රකාශයක් බව පැහැදිලිව පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු අතර, සත්‍ය ප‍්‍රකාශිත හෝ සාධාරණව දැක්වෙන කරුණු මත යොමු කළ යුතුය වගේම පුවත්පත් කලාවේදී අදහස් දැක්වීම අවිනිශ්චිත හෝ වංක අභිමතාර්ථයකින් තොරව, අවංක අදහස් ප‍්‍රකාශයක් විය යුතු අතර, කාරණයට අදාළ කරුණුවලට අදාළ සියලූ කරුණු පිළිබඳව සාධාරණ වාර්තාවක් ගත යුතුය යන්න මෙහිදී සඳහන් කර තිබේ.
එහිදී අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයකි. එය පුවත්පත් ආචාරධර්ම සංග‍්‍රහයක වැදගත්කම පිළිඹිඹු කරන ප‍්‍රධාන සාධකයකි. එය දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේ තිබෙන වැදගත් ලක්ෂණයකි.
8 වන වගන්තියදරුවන් ලෙස නම් කර තිබේ. මෙය දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28.2 වගන්තියෙහි දක්වා ඇති පනත් කෙටුම්පතේ ද මෙසේ සඳහන් වේ. ”දරුවාගේ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම දරුවාගේ උද්යෝගීමත් වැදගත්කමක් දරයි” යනුවෙන් දක්වා තිබේ.මෙය අනු කොටස් 3න් සමන්විත වේ.
8.1 වාර්ථා කරන්නේ දරුවන් ගැන වාර්තා කරණයකදී විශේෂ සැලකිල්ලක් දැක්වීම මාධ්‍යයන්හි වගකීම බවයි. එහි දී පුවත්පත කුමන ආකාරයක හෝ යම් තොරතුරක් වාර්ථා කිරීමේදී දරුවාට හානියක් සිදුවීමට තිබෙන අවස්ථා මඟ හැරිය යුතු බවයි. ඒ වගේම ඔහු හෝ ඇය නීත්‍යානුකූල භාරකරුවෙකුගේ අනුමැතිය හෝ සමාන වගකීමකින් තොරව සම්මුඛ සාකච්ඡුාවකට, ඡුායාරූපගත කිරීමට යොමු නොකළ යුතුය. හැකි ය. දරුවා තුළින් සමාජයේ අනාගතය දර්ශනය කෙරේ. එම නිසා කිසිඳු විටෙක දරුවාව වගකීමකින් තොරව ජනමාධ්‍ය මඟින් නිරූපනයට බාජනය නොකළ යුතුය. දරුවන්ගේ වගකීම සෑම රජයක් තහවුරු කර තිබේ.
මෙය තව දුරත් 8.2න් විස්තර කරයි. එයළමා හා කාමුක දර්ශන ප‍්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධවයි.මෙහි දී ලිංගික හැසිරීම් වල යෙදී ඇති වයස අවුරුදු 18 ට අඩු අයෙකු ලෙස විස්තර කර ඇති හෝ නිරූපණය කර ඇති හෝ නිරූපනය කළ පුද්ගලයෙකුගේ කවර හෝ ප‍්‍රතිරූපයක් හෝ පුද්ගලයෙකුගේ විස්තරයක් හෝ ලිංගික හැසිරීම් වලට සහභාගී වීම හෝ ඒ සඳහා වෙනත් පුද්ගලයෙකුට ඊට සහාය වීම හෝ සන්දර්භය තුළ ලිංගික සූරාකෑමේ සිදුවීමක් හෝ තත්වයක් හෝ පුද්ගලයාගේ ශරීරයේ හෝ කොටස් පෙන්වීම හෝ  විස්තර කිරීමක් සම්බන්ධ නිරූපනයන් හෝ විස්තර ප‍්‍රකාශයට පත් නොකල යුතුය යන්න දක්වා තිබේ.
8.3. ළමා අපචාර හා අපයෝජනයට ලක් වූ දරුවන් හඳුනා ගැනීම හෝ අපරාධයක් සම්බන්ධයෙන් වරදකරුවන් වී හෝ වරදකරු කරනු ලැබූ දරුවන් (හෝ ඊට සමාන වගකීමකින් යුක්තව* දරුවාගේ කැමැත්ත අනුව ඉදිරිපත් කල යුතුය යන්නය.
මෙය ලංකාවේ පුවත්පත්  ආචාරධර්ම සංග‍්‍රහයේ 6 වන වගන්තිය යටතේ දක්වා තිබේ. මෙහි අවුරුදු 18 අඩු පිරිස ළමුන් ලෙස නම් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ  කාමුක දර්ශන හෝ විස්තර පුවත්පත ප‍්‍රධාන කොට ගත් මාධ්‍ය තුළින් වාර්ථා කාරීමේදී එම ආචාරධර්ම වලට අනුව ක‍්‍රියා කිරීම අවශ්‍යය. ඒ වගේම 8.3 වගන්තියට අනුව තොරතුරු ඉදිරිපත් කිරීමේ දී අපයෝජනයට හෝ වරදකරුවකු, වරදකරුවකුගේ ඥාතීන්ගේ තොරතුරු ඔවුන්ගේ කැමැත්තකින් තොරව ප‍්‍රකාශ නොකළ යුතුය.
මේ යටතේ ළමුන් සම්බන්ධ මෙම වගන්ති ත‍්‍රිත්වය පුරාම තිබෙන කරුණු මෙම පුවත්පත් සංග‍්‍රහයේම තිබෙන වටිනාකම හා වැදගත්කම පිළිඹිඹු කිරීමට සමත් වේ.
9 වන වගන්තිය ප‍්‍රචණ්ඩත්වය ලෙස දක්වයි. එය කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය හා දුක් වේදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නිසි සැලකිල්ල සහ වගකීම ඉටු කළ යුතුය ලෙස දක්වා තිබේ.
පුවත්පතක් සෑමවිටම පාඨකයින්ව අපේක්ෂා කරයි. එහිදී ඔවුන්ගේ මානසිකත්වය හා සංවේදීබාවය පිළිබඳ සැලකිලිමත්විය යුතුය. එම නිසා මෙවැනි තොරතුරු ඉදිරිපත් කිරීමේ දී මෙවන් වාරණයන්ට යටත්වීම තුළ මෙම වගන්තියේ වටිනාකම මනාව පිළිඹිඹු වේ.

10 වනවගන්තියේසිරස්තල, පෝස්ටර්, පින්තූරලෙස දක්වයි.එය අනු වගන්ති 3න් සමන්විත වේ.
එය 10.1, 10.2, 10.3, හි දක්වා තිබෙන්නේ, පින්තූරවලට මාතෘකාව හා මාතෘකාව වාර්තාවේ අන්තර්ගතය හෝ රූපය තුළින් අන්තර්ගතයේ සාධාරණ ප‍්‍රතිබිම්බයක් ලබා දීම පිළිබඳව හා පෝස්ටර් මහජනතාව නොමඟ නොයවා වාර්තා වල අඩංගු අන්තර්ගතයන් සාධාරණ ලෙස නිරූපනය කළ යුතුය. ඒ  අනුව මෙහිදී මෙම වගන්ති වල අන්තර්ගතයට අනුව මෙහි වංචාසහගත ව්‍යාජ තත්ත්වයන් පුවත්පත් වාර්ථාකරුවෙකු නොකළ යුතු බව දක්වා තිබීමෙන් මෙහි වැදගත්කම මනාව පැහැදිළි වේ.

11 වන වගන්තිය අනු වගන්ති 3න් සමන්විත වන අතර එය රහසිගත සහ නිර්නාමික මූලාශ‍්‍ර නම් කර තිබේ. මේ යටතේ, රහස්‍ය තොරතුරු ප‍්‍රභවයන් ආරක්ෂා කිරීමට පුවත්පතට වගකීමක්තිබෙන බව දක්වා තිබේ. ඒ වගේම නිර්නාමික මූලාශ‍්‍ර භාවිතා නොකිරීමට පුවත්පත් මාධ්‍ය කටයුතු කළයුතුවගේම තොරතුරු සනාථ කිරීමේදී ද සැලකිලිමත් විය යුතුය. මන්ද පාඨකයින් පූර්ණ විශ්වාසය තබන්නේ මේ සම්බන්ධව මෙන්ම සමාජය තුළ කටයුතු කිරීමට අවශ්‍ය එදිනෙදා තොරතුරු සම්පාදනය කර ගන්නා එක් මූලාශ‍්‍රයක් වීම ද මෙය වැදගත්වීමට ප‍්‍රබලව බලපාන ලද සාධකයකි.

12 වන වගන්තිය ලිපි සඳහා ගෙවීම ලෙස නම් කර තිබේ. එය, විශේෂයෙන් අපරාධකරුවන් සිටින විට, තොරතුරු ලබා දීම සඳහා තොරතුරු සපයන්නන් හට දැනුම් දීම සඳහා පුවත්පත් කලාවේ යෙදීම් වැළැක්විය යුතුය. අදාල ද්‍රව්‍ය පොදු මහජන උනන්දුවකින් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර ඒ සඳහා ගෙවීමක් අවශ්‍ය වේ යන්න විස්තර කර තිබේ.
මේ ආකාරයට දකුණු අප‍්‍රිකානු පුවත්පත් සංග‍්‍රහයේ වැදගත්කම එක් එක් වගන්ති යටතේ පැහැඳිළිව විස්තර කර දැක්විය හැකිය.

5 comments:

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...