Wednesday, August 22, 2018

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....





රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා ගුරු භවතුන්ද වෙහෙස වෙයි. එවන් වූ හිංසක මල් කැකුළු වල අනාගතයට වර්ථමානයේ සිදුව තිබෙන ඛේදවාචකය ඉතාම දරුණුය. එක් අතකින් මත්ද්‍රව්‍ය රට තුළ පිළලයක්ව මුළු සමාජයම ගිල ගනිමින් පවතී. මෙවන් සමාජයක දරුවෙකුගේ ආරක්ෂාව පිළිබඳ වැඩිහිටියන් කෙතරම් සුපරික්ෂාකාරී විය යුතුද යන්න පැහැදිළි වේ.  පාසැල් යන දරුවා පාසැල තුළින්ම මත්ද්‍රව්‍ය වලට යොමු වේ. අද කාගේ හෝ බොරු පුරසාරම් විශ්වාස කරන පුංචි දරුවන්ව මෙලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට පහසු කාර්යයකි. දිනක් දෙකක් ඔවුනට මත්ද්‍රව්‍යනොමිලේ ලබා දෙයි. පසුව ස් සඳහා සුළු මිලක් අය කරයි. අනෙක් යහළුවන්ද මෙයට යොමු කරවීමට උපදෙස් ලබා දෙයි. මේ අකාරයට රහසිගතව සූක්ෂමව මෙම ව්‍යාපාරය කරගෙන යාමට ඔවුන්ව පෙළඹවීම මත්ද්‍රව්‍ය ව්‍යාපාරකයින් සමත් වේ. මෙය වර්ථමානයේ යොවුන් වියේ පසුවන පාසැල් තරුණයින් අතර ඉතාම ජනප‍්‍රිය වේ. එය කෙතරම්ද යත් පසුකාලීනව රෝග සඳහා ගෙන එන ලද ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට පෙළඹීමෙන් එය තහවුරු කිරීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙකු සෑම විටම සිටින්නේ සිහි විකල් වූවකු ලෙසිනි. ඔහුට අන් අය පිළිබඳ කිසිදු හැඟීමක් දැනීමක් නැත. එහු තමාට මෙන්ම ඇස ගැටෙන සියලූ දෙනාට හිංසා කිරීමට යොමු වන්නේ ඒ නිසාය. කොතෙකුත් අමධයප ව්‍යාපාර, මත්ද්‍රව්‍ය වැළැක්වීමේ සාකච්ඡුා පැවැත්වුවද මෙහි අඩුවක් දක්නට නොලැබෙන අතර සීග‍්‍ර වර්ධනයක් නම් දක්නට ලැබේ. ඒ වගේම අති භයානක මත්ද්‍රව්‍ය බිහිව තිබෙන්නේද එහි ප‍්‍රථිඵලයක් ලෙසයි. එය ZOMBI DRUGS කල්හි පැහැදිළි වේ. මෙයට ඇබ්බැහි වූඅයෙකුගේ හැසිරීම ඉතාම භයානකය. යෙම භාවිත කළ අයකුගේ ශරීර උස්නත්වය සෙල්ෂියස් අංශක 104 දක්වා ඉහළ යයි. ඒ වගේම ඔවුන්ට උරුම වන්නේ ඉතාම වේදනාකාරී භයිණක මරණයයි. මෙවන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට ඉඩ නොදීම රටේ පාලකයින් ප‍්‍රධානතම වගකීමකි.
ඒ වගේම මත්ද්‍රව්‍යයට හා ගින්නට හසු වුඅයෙකුගේ බිල්ල වන්නේ අහිංසක දැරියෙකි.ඒ බව මෑතකදී සිදු වූ සිදුවීම් කීපයක් තුළින්ම පැහැදිළිව අනාවරණය වේ. ගිරිබාව ප‍්‍රදේශයේ පාසැල් දැරිය අභාග්‍ය සම්පන්න ලෙස ¥ෂනය කර මරා දැමීම මෙන්ම එම සිදුවීම සිදුවී එහි ඛේදවාචකය පහව යන්නටත් පෙරම රටම හඩවමින් රක්වාන උසස් පෙළ සිසුවියද ඝාතනය කර තිබුනි. අසීමිත හැඟීම් වලට පාලනයක් නොකොට රිසි සේ මුදාහැරීමට වගකිව යුත්තේ අහිංසක දියනියක්ද යන්න බොහෝ මව් පියවරුන්ගේ දෙනෙතින් ගලා යන කදුලින් ඇසු ප‍්‍රශ්ණයයි. මීට පෙර විද්‍යා නැමැති පාසැල් දැරියද සමූහ දූශණයකට ලක් කොට මරා දැමුවේය. ඒ වගේම හය හතර නොතේරෙන සේයා සදෙව්මි දියනියටද මෙම ඉරනමට මුහුණ දෙන්නට සිදු විය. මහපෙළොවේ පවට උපන් පාපතරයන් ළිංගික සුවය මල්පොහොට්ටුවකින් සොයද්දී එු වේදනාව පවා මිහිතලයට එක් කිරීමට අවසරයක් නොතිබිනි. ඔහු ඒ වන විටත් රා බෝතල් දෙක හමාරක් සහ කේරල ගංජා පානය කර සිටි බව පවසා තිබුනේය. අනේක විධ වද වේදනාවන් දෙමින් ඔවුන්ගේ ළිංගික ආශාව තෘප්ත කර ගනීමට පෙලෙස දරුවන්ගේ ජීවිත විනාශ කරන විට ඔවුන් මත් වු යක්ෂයන් ඉදිරියේ ඒ මොහොතේ අසරණ වූ බව කියන්නට අපේ වචන ප‍්‍රමානවත් නොවේ.
නමුත් අවසානයක් තිබේද? සේයා, විද්‍යා රටක් හඩවා මෙරට පාලකයින්ට පණීවිඩයක් ලබා දි යලි නොඑන්නම ගියද එය ඉතාම කෙටි කාගයකට සීමා විය. යළිදු පාපතරයින් ඔවුන්ගේ සුපුරුදු ක‍්‍රියාවන්හි නිරත වේ. පාලකයින් බුදුන් වැඩි රටේ මෙවැනි මිහිකත නොඉවසන අපරාධ වැළැක්වීටම අවැසී නිසි දඩුවම් ගෙන එ්ම ඔබගේ වගකීමයි. මෙම පුංචි රට පාපතර සල්ලාලයින්ගේ ග‍්‍රහනයට නතු වීමට ඉඩ නොදී අහිංසක මල් කැකුළු වල අනාගතය සුරක්ෂිත කර ඔවුනට අවසි රැකවරණය සැලසීම පාලකයිනා ඔබේ භාර වගකීමකි.

No comments:

Post a Comment

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...