Friday, August 3, 2018

ලෝක ගුවන්විදුලි ඉතිහාසය

ලෝක ගුවන්විදුලි ඉතිහාසය





ඉංග‍්‍රිසි භාවිත RADIO යන්නසිංහල ගුවන් විදුලිය යැයි සම්මතයට පැමිණ ඇතත් මුල්ම කාලයේ එය හැඳින්වූයේ වයර්ලස් යනුවෙනි. වයර්ලස් යනු රැුහැන් භාවිතයක් තොරව ශබ්දය එක් තැනකසිට තවත් තැනකට සංඥා යැවීමේ ක‍්‍රමවේදයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලිය බිහිවිය. භෞතිකවිද්‍යා පර්යේෂකයෙකු වූජේමිස් ක්ලාක්, මැක්ස්වෙල් වි්‍යුත්චුම්බකශබ්ද තරංග බවට හරවා යැවීමේ හැකියාව පිළිබඳ වර්ෂ 1873 දී පර්යේෂණ පැවැත්වීය.  ඒ අනුව 1874 වනවිට ගුවන්විදුලි තරංග ලොවට හදුන්වා දීමට ඔහුටහැක විය. එංගලන්තයේදී මැක්ස්වෙල් විසින් මෙම පර්යේෂණ සිදුකලද එය ලොවට ප‍්‍රයෝජනවත් වන බලවේගයක් ලෙස යොදා ගනු ලැබුවේ ජර්මන් ජාතික හයිම්බි‍්‍රග් ගර්මින් විසිනි. ඒ 1888 වර්ෂයේ දීය. පසුකා ලයේදී එහි අඩුපාඩුකම් බොහෝදුරට සකස් කිරීමට ඉංග‍්‍රිසි ජාතික සර් ඔලිවර් රොජර්ට හැකිවිය. සංඥා හදුනා ගන්නාන ලයක් නිපද වමින් එය තවදුරටත් අංග සම්පූර්ණ කළේ මහාචාර්්‍ය එඞ්වින් බ‍්‍රැන්ඞ්ලි විසිනි. ගුවන් විදුලි තරංග මගින් ශබ්ද, සංඥා යැවීම පිළිබඳ යම් තරමක සොයා ගැනීම් හා අත්හදා බැලීම් ප‍්‍රමාණයක් සිදු වී තිබුනද එය තව දුරටත් වර්ධනය කරමින් ලෝකයට හදුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි හටය. 1890 වසරවනවිට මාර්කෝනි අත්හදා බැලීම් වලදී අඩි 130ක් දුරට එලෙස ශබ්දය ගුවනින් යැවීමට හැකිවිය. 1896 වසරේ දී මාර්කෝනි තම අත්හදා බැලීම් පිළිබද විස්තර කිරීම සදහා එංගලන්තයට ගිය පස ඔහුගේ පර්යේෂණ අවධියේ ඉංග‍්‍රිසි ජාතික ඔලිවර් ලොජ් ප‍්‍රංශ ජාතික එඞ්වින් බ‍්‍රැන්ඞ්ල රුසිියන ්ජාතික ගීට්‍රෝසන් ඉතාලි ජාතික හියුසෙබ්රියා යන අයගෙන් මේ සම්බන්දව නව සොයා ගැනීම් රැුසක් සිදුවිය. වර්ෂ 1901 වන විට සරුංගලයක් ආධාරයෙ න්එල්ලෙන ඒරියලයක් සාදා ට‍්‍රාන්ස්මීටරය මගින් කොන්වෝල් නගරයේ සිට නිව්පවුන්සිලන්තය දක්වා ගුවන්විදුලි සංඥා යැවීමට මාකෝනිට හැකිවිය. මේ ක‍්‍රමය පොයින්ට්ටූ පොයින්ට් සිග්නලින ්නමින් හැදින්විය. රේඩියෝ - ටෙල්පත් වයර්ලස් මගින් යැවීමේ කටහඩ විසුරුවා හැරීමට පෙර ස්ථිරලෙස තරංග යැවීමේ ක‍්‍රමයක් ගැන 1902 ඩෙන්මාර්ක් ජාතික වැලිඩිමාර් පවුල්සන් විසින් සොයා ගනු ලැබීය.
     1902 වර්ෂයේ දීම මහාචාර්ය ඍග් ප්‍රොසන්ඩන් ගුවන්විදුලි තරංග මගින් සැතපුමක පමන දුරකට කටහඩයැවීමට සමන්විත විය. 1906 වර්ෂය වන විට කතාව පමනක් නොව, සංගීතයද එලෙස සැතපුම් 100ක දුරට යැවීමට ඔහුට හැකිවිය. 1906 වර්ෂයේ දීම ගුවන්විදුලි තරංග පිළිබඳව සාර්ථක ලෙස පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥයෙක් ලෙස ලීඞ් පොරස් හදුන්වාදිය හැකිය. 1906 වර්ෂයේ පලමු ගුවන් විදුලි විකාශනය පිළිබද වාර්තා වන අතර මුලින්ම අසන්නට ලැබී ඇත්තේ ” සීකිව්, සීකිව් ” යන කටහඩ හා කවියකි. එතැන් පටන් ගුවන් විදුලි ග‍්‍රාහක යන්ත‍්‍ර විකිනීම සඳහා නිෂ්පාදනය කර තිබේ. ක‍්‍රි.ව 1908-1914 දක්වා විවිධ පර්යේෂණ රැසක්සිදු වී ඇත. 1915 ඔක්තොම්බර් මාසයේදී ඇමරිකාවේ ටෙලිග‍්‍රාෆ් හා ටෙලිෆෝන් යන සමාගම් එකතු වී ඇලින්ටන්හි සිට අයිෆල් කුළුන දක්වා සැතපුම් 3800ක් පමණ දුරට කතා හා කටහඩ සංගීත යවිසුරුවා ඇත. 20 සියවස වන විට ශබ්ද විකාශනාගාරලෙස ග‍්‍රාහකස්ථාන 20ක් පිහිටනු ලැබූ අතර එම කටයුතු වලදී එංගලන්තය, ඇමරිකාව සහයෝගය දැක්වීය. ගුවන්විදුලියේ දියුණුවට හා විකාශනයට පලමු ලෝකයුද්ධය බෙහෙවින් බලපෑවේය. ගුවන්විදුලිය පිළිබද පර්යේෂණ රැුසක් සිදු කර ඇත්තේ පලමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය අතර ය. ගුවන්විදුලිය මගින් රහස් පණිවිඩ යැවීමට ගුවන් තරංග උපයෝගීකර ගත හැකි බව පවමින් එය සැලසුම් කරන ලද්දේ ජෝන් බර්ඩඞ් හා වෝල්ටර් බැටන් යන පර්යේෂකයන්ය. ඇමරිකන් ජාතික තෝමස් එඞ්සන් ගුවන්විදුලි තරංග ඇද ගත් වෑර් වර්ගය නිපද වීමෙන් පසු ශබ්දවිකාශනය බලවත් විය. යුද්ධ කාලයේදී විවිධ ඉංජිනේරුවන් මෙය භාවිත කර තිබේ. වඩාත් ක‍්‍රමවත් ලෙස ගුවන්විදුලි විකාශන වැඩසටහන් ආරම්භ වූයේ 1922.02.14 ප‍්‍රචාරයවූ ගුවන්විදුලි වැඩසටහන් 1922 වසරේ බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි අයිතිය ආරක්ෂාකර ගැනීමට තැපැල් කාර්යාල යොදාගෙන ඇත. මේකාලයවනවිට බි‍්‍රතාන්‍ය තුළ ගුවන්විදුලි යන්ත‍්‍ර නිපදවීම ආරම්භ වී තිබූ අතර යන්ත‍්‍ර නිෂ්පාදන සමාගම් හයක් එක් වී බි‍්‍රටිෂ්බ්‍රෝඞ්කාස්ට් සමාගම පිහිටුවීය.
පසු කාලීනව 1926 පමන වන විට බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සමාගම අහෝසි වී එය සංස්ථාවක් බවට පත්වීම ගුවන්විදුල ඉතිහාසයේ තවත් වැදගත් සංධිස්ථානයකි. රාජ්‍ය පාලනයක් නොතිබුනද බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සමාගමට රාජ්‍ය අනුග‍්‍රහය නොමදව ලැබී තිබුනි. මෙයඇසුරින් 18 වනසියවසේ මැදසිට 20 සියවසේ මුල්භාගය දක්වා දශක එකහමාරක කාලයක් තුළ ගුවන් විදුලි යන්ත‍්‍රයේ බිහිවීම හා විකාශනය සිදු වී ඇත. ලෝක යුද්ධ සමයේ යුධ කටයුතු, නාවික කටයුතු, වෙළඳ කටයුතු ගුවන්විදුලි තරංග යොදා ගනු ලැබීය. 1925 වනවිට ශ‍්‍රි ලංකාවටද ගුවන්විදුලිය ආගමන යවිය.   

3 comments:

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...