Friday, July 6, 2018

මාධ්‍ය ආචාරධර්ම යනු .......


                 ව්‍යවහාරික ආචාරධර්ම වල උප විෂය ක්ෂේත‍්‍රයක් ලෙස මාධ්‍ය ආචාරධර්ම හදුන්වාදිය හැකිය. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මධ්‍ය, අන්තර්ජාල හා නව මාධ්‍ය ඇතුළු සන්නිවේදන මාධ්‍යයන්ට විශේෂිතව මාධ්‍යයන්ගේ සම්මත ප‍්‍රමිතීන් හා ආචාරධර්මීය මූලධර්ම හා සමඟ කටයුතු කරන ව්‍යවහාරික ආචාරධර්ම වලට මාධ්‍ය ආචාරධර්ම නමින් හැදින් වේ.
ලොව සෑම රටකටම මාධ්‍යයන්ට විශේෂිතව පොදුවේ පිළිගත් ආචාරධර්ම මාලාවක් පවතී. විශේෂයෙන් ලොව ජනමාධ්‍යවේදය, පුවත් වාර්තාකරණය යන අංශයන් තුළ සුවිශේෂී තේමාවන්ට විශේෂිතව ආචාරධර්ම මාලාවන්, ප‍්‍රඥප්තින් සකස්කරගෙන තිබේ. උදාහරණ වශයෙන් සියදවි නසාගැනීම වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම මාලාවන් පවතී. යුධ පුවත් වාර්ථාකරණය සම්බන්ධ ආචාරධර්ම, දැන්වීම්කරණය පිළිබඳ ආචාරධර්ම, මහජන සම්බන්ධතා ආචාරධර්ම යනාදී වශයෙන් විශ්වීය ලෙස පිළිගත් වෘත්තීය ආචාරධර්ම මාලාවන් ක‍්‍රියාත්මක වන්නේ මාධ්‍යයේ වෘත්තීමය අගය ආරක්ෂා කිරීමත් විශේෂයෙන්ම මාධ්‍යයෙන් සාමාන්‍ය ජනතාවට කෙරෙන බලපෑම විෂයෙහි වඩාත් හිතකර යහපත් පැවැත්මක් ඇතිකර ගැනීම අරඹයා ය.
මෙයට අමතරව ඒ ඒ රටවල එක් එක් ජනමාධ්‍ය ආයතනයන් විසින් සිය පෞද්ගලික වෘත්තිමය ගරුත්වය සහ ග‍්‍රාහක ක්ෂේත‍්‍රයට බලපාන පරිදි ආචාරධර්ම මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. උදාහරණ වශයෙන් ලාංකීය ගුවන්විදුලි සංස්ථාව ආරම්භයේදීම නිවේදනය කෙරෙහි බලපවත්වන පරිදි ආචාරධර්ම මාලාවක් සකස් කර තිබේ. එමෙන්ම මේ වන විට රටේ පවතින එක් එක් මාධ්‍ය ආයතන තුළ සිය වෘත්තීමය පැවැත්ම හා ග‍්‍රාහක ක්ෂේත‍්‍රය කෙරෙහි බලපාන පරිදි ආචාරධර්ම මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. 
මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය හැදෑරීමට අවශ්‍ය මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡුාවට භාජනය කළ හැකි ය.
x සත්‍යවාදී බව
x නිදහස
x හානිය අවම කිරීම
x වගකිව යුතු බව
යනා දී වශයෙනි. මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු, අදහස් හා දැනුම සම්පේ‍්‍රෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කල විවිධ මාධ්‍ය දැකගත හැකි ය. එවැනි මාධ්‍ය ලෙස.
x මුද්‍රිත මාධ්‍ය
x විද්‍යුත් මාධ්‍ය
x ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය
x නව මාධ්‍ය
යන් පෙන්වා දිය හැකි ය. ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග‍්‍රහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්පේ‍්‍රෂණය කරන ආකාරයක් දැකගත හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප‍්‍රවෘත්ති වාර්තා හා විශේෂාංග වල අංක භාවය හා සත්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘත්තීය ජනමධ්‍යකලවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය.
x පණිවුඩයේ විශ්වසනීයත්වය
x මුලශ‍්‍රයේ විශ්වසනීයත්වය
යන සාධක දෙක කෙරෙහි අවධානය යොමු කරමින් ය. තව ද ප‍්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එ ලෙස ම එම නිර්මාණය හෝ ප‍්‍රවෘත්තිය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ත වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග‍්‍රාහකයට තෘප්තිමත් විය හැකි ය. එමෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම සත්‍යය තොරතුරු කෙරෙහි සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප‍්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය.තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම.
x ආරක්ෂකයෙකු වශයෙන්
x මණ්ඩපයක් වශයෙන්
x ගුරුවරයෙකු වශයෙන්
සිටිමින් තමා සතු වගකීම ග‍්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් අදිරිපත් කළ යුතු ය.නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය. එවන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන් ලෙස යා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන් ලෙස පහතට වැටි ඇති ආකාරය යි.
මුද්‍රිත මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවි වලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත්වලට ද ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳව ද ආචාරධර්ම ඇතුලත් කර ඇත. වර්තමානයේ දී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය   ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍‍්‍රමවේදයක් වී ඇත. එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලෙන   ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැුකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය. තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ. අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.
වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම් තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු, සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ අයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ. තව ද අද වන විට පවතින තාක්ෂණික දියුණුවත් සමඟ ජනමාධ්‍යවේදීන් තුළ ස්වයං නියාමනයක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම ආචරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවතී. ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටළු මතුවන අවස්ථා කිහිපයක් මෙසේ සඳහන් කල හැකිය.

x අන්‍යන්ගේ ලිපි තමන්ගේ ලිපි ලෙස පළ කිරීම.
x තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.
x දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.
x තොරතුරු ප‍්‍රකෘති කිරීම.
x පෞද්ගලිකත්වය ආක්‍‍්‍රමණය කිරීම.
x පක්ෂග‍්‍රාහි වාර්තාකරණයේ යෙදීම.

මෙවැනි හේතු ආචාරධර්ම සංග‍්‍රහය ගොඩ නැඟීමට හේතු විය. තව ද මානව සාරධර්ම සුරකමින් මෙම කාර්යයෙහි නිරත වීමට විද්වතුන් විසින් ආචරධර්ම ප‍්‍රභේද තුනක් යටතේ දක්වයි.

x පරම ආචරධර්ම -  සමස්තව පිළිිගත් ආචාරධර්ම.
x නීති විරෝධි ආචරධර්ම -  නීතියට පටහැනි ආචාරධර්ම.
x අවස්ථානුකූල ආචරධර්ම -  අවස්ථාවට උචිත පරිදී වෙනස් කිරීම.

තව ද මෙම ජනමාධ්‍ය ආචාරධර්ම භාවිතා කරන පුද්ගලයන් අනුව ද වෙනස් වේ. ඒ අනුව මාධ්‍ය පාරිභෝගිකයා රැුුකීම අරමුණු කරගත් ආචාරධර්ම , මාධ්‍ය සේවකයින් අරමුණු කරගත් ආචාරධර්ම , අයිතිකරුවන් අරමුණු කරගත් ආචාරධර්ම , නීතිමය වගකීම අරමුණු කරගත් ආචාරධර්ම , වශයෙන් එය දැක්විය හැක. ලොව ප‍්‍රකට මාධ්‍ය ආයතන වලට ද ආචාරධර්ම පද්ධතියක් ඇත. 
නූතන මාධ්‍ය ක්ෂේත‍්‍රය දෙසට අවධානය යොමු කිරීමේදි මුලින් දක්වන ලද ආවාරධර්මීය ස්වභාවයන් කඩවන බවක් දක්නට ලැබේ.  එලෙස මෙම ජනමාධ්‍යය ආවාරධර්ම කඩවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක ද ප‍්‍රබල වශයෙන් දක්නට ලැබේ. ඒවා ප‍්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔස්සේ  දැක්විය හැක.

x පක්ෂග‍්‍රාහි වාර්තාකරණය.
x පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.
x තොරතුරු විකෘතිකරණය
x භාවාතිශය වීම.

මෙහිදී පක්ෂග‍්‍රාහි වාර්තාකරණය යනු වාර්තාකරන සිදුවීම අර්ධ වශයෙන් සත්‍යයක් වීම, මායවක් වීම, අඩමුසාවක් වීම හෝ  හිතාමතාම ගොතන ලද බොරුවක් වීම දැක්විය හැක.  මෙහිදී සාකච්ඡුාවට බදුන් වන්නේ ප‍්‍රස්තුත ප‍්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී. තව ද ජනමාධ්‍යය ආයතන බොහෝමයක් ස්වාධීන නොමැත. එය නිතර හිමිකරුගේ හෝ හිතවත්කම් දක්වන දේශපාලන පක්ෂ වල හෝ රජයේ රජයේ ඇඟිලි ගැසීම් වලට ලක් වේ.මේ හේතුවෙන් සමාජ, දේශපාලනික, ආර්ථිකමය ආදී වශයෙන් තමන්ට වාසිදායක වන අයුරින් හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම නිරතුරුව දක්නට ලැබේ. මෙය අහිතකර වේ. තොරතුරු විකෘතිකරණය ද මෙහිදි සිදුවන ප‍්‍රබල ගැටළුවකි. ජනමාධ්‍යය මඟින් විසුරුවා හරින තොරතුරු සමුදාය තුළට අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු වේ. ජනතාව මෙම විකෘති තොරතුරු පිළිගෙන තම මතය ගොඩ නැඟීමට උත්සහ කරයි. මෙය අහිතකර තත්වයකි. ග‍්‍රාහකයින්ගේ කුතුහලය අවුස්සන හැඟීම්බර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මෙය අහිතකර වේ. මේවා භාවාතිශය තොරතුරු වේ.මේ ආදි වු කරුණු හේතුවෙන් ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීම දක්නට ලැබේ. මේ හේතුවෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් මෙම ආචාරධර්ම කඩවීම වැළැක්වීමට ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයක් ඉදිරිපත් කරන ලඳි
ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප‍්‍රමිති පවත්වාගන්නා අතරම ශී‍්‍ර ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක/පේ‍්‍රක්ෂක වුවමනා සහ අපේක්ෂාවන්ටසංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.
මෙම ප‍්‍රමිතීන් මගින් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් මාධ්‍ය නිදහසේ මූලික නියමයන්ට එරෙහි විකෘති වාණිජත්වයෙන් හෝ අයුතු පීඩනයෙන් හෝ පටු අභිමතාර්ථයන්ගෙන් මිදුණු නිවැරදි බව හා සවෘත්තීය ඒකාබද්ධතාවය උදෙසා උත්සාහ දැරීමත්, මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි උසස් සම්ප‍්‍රදායන් පවත්වාගෙනයාමත් අපේක්ෂා කෙරේග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, වෙබ්  අඩවි ප‍්‍රකාශන මෙන්ම එහි මාධ්‍යවේදීන් හටද තමන්ගේම ප‍්‍රබල මත දැරීමට හා ප‍්‍රකාශ කිරීමට නිදහස ඇත. එසේම ඔවුන් අන් අයගේ අදහස්වලට නිසි අවධානය යොමු කිරීමේසමාජ වගකීම පිළිබිඹු කිරීමට ද වගබලා ගත යුතුය.
මෙම ආචාරධර්ම සංග‍්‍රහය පුද්ගලිකභාවයේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා මහ ජනතාව සතු අයිතිය සුරැුුකීමට ස්ථාපනය කරන ලද්දකි. මෙය අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කිරීම කළයුතු අතර, පුද්ගලිකත්වයේ අයිතීන් හෑල්ලූවට ලක්වන ආකාරයේ පටු අර්ථකථනයන් දීමක් හෝ මහජන සුභසිද්ධිය සඳහා වන ප‍්‍රකාශන වැලැක්වීමේ පටු අර්ථකථනයන් දීමක් කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.
        සන්නිවේදන අවශ්‍යතා සඳහා ජනමාධ්‍යය බිහිවීමෙන් පසු තොරතුරු මූලාශ‍්‍ර වල නිරවද්‍යභාවය හා ඉදිරිපත් කිරීමේ ක්‍‍්‍රම උපායන් භාවිතා කරමින් මාධ්‍ය ආචාරධර්ම බිහිවිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් ඇත.එම වෘත්තිය රඳා පවතිනුයේ ආචාරධර්ම මත පදනම් වෙමිනි. ජනමාධ්‍යයේ බලපෑම ප‍්‍රමාණාත්මකව වැඩි නිසා මෙම ක්ෂේත‍්‍රයට අඳාලව ආචාරධර්ම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව   ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙකු විය හැකි නිසාවෙනි.
ජනමාධ්‍ය භාවිතාවන් සඳහා ආචාරධර්ම අවශ්‍ය වන්නේ ජනමාධ්‍යය සතු සමාජ වගකීම නිසි පරිදී ඉටුවනු සහතික කිරීම පිණිසය. ජනමාධ්‍යයේ සමාජ වගකීම ගොඩ නැගෙන්නේත් ජනමාධ්‍යවේදීන් ක්‍‍්‍රියාවට නංවනු ලබන්නේත් මහජනයා සතු ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතියයි. ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය මිනිසා මිනිසෙකු වීම නිසා නිසඟයෙන්ම හිමිවන මූලීක මානව හිමිකමකි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයා සතු වේ. ඒ කෙරෙහි ජනමාධය්‍ය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ජනමාධය්‍යට මේ හේතුවෙන් ස්වකීය ප‍්‍රජාවට හා සමාජය කෙරෙහි වගකීමක බැඳී සිටී. එම වගකීම ඉටු කිරීම පිණිස මාධ්‍ය විසින්ම ඇති කර ගන්නා මඟ පෙන්වීම ජනමාධ්‍ය ආචාරධර්ම ලෙස හදුනා ගනිමු.
ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප‍්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ ඇති නවීනත්වය තුළ සම්ප‍්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප‍්‍රථමික ක්‍‍්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැලක්වීමට නො හැකි ය.
මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි. ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයෙහි හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාරධර්මයන් පිළිපැදිය යුතු වනවා සේ ම වෙබ් අඩවි පවත්වාගෙන යාමේ දී ද ආචාරධර්මයන්ට එකඟව එය පවත්වාගෙන යා යුතු බව මෙ පරිදි සඳහන් කළ හැකි ය.
”ජනමධ්‍යවේදයෙහි උසස් ම ප‍්‍රමිති පවත්වාගන්නා අතර ම ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක  පේ‍්‍රක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසන් පිළිපැදිය යුතු ය”











4 comments:

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...