දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලුඅය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුවක් වාගේ
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත්තඹුරු වෙතේ
කැඳවයි ඹබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ
සංසාරය නම් රස වෘක්ෂයෙහි පතළ අමෘත ඵලයන් දෙකකි ප‍්‍රිය මිනිසුන් ඇසුර සහ ප‍්‍රිය වදන් ඇසීම. එකී අමෘත ඵලයන් මිනිස් සන්තානය වෙත ගෙනෙනු ලබන්නේ සාහිත්‍ය රසය තුළිනි. ඒ අනුව සාහිත්‍ය යනු සහිතභාවයයි. එනම් රස සහිත බවයි. එය අර්ථ රසයත් ශබ්ධ රසයත් කැටි කොට ගනිමින් සාහිත්‍ය සමාජය තුළින් ප‍්‍රතිනිර්මාණය වන අතර එය ලොවම ස්පර්ෂ කරන විශ්ව භාෂාවයි. මිනිසා මනුෂ්‍යත්වයෙන් පෝෂණය කරන අතර ලතෙත් මිනිසෙක් බිහි කරන්නේ ගීතය හා කවියයි. දාර්ශනික නිර්මාණකරුවා සාර්ථක නිර්මාණයක් බිහි කිරීමට තම තෙලි තුඩ වර්තමානයේ පමනක් නොරදවා අතීතය නමැති වැළලී ගිය නටඹුන් සේවනය කිරීමෙන් තම ප‍්‍රතිභාපූර්ණත්වය ගෙන හැර පායි. ඔහු ලෝක ඉතිහාසයම ස්පර්ශ කිරීමට තරම් වාසනා ගුණය හිමි තැනැත්තෙකි. ඒ වගේම දක්ෂ නිර්මාණකරුවාට අනාගතය දැකීමට හැකිය. අන් කිසිවෙකුට නොපෙනෙන මානයන් හරි අපූර්වට වින්දනය කර එය ලෝක සත්ත්වයාටම රස විඳීමට ඉඩ හසර ලබා දීමට තරම් නිර්මාණකරුවා නිර්ලෝභී වේ.
ආදරය යන වචනය මෙලොව ජිවත් වන සෑම සත්ත්වයෙකුගේම දෙසවන් සනසාලීමට සමත් සුන්දරම වචනාර්ථයයි. වචනය ඉතාම සරළ වුවද මෙහි ගැබ්ව තිබෙන හැඟීම්, සංවේදනා සරළ නොවේ. ආදරය විවිධ පැතිකඩයන් ඔස්සේ විග‍්‍රහ කිරීමට පිළිවන. මව්පිය දූ දරු අතර ඇතිවන ආදරය, සහෝදරයින් පිළිබඳ, සත්ත්වයින් පිළිබඳ, මිත‍්‍රයන් පෙම්වතුන් අතර ඇතිවන පේ‍්‍රමය, යනාදී ලෙස පුද්ගලයකු තුළ ජනිත වන පේ‍්‍රමය විවිධ ස්වභාවයක් ගනී.
මේ අතරින් ස්ත‍්‍රියක් හා පුරුෂයෙක් අතර ඇතිවන ලෙන්ගතුකම ඒ හැඟීම ඉතාම රමණීයයි. අතීතයේ සිට වර්තමානය තෙක් බොහෝ ගීත නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා පසුබිම් වී ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමයයි. කුස පබා එදා තිබූ සුන්දරම පේ‍්‍රමයකි. මේ අලලා ඉතාම සුන්දරව ගීත නිර්මාණය කොට තිබේ. පේ‍්‍රමය උදෙසා පුද්ගලයෙකුට අත්‍යන්ථ වූ කැපකිරීමක් කිරීමට වුවද සිදු වේ. මෙකී සුන්දර වූ පේ‍්‍රමයේ අනන්ත වූ ඵලය වන්නේ ශෘංගාරයයි. අනංගයාගේ හී සර වැදී පේ‍්‍රමයෙන් උන්මාදනයට පත් වූ නිකැලැල් පේ‍්‍රමවන්තයින්ගේ සුන්දර වූ මිහිරි ඵලය වන්නේ ශෘංගාරයයි. මෙම සිදුවීම ඉතාම සංයමයෙන් නිර්මාණයකට ගැනීමට හැකි වන්නේ දක්ෂ නිර්මාණකරුවෙකුට පමනි. එය ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ලැබිය හැකි අපූර්ව වූ සිත්තමකිිිි.
දක්ෂ නිර්මාණකරුවා කිසිඳු විටෙක හිරි ඔතප් බිද දමමින් මෙම ජීව ක‍්‍රියාවලිය අමුවට හුවා දක්වා නැත. ඔහු සෑම අවස්ථාවකම උත්සාහ දරන්නේ එය සංයමයකින් තම සහෘද පේ‍්‍රක්ෂකයා වෙත ලබා දීමටය. ගීතයකින් විය යුත්තේ පේ‍්‍රක්ෂකයාට වින්දනයක් ලබා දීමය. නමුත් හිරි ඔතප් ගිලිහුණු ගීතයක් රස වින්දනය කිරීම දෙසවන් ප‍්‍රතික්ෂේප කරයි. එම සුන්දර මිහිරියාවේ ආශ්වාදය පේ‍්‍රක්ෂකයාට යලි යලිත් ආවර්ජනය කිරීමටත්, එම වින්දනය අපේක්ෂාවෙන් පසුවන යෞවණ යෞවණයින්ට එම රසයෙහි මිහිරියාව කෙබඳුද යන්න පැහැදිළි අවබෝධයක් ලබා දීමට දක්ෂ නිර්මාණකරුවාගේ වචන කිහිපයකට හැකිය.
වචනයන් මෙන්ම එහි සුන්දරත්වය තව දුරටත් තියුණු කිරීමට සංගීතයට මෙන්ම හඩටද ශක්තියක් තිබේ. පුද්ගලයෙකුගේ රස භාවයන් ස්පර්ශ කිරීමේ හැකියාව සංගීතයට තිබේ. එය විශ්ව ධර්මතාවයයි. බටහිර වෛද්‍ය ක‍්‍රමයට පවා සුව කිරීමට අපොහොසත් වූ දරුණු රෝගී තත්ත්වයන් සංගීතය නමැති දිව්‍ය ඖෂධයෙන් සුවපත් කිරීමට හැකිය. එනම් මෙය පුද්ගලයෙකුගේ මනසට මෙන්ම හැඟීම් කෙරෙහි ප‍්‍රභල බලපෑමක් කරන බව පැහැදිළිය. ශෘංගාරය නැමැති විශ්ව ලෝකයේ සුන්දරම ආශ්වාදය ගෙන ඒමට සංගීතය මහඟු පිටිවහලක් සපයයි. එහිදී සිතාර් වාදනය පුද්ගලයෙකුගේ හදවත සන්තර්පනය කරමින් හැඟීම් උද්දීපනය කිරීමට ප‍්‍රභල දායකත්වයක් සපයයි. මේ ආකාරයට බලන විට ගීතයක පදවැල් මෙන්ම එහි සංගීතයද, ගායනයද නිර්මාණයේ වටිනාකම ඉහළ යාම කොරහි දායක වේ.
මෙම ගීතයෙන් පිළිඹිඹු වන අපූර්ව වූ ව්‍යංගාර්ථයන් තුළින් අවබෝධ වන්නේ සංයමයකින් අනූන වූ පුද්ගලයෙක් තමන්ගේ හැඟීම් ආවේග මුදා හැරීම සඳහා යොදා ගන්නා යෝග්‍යතම භාෂාව සාහිත්‍යය බවයි. ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම පවතින ප‍්‍රධාන මානව ලාලසාවක් වන්නේ ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමයයි. මෙය මිනිසාගේ ප‍්‍රබල කායිඛ, මානසික චර්යාවකි. එම හැඟීම පිළිබඳ කිසිඳු වරදක් කිසිවෙකුට පැවසිය නොහැක. මෙය සාහිත්‍ය තුළ ශෘංගාරය යන්න අර්ථ ගැන්වෙයි. මෙම ශෘංගාරය ද පුද්ගලයාගේ මානයන් අනුව විවිධත්වයක් ගනී. එක් එක් පුද්ගලයන්ට තමන් සිතැඟි පරිදි මෙම ශෘංගාරය රසය සාහිත්‍ය තුළ රිසි සේ මුදාහැරිය හැකිය. එහෙත් පේ‍්‍රමයෙහි අර්ථය හොඳින් වටහා ගත් සංයමයක් තිබෙන නිර්මාණකරුවා මෙම ශෘංගාරය ඉතාම අපූර්වට ඔහුගේ තෙලිතුඩින් මුළු ලොවටම පවසයි. එකී විදග්ධ සාහිත්‍ය රචනයෙකි කේ.ඞී.කේ ධර්මවර්ධනයන්.
මෙම ගීතය රස විදීම සඳහා සුන්දර අතීත මතකාවර්ජනයකට පේ‍්‍රක්ෂකයාව රැුගෙන යයි. එය වඩාත් හොඳිින් සමීප කරවීමට උපමා, රූපක, ව්‍යංගාර්ථාදී අති රමණීයව යොදාගෙන තිබේ. අත්දැකීම්, විඥානය, හැකියාව සියල්ල කැටි කර ගත් ධර්මවර්ධනයන් මෙම ගීතය තුළ කිසිදු විට ස්ත‍්‍රි පුරුෂ සන්තර්පනය හෙලූවට හුවා දක්වා නැත. භාෂා රීතීන් උපයෝගී කොට ලැබූ සහශ‍්‍ර බුද්ධියෙන් ශෘංගාරය නමැති අපූර්ව අත්දැකීමට පණ පෙවීම සඳහා ඔහු මෙවැනි භාෂා රීතීන් යොදාගෙන තිබේ. ඒ වගේම මෙහි තිබෙන සුන්දරත්වයට කිසිඳු හානියක් නොකොට පේ‍්‍රක්ෂකයාව ශෘංගාර රසයේ ගිල්වීමට මොහුගේ පද සංකලනය සමත් වී තිබේ. හිරි ඔතප් රකිමින් පේ‍්‍රක්ෂකයාට මෙය රිසි සේ වින්දනය කිරීමට ඔහු අවකාශය සලසා තිබේ.
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
තරුණයෙකුගේ ඇස ගැටෙනා තරුණියක පිළිබඳ ඔහුගේ සිතේ ජනිත වන සරාගී හැඟීම් උද්දීපනය වන ආකාරය මෙන්ම ජීවිතයේ යථාර්ථය, කටුක බව අමතක කොට සුන්දර පේ‍්‍රමයේ ආශ්වාදය ලබමින් ජීවත්වන ආකාරය මෙහි දී පෙන්වා දෙයි. ස්ත‍්‍රියකගේ සුන්දරත්වය බාහිර ලෝකයට විවර වන එක් අංගයක් වන්නේ දෙතොලයි. එයට පුරුෂයන් වශිකෘත වෙයි. ගිරා සංදේශයේ කාන්තාවගේ සුන්දත්වය වර්ණනයේදී දෙතොල් ඉදුණු කෝවක්කා ඵලයකට සමාන කරයි. ධර්මවර්ධනයන් පවසන්නේ ඔහුගේ සිත ඇඳි කාන්තාවගේ දෙතොල් ද රක්ත වර්ණයෙන් දිදුලන ඵලයක් බඳුය යන්නයි. මෙම සුන්දර දෙතොල් චලනය වන විට කවියාට හැගෙන්නේ ඇය පේ‍්‍රමය නැමැති මදිරාව අයැදින ලෙසිනි. නමුත් මෙය යථාර්ථයක් නොවන මනෝමය හැඟීමක් බවද ඔහු යටි පෙල අරුතින් පවසයි. ඒ වගේම කාන්තාවකගේ උණුසුම විඳීමට ප‍්‍රිය කරන බවද ව්‍යංගයෙන් දක්වයි. සිහිනෙන් සීත මීදුම් ශරීරයේ දැවටෙන විට ඔහුට ඇයගේ උණුසුමේ රසය, මිහිර සිහි වේ.
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලූ අය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුවක් වාගේ
ධර්මවර්ධනයන් මෙහි දී ජීවිතයේ පවතින කටෝර බව පැවසීමට යොදාගෙන තිබෙන ව්‍යංගය තුළින් ඔහුගේ සාහිත්‍ය හැකියාව පිළිබඳ උදම් ඇනීමට අවශ්‍ය නොවේ. ඒ සඳහා රූපකයන් යොදා ගෙන ඔහු පවසන්නේ ජීවිතය දිවි තවලමක්මයි යන්නයි. ඒ වගේම මෙය කාන්තාරයක ගමන් කරන බව පැවසීමෙන් ජීවිතයේ පවතින අති දුෂ්කර බව පසක් වේ. මෙහි සඳහන් කරන පුරුෂයා මධුවිතයට ලොල් වූවෙක් බවද පළමු පද්‍යයෙන් පසක් වෙයි. කවියා පවසන ආකාරයට තරුණියකගේ සුන්දරත්වය සහ එම ශෘංගාරාත්මක බව ඉතාම සීමිත කාලයකට සීමා වන බව පවසයි. ඇය තරුණ අවධියේ ඉතාම සුන්දර රූ සපුවකින් අලංකාර වුවද එය ක්ෂණයකින් වියැකී යන බව පවසයි. මේ තුළින් ඔහු ජීවිතයේ යථාර්ථය පිළිබඳ පේ‍්‍රක්ෂකයාට අවබෝධයක් ලබා දීමටද ඔහු අමතක නොකරයි. ස්ත‍්‍රියකගේ යෞවන අධියේ තරුණයකු බලාපොරොත්තු වන ශෘංගාරාත්මක රසය අපූර්වට ආශ්වාදනය කළ හැකි වුවද, එයට පමා වුවහොත් යලිදු එවන් රසයක් ඇයගෙන් අපේක්ෂා කළ නොහැකි බව පවසයි. එම නිසා එම ආශ්වාදය ලැබීමට ප‍්‍රමාද වූවෝ ඉතාම අවාසනාවන්ත බව ද ඔවුන් ජීවිත පුරාම කාලය එම මඟ හැරුණු කාල පරිච්ජේදය පිළිබද පසුතැවිළි වන බව පවසයි. එම නිසාම නිර්මාණකරුවා එවැනි පුද්ගලයින්ගේ දිවිය දිය බිදුවකට උපමා කරයි. දිය බිදුව ද කිසිදු රසයක් ගන්දයක් නොමැති අතර ක්ෂනයකින් විනාශ වේ. ඒ අනුව ජීවිතයේ පවතින අවිනිෂ්චිත බව මනාව පිළිඹිඔු කරමින් පවසන්නේ පමා නොවී මෙම ශෘංගාර රසය වින්දනය කරන ලෙසය. ජීවිතයක සතුට පවතින්නේ ඉතාම සීමිත කාලයකි. එය ද දිය බිදුවක් සේ නිමේෂයෙන් වියැකී යන්නකි. එම නිසා ජීවිතයේ යතාර්ථය වටහා ගෙන එය වින්දනය කරන ලෙස සියළු දෙනාටම පවසයි.
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් තඹුරු වෙතේ
කැඳවයි ඹබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ
මින්දද නම් අනන්ගයා ආදරයේ සංකේතයයි. ස්ත‍්‍රි පුරුෂ හමුවක ප‍්‍රධාන සැලසුම්කරුය. ආදරයේ ජීවමාන අසහාය චරිතය වන්නේ ද අනංගයායි. මෙම ගීතයේ පවසන පුරුෂයාද බලාපොරොතත්තු සහගත දෙනෙතින් අපේක්ෂා කරන්නේ අනංගයා මල් පැණි සහිත සුවදවත් වූ බඳුන නැමැති පේ‍්‍රමය කෙදිනක ගෙන ඒවිදෝ යන්නය. ලොව ජීවත් වන සෑම පුද්ගලයෙකු කරාම මෙම අනංගයා කෙදිනක හෝ පැමිනේ්. මෙම ව්‍යංගාර්ථ දෙස බලන විට කවියා පැවසීමට උත්සාහ දරන්නේ ආදරය නැමැති සුන්දර ආශ්වාදය පංචස්කන්දය සහිත ගැහෙන හදවතක් තිබෙන සෑම පුද්ගලයකුටම දැනෙන හැගෙන අපූර්ව වූ සුන්දර හැඟීමක් බවයි. එම පේ‍්‍රමය ලැබූ දිනයට ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ලෝකවල තනිවන බව පවසයි. ඒ වගේම ඇය ඉතාම සුන්දර යුවතියක් බව කවියා ' නිලූපුල් නෙත් ' නැමැති රූපකයෙන් අර්ථවත් කරයි. එනම් නිල් පැහැති දෙනෙත් යන්නයි. ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රමයේ මිහිරි ඵලය වූ ශෘංගාරය වින්දනය කළ පසු ඇයගේ දෙනෙත් ' රත් තඔුරු' රත් නෙළුමක පැහැය ගෙන ඇති බව පවසයි. එයින් ඔහු අර්ථවත් කරන්නේ මොවුන් දෙදනා මෙලොව ලබන ආශ්වාදය තව්තිසා දිව්‍ය ලෝකයකට කැදවන බවය. එතරම් සුන්දර වූ එම රසය පුරුෂයකුට හා ස්ත‍්‍රියකට තරුණ අවධියේ අවශ්‍ය සාධකයක් බව නිර්මාණකරුවා පුන පුනා පවසයි. එවිට ජීවිතය මී බිදුවකට උපමා කරයි. මොහුගේ අපූර්ව වූ දෙනෙත තුළින් දක්නා වූ මෙම හැඟීම් තෙලිතුඩට නැගෙන්නේ අලංකාරවය. මන්ද මී පැණි ඉතාම මිහිරියි, සුවදවත්ය. ජ්ීවිතයද ඒ ආකාරයෙන් විදීමට නම් ශෘංගාරය අවශ්‍යම බව කවියා අවසාන පැදි පෙලින් ජීවිතය මී බිදුවකට අර්ථ දක්වමින් පවසයි.
ඒ අනුව එම අත්දැකීම නොලැබූ පුද්ගලයාගේ ජීවිතය දිවි තවලමකට ද එම ආශ්වාදය ග‍්‍රහනය කළ පුද්ගලයා තව්තිසා දිව්‍ය ලෝකයක සුර සැප විඳින තරම් සුන්දර දිවියක් ගත කරන බවටද පසක් කරයි. මේ ආකාරයට සරාගී තාරුණයෙකු තරුණියක් කෙරේ පිළිබඳ සිත් පහළ වීම පිළිබඳ හා ඒ මඟින් ඔහු ලබන වින්දනය ඉතා අපූර්වට ධර්මවර්ධනයන් පද සංකලනය කොට නිර්මාණය කර තිබේ.
ගීතයක සාර්ථකත්වය සදහා පද වැල් මෙන්ම සංගීතයද මනා පිටිවහලක් සපයයි. මෙම ගීතයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ වික්ටර් රත්නායකයන්ය. ශෘංගාරාත්මක ගීතයක් ගත් විට එහි සංගීතය ඉතාම මිහිරිව සියුම්ව පේ‍්‍රක්ෂකයාට සැනසිළිදායක ලෙස විඳීමට ඉඩ හරින ලද්දකි. නමුඳු මෙම ගීතය තුළ එම හැඟීම දුරස් ස්වභාවයක් ගන්නා අතර ඉතාම කෙලිලොල් බවක් දක්නට ලැබේ. ඒ මඟින් ධර්මවර්ධනයන්ගේ ගැඹුරු පද සංකලනයට අසාධාරණයක් වී තිබේද යනන්න හැගේ. මෙම සංගීතය තුළ පවතින සරළ බව ගීතයේ ගැඹුරු බව සහ අර්ථය වියැකෙමින් යන ස්වභාවයක් දක්නට ලැබේ. මෙහි ප‍්‍රධාන වශයෙන් වයලීනය, සිතාරය, කී බෝර්ඞ් මෙන්ම සමාන්තර සංගීත ඛන්ඩද යොදාගෙන තිබේ. මෙම වාදනයන්ගෙන් කී බෝර්ඞ් වාදනය සැලකිය යුතු ප‍්‍රමාණයකට ගීතයට සමගාමීව වාදනය වුවද සිතාරය එතරම් විශාළ කාර්යය භාරයක් ඉටු නොකරයි. මෙහි දී සැබෑ සිතාරයක හඩ නොඇසෙන අතර තාක්ෂණය මුසු සිතාර් හඩක් ධ්වනිත වේ. නමුත් වයලීන් වාදනය මඟින් ගීතයට සාධාරණයක් ඉටු කිරිමට සමත් වී තිබේ. ශෘංගාරාත්මක අතින් පිරිපුන් වූ ඉහළ සංයමයකින් හෙබි මෙම ගීතය පේ‍්‍රක්ෂකයාට වින්දනය කිරීමට මෙම ගීතයේ තිබෙන වේගවත් බව අවහිරයක් වී තිබේ. කෙසේ වෙතත් යම්තාක් දුරට ගීතයට වයලීනය හා කී බෝර්ඞ් වාදනය සාධාරණයක් ඉටු කර තිබේ. මෙලෙස මෙහි සංගීතයෙහි පවතින සාධනීය හා නිශේධනීය පැතිකඩ පෙන්වා දීමට පිළිවන.
මෙහි ගායනය පිළිිවඳව ද සෑහීමකට පත් වීමට අපහසුය. ශෘංගාරාත්මක ගීතයක් තුළ දත්නට ලැබෙන මෙම සංයමය මෙම හඩ තුළින් නිසි ලෙස උද්දීපනය නොවේ. එය පී‍්‍රතියකින් ගායනා කරන ස්වභාවයක් පිළිඹිඹු වේ. ජීවිතයේ යථාර්ථය පිළිබද පේ‍්‍රක්ෂකයාට පැවසීමට උත්සාහ කළ ද මේ හරහා එය වියපත් වේ. ඒ වගේම ශෘංගාරාත්මක රසයද දෙසවන් නිසා චිත්ත රූප මවා එය වින්දනය කිරීමට මෙම හඩ තුළින් අපොහොසත් වී තිබේ. ඒ සදහා ඉතාම සංයමයකින් යුක්තව ගායනා කළ යුතුය. එහෙත් ජීවිතය තුළින් දොම්නස පසෙකලා එය පී‍්‍රතියෙන් ගත කිරීම යන අර්ථය හැඟවීමට මෙම ගායනය යොදා ගත්තේ නම් එය සාර්ථකය. ඒ වගේම සාර්ථක ගායනයක් සඳහා සංගීතයේ ප‍්‍රභළ දායකත්වයක් අවශ්‍ය වේ. යම් ගීතයක් සාර්ථක වීමට නම් එහි පද රචනය, ගායනය, සංගීතය යන ත‍්‍රිත්වය එක මෙන් සමාන්තර ගුණාත්මක වටිනාකමකින් යුක්ත විය යුතුය. ඒ වගේම ධර්මවර්ධනයන් ඉතාම ප‍්‍රබුද්ධ ගනයේ නිර්මාණකරුවකු බව ඔහුගේ මෙම පද සංකලනයෙන් සහ භාෂා රීතීන්ගෙන් පිළිඹිඹු වේ. ඒ අනුව රසයන්ගෙන් ඉහළම ආශ්වාදයක් ලබන ශෘංගාරාත්මක ගීත රචනයේ පෙර ගමන්කරුවෙකු ලෙස ධර්මවර්ධනයන් හැඳින්විය හැකිය.
Lassanai dr
ReplyDeleteගීතයට නවඅරුතක්....ලස්සනයි
ReplyDeletethank you
Deletelassanai
ReplyDeletethank you
Deletelassana arutak
ReplyDeletethank you
Delete"දෙඅදර විලිකුන් සුරත් පලේ" මේකේ තේරුම මොකක්ද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන් ද...
ReplyDeleteඅදර කියන්නේ තොල්. දෙඅදර කියන්නේ දෙතොල්. විලිකුන් කියන්නේ හොඳට ඉදුණු, සුරත් කියන්නේ මනාලෙස රත්පැහැ ගැන්වූ පලතුරක්. ඒ පද පේළියෙන් කාන්තාවකගේ දෙතොල් රත් පැහැව හොඳට ඉදුණු පලතුරකටයි උපමා කරන්නේ..
Deleteඒ හොඳට ඉදුණු රත් පැහැ දෙතොල් ප්‍රේමය නැමැති අමූර්තය ඉල්ලා සැලෙනව කියල කියන්න උත්සාහ කරන්නෙ!