Friday, July 6, 2018

ශ‍්‍රි ලංකා ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය




ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වන්නේ බි‍්‍රතාන්‍ය අවශ්‍යතාවක් වශයෙනි. 1920 වන විට මාර්කෝනි ගුවන් විදුලිය එංගලන්තයේ ප‍්‍රචලිතව තිබුනි. මාර්කෝනි සමාගම ඇමරිකාවේ ද ව්‍යාප්ත වී තිබූනි. ප‍්‍රංශය, ජර්මනිය, චීනය,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය වැනි ප‍්‍රභල රා්‍යයන්ට ප‍්‍රථමව ශ‍්‍රි ලංකාවේ ආරම්භ වේ. අසල්වැසි ඉන්දියාවේ ගුවන් විදුලිය ආරම්භ වන්නේ 1927 දීය.
ආසියාවේ ප‍්‍රථම ගුවන් විදුලිය ආරම්භ කිරීමේ ගෞරවය ලංකාවට හිමි වේ. ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලි අත්දැකීම එතරම් ප‍්‍රමුක වූවකි. බි‍්‍රතාන්‍ය අත්දැකීම හා පුහුණුව ආදර්ශයට ගනිමින් ලංකා ගුවන් විදුලිය ක‍්‍රියාත්මක විය. එය ලංකාවට ආවේණික වූ ශෛලිපයක් ගොඩ නගා ගන්නේ ඉහත වර්ධනය තුළිනි. ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලියේ ආරම්භය සිදු වන්නේ 1922 ජූනි මාසයේ 24 වෙනිදා ශ‍්‍රි ලංකා වයලස් සමාගම ආරම්භ වීමත් සමගය. මෙම කාර්යයේ ආරම්භකයා වූ ප‍්‍රධාන විදුලි එඞ්වර්ඞ් හාපර් මහතා ශ‍්‍රි ලංකාට පැමිණෙන්නේ 1921 ජූනි මාසයේ 21 වෙනිදාය.
1877 ජූලි 13 වෙනිදා එංගලන්තයේ උපත ලද ඒ මහතා ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා වශහෙන් පත් කරනු ලබන්නේ  1925 ජූනි මාස 24 වෙනිදාය. 1931 සැප්තැම්බර් 31 වනදා දක්වා ශ‍්‍රි ලංකාවේ සේවය කරන එතුමා අප ගුවන් විදුලිය ආරම්භ කොට වර්ධනය කිරීම සඳහා ප‍්‍රමුඛ මෙහෙවර සිදුකළ පුද්ගලයා වශයෙන් සඳහන් කළ හැකිය.
1922 දී ලංකා වයර්ලස් සමාගම පිහිටුවා ගනු ලැබීය. 1923 දී මෙම සංගමය නව ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය ලෙස නම් කර තිබේ. මෙය 1928 වන විට ප‍්‍රචලිතව වූයේ ලංකා හා දකුණු ඉන්දීය ගුවන් විදුලි සමාජය යන නමිනි.
මෙම සංගමය ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය වර්ධනය කිරීමෙහිලා ප‍්‍රමුඛ මෙහෙවරක් ඉටු කලේය. මෙහි සාමාජිකයෝ ගුවන් විදුලි උපදේශණ මණ්ඩලවල සේවය කලෝය. 1929 දී මෙම සංගමය නව වැඩසටහන් සංවර්ධන අරමුදලක් දියත් කළ අතර 1932 දී ආරෝග්‍යශාලා සඳහා ගුවන් විදුලි යන්ත‍්‍ර ලබා දී තිබේ.
1924 පෙබරවාරි මස 22 දින කොළඹ තරුණ ක‍්‍රිස්තියානි නව නිවහනේ දී ප‍්‍රදර්ශණ ගුවන් විදුලි  ප‍්‍රචාරයක් කළ බවට වාර්තා තිබේ. එහෙත් ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලිය නිළ වශයෙන් ආරම්භ කළ දිනය සේ සැලකෙන්නේ 1924 ජූනි 27 වෙනිදාය. එදින උත්සවශ‍්‍රියෙන් ගුවන් විදුලිය ආරම්භ කරනු ලැබුවේ ආන්ඩුකාර ශ‍්‍රිමත් විලියම් හෙන්රි මැනිං මහතා විසිනි.
1924 ගුවන් විදුලියට වැදගත් වර්ශයකි. ඒ ගුවන් විදුලිය ආරම්භ කිරීම සඳහා කමිටුවක් පත් කළ බැවිනි. තැපැල්පති එම්. එස් සෙයිස්ටාර් මහතාගේ සභාපතිත්වයෙන් පත්කරන ලද මෙම කමිටුවේ සෙසු සාමාජිකයෙක් වූයේ විදුලි සංදේශ ඉංජිනේරු එඞ්වර්ඞ් හාපර් හා ආධුනික ගුවන් විදුලිය සංගමයේ සභාපති එල්. මැක්රෙක් මහතාය. මෙම කමිටුවට කරුණු සොයා බලා වාර්තා කිරීමට නිර්මාණකොට ක්ෂේත‍්‍ර හතරක් පිළිබඳවය.
ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලිය සේවයක් ආරම්භ කළ යුතුද
ඔය ආරම්භ කළ යුත්තේ රජය විසින් ද, නොඑසේනම් පෞද්ගලික අංශය විසින් ද
පෞද්ගලික නම් බලපත‍්‍රය නිදහස් කළ යුත්තේ සමාගම් කීපයකටද නිතිනම් එක් සමාගමකටද?
ගුවන් විදුලි පාලනය කිරීම මණ්ඩලයක් මගින් ඉදිරිපත් කළ හැකිද? එසේ මණ්ඩලයක් පත් කරන්නේ නම් සාමාජිකයන් සඳහා පත්කර ගත යුත්තේ කවුරුන්ද? යන කරුණ සලකා බැලීමද මෙම කමිටුවට අයත් කරුණක් විය.
මෙහි මුල් කරුණු සලකා බැලීමේ දී හා මෙම කමිටුවට ඇතුළත් කර තිබෙන පුද්ගලයන් සැලකීමේ දී රජයට මෙම කාර්ය ක‍්‍රියාත්මක කිරීම සඳහා පැවති අවශ්‍යතාව පැහැදිලිය. එය කමිටු නිර්දේශයක් මගින් ලබා ගැනීමේ අවශ්‍යතාව පමණක් තිබූ බව විද්‍යාමාන සාධකයකි.
තැපැල්පතිවරයා මෙම කමිටුවේ සභාපතිත්වයෙන් පත්කිරීම සඳහා බලපා ඇත්තේ බි‍්‍රතාන්‍ය අත්දැකීම්ය. මහා බි‍්‍රතාන්‍යයේ  ගුවන් විදුලි පාලනය වූයේ තැපැල්පතිවරයා යටතේය.
1920 එංගලන්තයේ වේමිස්ෆර්සීහි මාර්කෝනි ප‍්‍රධාන ගුවන් විදුලි මධ්‍යස්ථානය තහනම් කර තිබුනේ යුධ නාවික හා ගුවන් හමුදා ප‍්‍රධානීන්ගේ විරෝධය නිසාය. එයට හේතුව වූයේ ගුවන් විදුලි සංඛ්‍යාත මැනවින් බෙදා වෙන් කොට නොතිබූ අවධියේ හමුදා, ගුවන් හා නාවික ක්ෂේත‍්‍රවලට මාර්කෝනි ගුවන් විදුලි පණිවිඩවලින් බාධා සිදු වීමයි.
ත්‍මම තහනම වසර දෙකක් බලපැවැවූ අතර, එය ඉවත් කරනු ලැබුවේ 1922 ජනවාරි 03 වනිදාය. එයට හේතු වූයේ රට පුරා පැවති ගුවන් විදුලි පර්යේෂණ සමාගම් 63ක උද්ඝෝෂණ වල ප‍්‍රතිඵලයක් වශයෙනි. නව ගුවන් විදුලි මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ දැඩි ප‍්‍රවනතාවයක් මේ වන විට එංගලන්තයේ පැවතුණි.
මෙහි සදහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මාර්කෝනිට බලය ලබා දෙන්නේ තැපැල්පති වරයා විසින් බවය. ශ‍්‍රි ලංකාවේ ආරම්භක ගුවන් විදුලි පාලනය කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ පාලන ආකෘතිය යොදාගෙන තිබේ. තැපැල්පති වරයාට බලය පවරා ඇත්තේ මේ නිසාය.
කමිටුවට නිර්දේශ කර තිබීමට මට සඳහන් කර තිබූ සෙසු කරුණු තුනම බි‍්‍රතාන්‍යයේ හා ඇමරිකාවේ ගුවන් විදුලිය සම්බන්ධව ඒ වන විට ඇතිවෙමින් තිබූ ප‍්‍රශ්නවලට අදාළ කරුණුය. ඇමරිකාවේ ගුවන් විදුලිය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි. මෙම අවධිය වන විට මාර්කෝනි ප‍්‍රබල ධනවතෙකු බවට පත්ව සිටි බව එයට දැක්විය හැකි උදාහරණයකි.
ගුවන් විදුලිය පෞද්ගලික කරණය කළ යුතු ද? සමාගම් කිහිපයකට බලපත‍්‍ර දිය යුතු ඳ? යන කරුණු සංවාදයකට භාජනය වන්නේ මෙම පදනම යටතේය. රාජ්‍යය බලවත්ව ස්ථාවරවී තිබූ අතර වාණිජ සමාගම් මේ වන විට ශක්තිමත්ව වැඩෙමින් තිබුනි. එහෙත් ලංකා ගුවන් විදුලිය ආරම්භ වනිනේ රාජ්‍ය ආයතනයක් වශයෙනි. එය රාජ්‍ය අරමුදලින් නඩත්තු කරනු ලබන අතර කිසිදු වානිජ අරමුණක් නොවීය. 1951 මාර්තු මාසයේ වෙළඳ සේවය මඟින් අනුග‍්‍රහය ලබා ගනිමින් වැඩසටහන් නිර්මාණය කරන තුරු මෙම ස්වභාවය පැවතුනි. මේ ආකාරයට ලාංකීය ගුවන් විදුලිය මෙරට ස්ථාපිත වූ ආකාරය පෙන්වා දීමට පුළුවනි.

6 comments:

  1. බොහොම ස්තුති තොරතුරු වලට තවත් මේ පිළිබඳව තොරතුරු මම බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  2. බොහොම ස්තුති. ගුවන්විදුලෙයේ ප්‍රගමනයට දායක වූ කමිටු හා කාර්‍යයන් පිලිබදව තොරතුරු දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

    ReplyDelete

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...