අපේ ශරීරයට ශක්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශක්තිය අවශ්‍යය වේ. එම ශක්තිය ශරීරයට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් මගිනි. එනම් සීනි, පිටි සහ මේද සහිත ආහාර වර්ග ශරීරයේ සෙල තුළදී දහනය කිරීමෙනි. එම ක‍්‍රියාවලිය අඩාල වීම නිසා හට ගන්නා රෝග තත්වය දියවැඩියාව ( diabetes mellitus )ලෙස හඳුන්වයි. ජනවහරේ මෙම රෝගය දියවැඩියාව ලෙස හඳුන්වන්නේ දිය වැඩිපුර හෙවත් මුත‍්‍රා වැඩිපුර පහවීම හේතුවෙනි. දේශිය වෛද්‍ය ග‍්‍රන්ත වල මධුමේහය නමින් මෙය හඳුන්වයි.
සීනි ලෙස අප හඳුන්වන්නේ මිළට ගනු ලබන සිනි නොවේ. එහි විද්‍යාත්මක නාමය ”සුක්රෝස් ” වේ. එහෙත් අපේ ලේ වල අන්තර්ගත වන්නේ සුක්රෝස් නොවෙයි. සුක්රෝස් ආහාරයට ගත් පසු එය ආහාර මාර්ගයේදී ජීර්ණය වී ග්ලූකෝස් බවට පරිවර්තනය වී එය ආහාර මාර්ගයෙන් රුධිර නාලවල ඇති ලේ වලට උරා ගනියි. රුධිරය ප‍්‍රධාන කොටස් දෙකකින් නිර්මාණය වී තිබේ. එනම් රුධිර සෙලවලිින් හා එම රුධිර පාවෙන දියරය වන ප්ලාස්මාවෙනි. ලේ වලට එක්වන ග්ලූකෝස් දිය වී තිබෙන්නේ ප්ලාස්මාවෙහිය. එම නිසා ඇතැම් වෛද්‍යවරු දියවැඩියා රෝගී තත්ත්වය වඩා නිවැරදිව හඳුන්වන්නේ ealevated pasma glucose හෙවත් ප්ලාස්මාවෙහි ග්ලූකෝස් මට්ටම ඉහල යාමක් ලෙසයි. අප ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට් ශරීරයේ ෙසෙල තුලදී දහනය වී ශක්තිය නිෂ්පාදනය කිරීමේ කි‍්‍රයාවලියේ ඇතිවන වරදක් නිසා දියවැඩියාව ඇති වේ. ආහාර දහනය කර ශක්තිය බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය හඳුන්වන්නේ පරිවෘත්තිය යනුවෙනි. එම නිසා දියවැඩියාව පරිවෘත්තීය රෝගයක් ලෙස හඳුන්වයි.
දියවැඩියා රෝගය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂාවන්
x ග්ලූකෝස් පරීක්ෂාව
1.ග්ලූකෝස් දැරීමේ පරීක්ෂාව
2. රුධිර යූරියා
3. සීරම් ක‍්‍රියැටිනික්
4. ෆ‍්‍රක්ටොස් ඇමයින්
5. ග්ලයිනසලේටඞ් හිමොග්ලොඹින්
6. සීරම් කොරස්ටරෝල්
7. හිමොග්ලොබින්
8. ගැමා
9. ලිපිඩ ප්‍රොෆයිල්
10. ලීවර් ප්‍රොෆයිල්
11. රීනල් ප්‍රොෆයිල්
x ග්ලූකෝස් පරීක්ෂාව
1.ග්ලූකෝස් දැරීමේ පරීක්ෂාව
2. රුධිර යූරියා
3. සීරම් ක‍්‍රියැටිනික්
4. ෆ‍්‍රක්ටොස් ඇමයින්
5. ග්ලයිනසලේටඞ් හිමොග්ලොඹින්
6. සීරම් කොරස්ටරෝල්
7. හිමොග්ලොබින්
8. ගැමා
9. ලිපිඩ ප්‍රොෆයිල්
10. ලීවර් ප්‍රොෆයිල්
11. රීනල් ප්‍රොෆයිල්
x මුත‍්‍රා පරීක්ෂණ
1. මුත‍්‍රා පූර්ණ වාර්තාව
2. පැය 24 තුළ ක‍්‍රියැටිනික් පිට කිරීම
3. පැය 24 තුළ ප්‍රෝටීන් පිට කිරීම
4. මයික්‍රො ඇල්බියුමින්
x වෙනත්
1 ECG
දියවැඩියාවෙන් පෙලෙන රෝගියෙකුගේ ශරීරයේ ඉන්ද්‍රියන් කරා ගෙන ආ රුධිරයේ අන්තර්ගත ග්ලූකෝස් වලට ශක්තිය නිපද වීම සඳහා සෙල තුළට ඇතුළත් වීමට නොහැක.එයට හේතුව වන්නේ ඉන්සියුලින් හෝමෝනයයි.මෙම හෝමෝනය මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් සෙල තුළට උරා ගැනීම සිදු කරයි.අපි ශක්තිය ලබා ගැනීමේ දී ඒ සඳහා අත්‍යවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් පෝෂකය දහනය කිරීමට උපකාර වන්නේ ඉන්සියුලීන් හෝමෝනයයි. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ අග්න්‍යාසයෙනි. දියවැඩියාව වැලඳුණ තැනැත්තෙකුගේ ශරීරය තුළ පහත සඳහන් වෙනස්කම් දෙකෙන් එකක් සිදු වේ.
1. අග්න්‍යාසය මඟින් ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම හෝ නිෂ්පාදනය අඩු කිරීම.
2. අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් හෝමෝනයේ ස්වභාවය වෙනස් වීම නිසි ලෙස ක‍්‍රියා කිරීම.
මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ ග්ලූකෝස් සෙල තුළට ගමන් නොකිරීමේ හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමයි. දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකිරීමට නොහැකිය. ජීවිත කාලය පුරාම ප‍්‍රතිකාර ලබාගත යුතුයි. ඒ මඟින් මනා සේ රෝගය පාලනය කර ගැනීමෙන් සංකූලතාවයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පුළුවනි.
nice
ReplyDeletenirogimath diwiyakata godak wedagath
ReplyDeletethank you
Deletewatina lipiyak
ReplyDelete