Saturday, July 28, 2018

දියවැඩියාව හඳුනා ගනිමු




      අපේ ශරීරයට ශක්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශක්තිය අවශ්‍යය වේ. එම ශක්තිය ශරීරයට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් මගිනි. එනම් සීනි, පිටි සහ මේද සහිත ආහාර වර්ග ශරීරයේ සෙල තුළදී දහනය කිරීමෙනි. එම  ක‍්‍රියාවලිය  අඩාල වීම නිසා හට ගන්නා රෝග තත්වය දියවැඩියාව ( diabetes mellitus )ලෙස හඳුන්වයි. ජනවහරේ මෙම රෝගය දියවැඩියාව ලෙස හඳුන්වන්නේ දිය වැඩිපුර හෙවත් මුත‍්‍රා වැඩිපුර පහවීම හේතුවෙනි. දේශිය වෛද්‍ය ග‍්‍රන්ත වල මධුමේහය නමින් මෙය හඳුන්වයි.
     සීනි ලෙස අප හඳුන්වන්නේ මිළට ගනු ලබන සිනි නොවේ. එහි විද්‍යාත්මක නාමය ”සුක්රෝස් ” වේ. එහෙත් අපේ ලේ වල අන්තර්ගත වන්නේ සුක්රෝස් නොවෙයි. සුක්රෝස් ආහාරයට ගත් පසු එය ආහාර මාර්ගයේදී ජීර්ණය වී ග්ලූකෝස් බවට පරිවර්තනය වී එය ආහාර මාර්ගයෙන් රුධිර නාලවල ඇති ලේ වලට උරා ගනියි. රුධිරය ප‍්‍රධාන කොටස් දෙකකින් නිර්මාණය වී තිබේ. එනම් රුධිර සෙලවලිින්  හා එම රුධිර පාවෙන දියරය වන ප්ලාස්මාවෙනි. ලේ වලට එක්වන ග්ලූකෝස් දිය වී තිබෙන්නේ ප්ලාස්මාවෙහිය. එම නිසා ඇතැම් වෛද්‍යවරු දියවැඩියා රෝගී තත්ත්වය වඩා නිවැරදිව හඳුන්වන්නේ ealevated pasma glucose හෙවත් ප්ලාස්මාවෙහි ග්ලූකෝස් මට්ටම ඉහල යාමක් ලෙසයි. අප ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට් ශරීරයේ ෙසෙල තුලදී දහනය වී ශක්තිය නිෂ්පාදනය කිරීමේ කි‍්‍රයාවලියේ ඇතිවන වරදක් නිසා දියවැඩියාව ඇති වේ. ආහාර දහනය කර ශක්තිය බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය හඳුන්වන්නේ පරිවෘත්තිය යනුවෙනි. එම නිසා දියවැඩියාව පරිවෘත්තීය රෝගයක් ලෙස හඳුන්වයි.

 දියවැඩියා රෝගය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂාවන්
x ග්ලූකෝස් පරීක්ෂාව
   1.ග්ලූකෝස් දැරීමේ පරීක්ෂාව
   2. රුධිර යූරියා
   3. සීරම් ක‍්‍රියැටිනික්
   4. ෆ‍්‍රක්ටොස් ඇමයින්
   5. ග්ලයිනසලේටඞ් හිමොග්ලොඹින්
   6. සීරම් කොරස්ටරෝල්
   7. හිමොග්ලොබින්
   8. ගැමා
   9. ලිපිඩ ප්‍රොෆයිල්
   10. ලීවර් ප්‍රොෆයිල්
   11. රීනල් ප්‍රොෆයිල් 

x මුත‍්‍රා පරීක්ෂණ
   1. මුත‍්‍රා පූර්ණ වාර්තාව
   2. පැය 24 තුළ ක‍්‍රියැටිනික් පිට කිරීම
   3. පැය 24 තුළ ප්‍රෝටීන් පිට කිරීම
   4. මයික්‍රො ඇල්බියුමින්

x වෙනත්
      1 ECG
       
     දියවැඩියාවෙන් පෙලෙන රෝගියෙකුගේ ශරීරයේ ඉන්ද්‍රියන් කරා ගෙන ආ රුධිරයේ අන්තර්ගත ග්ලූකෝස් වලට ශක්තිය නිපද වීම සඳහා සෙල තුළට ඇතුළත් වීමට නොහැක.එයට හේතුව වන්නේ ඉන්සියුලින් හෝමෝනයයි.මෙම හෝමෝනය මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් සෙල තුළට උරා ගැනීම සිදු කරයි.අපි ශක්තිය ලබා ගැනීමේ දී ඒ සඳහා අත්‍යවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් පෝෂකය දහනය කිරීමට උපකාර වන්නේ ඉන්සියුලීන් හෝමෝනයයි. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ අග්න්‍යාසයෙනි. දියවැඩියාව වැලඳුණ තැනැත්තෙකුගේ ශරීරය තුළ පහත සඳහන් වෙනස්කම් දෙකෙන් එකක් සිදු වේ.

1. අග්න්‍යාසය මඟින් ඉන්සියුලින් නිෂ්පාදනය නොකිරීම හෝ නිෂ්පාදනය අඩු කිරීම.
2. අග්න්‍යාශය මඟින් නිපදවන ඉන්සියුලින් හෝමෝනයේ ස්වභාවය වෙනස් වීම නිසි ලෙස ක‍්‍රියා කිරීම.

     මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ ග්ලූකෝස් සෙල තුළට ගමන් නොකිරීමේ හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමයි. දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකිරීමට නොහැකිය. ජීවිත කාලය පුරාම ප‍්‍රතිකාර ලබාගත යුතුයි. ඒ මඟින් මනා සේ රෝගය පාලනය කර ගැනීමෙන් සංකූලතාවයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට පුළුවනි.

Thursday, July 19, 2018

සරසවි සිහිනය






සිහින දහසක් පොදි බැදන්
වැඩ කළෙමි රෑ නිදි වරන්
A/L කඩඉම සමත් වන්නට
පෙරුම් පිරුවෙමි දුර ඉදන්

ලැබූ නමුදු සරසවි වරම්
සිත සිහින මල් පල දරන්
පා තැබුව දින සරසවිය වෙත
තැනූයෙමි සිත මල් විමන්

සිහින එකිනෙක ගිලිහෙමින්
මුළු ගතම හෙම්බත් වෙමින්
සරසවියෙ තතු හැඳින ගත්තෙමි
දිනෙන් දින ගෙවෙන සැනින්

සිහින දහසක නවමු අරුණැලි
සොයා යා මහ ජීවිතේ
සරසවිය එක් කඩඉමකි දැන්
නොවෙයි ජය මග ජීවිතේ

Friday, July 13, 2018

‘මතට තිත’ නමටද?






මත්ද්‍රව්‍ය බොහෝමයක තිබෙන රසායනික ද්‍රව්‍යයක් වන්නේ එතනෝල්  නැතිනම්  ඊතයිල් මධ්‍යසාරයයි.මෙය භාවිතයෙන් ස්නායුවලට ප‍්‍රබල හානියක්සිදු වේ. ඇත්තෙන්ම මත්වීම යනු විද්‍යාත්මකව බැලූ විට යම්  ආකාරයක විෂවීමකි. මධ්‍යසාර වැඩිපුර ශරීර ගත වුවහොත්  සිහිනැතිවීම, මරණය පවා සිදුවිය හැකියි.
ඊතයිල් මධ්‍යසාර ශරීර ගත වූ පසු එහි විෂ ගතිය අඩු වන්නේ ඉතාම සෙමෙන්ය.එය මොළයට ප‍්‍රබලව හානිකරන අතර හොඳින් කතා කිරීමේ හැකියාව, සිහිකල්පනාව සහ හැසිරීම සියල්ල වෙනස් කරයි. එසේ සිදු වන්නේ මොළයේ රසායනික ද්‍රව්‍යවල සංයුතිය ඊතයිල් මධ්‍යසාර මඟින් වෙනස් කරන නිසාය. එවිට මොළයට අවශ්‍ය නිවැරදි සංඥා නොලැබෙන නිසා නිසි පාලනයක් සිදු නොවේ. එම නිසයි මධ්‍යසාර භාවිත කළ තැනැත්තෙකු එමකාලය තුළ සිදුකරන ක‍්‍රියා පිළිබඳ පසුව පසුතැවිලි වන්නේ ඒ වගේම මේ තුළින්සෞඛ්‍ය සම්පන්න ආර්ථීකයකට කරන බලපෑම වචනයකට නැගිය නොහැකිය. ඒ සඳහා දියර කිරි බීමට ජනතාව යොමු කළ යුතුව ඇත.එහෙත් තවමත් අප කිරි එළදෙනුන් මරාගෙන බයිට් එකට ගන්නා ජාතියකි.
1912 දී ලංකාවේ සුරාබදු පනත ආරම්භකර පළමු ශ‍්‍රී ලංකා තැබෑරුම්  විවෘත කරන්න ගිය අවස්ථාවේ පාරට බැස්ස වීරයෝ අද සිටියානම් රටට මෙතරම් දරුණු හානියක් ඇති නොවන්නට ඉඩ තිබුනි. ඔවුන් අද ජීවතුන් අතර සිටියානම් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් එල්ලුම් ගස නියමකරනු ඇත.
අද ලෝකයේ දිනකට මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳ සාකච්ඡා, මාධ්‍ය වැඩසටහන්, කොතෙකුත් ක‍්‍රියාත්මක වුවද එය තුරන් කිරීමට නොහැකි දරුණු රෝගයක් මෙන් ඔඩුදුවා ඇත. හෙට වන විට ’ZOMBI නමැති දරුණු මත්ද්‍රව්‍යයන් මෙරටට ගෙන ඒම වැළැක්වීමට හැකිවේද? පාලකයිනි, මෙවැනි මිනිසුන් නොෙමිනිසුන් කරන මත්ද්‍රව්‍ය මේ පුංචි රටට ගෙන ඒම වැළැක්වීම ඔබ සතු වගකීමකි.දිනකටටොන් පිටින් අත්අඩංගුවට ගන්නා කෝටි ගනනක් මත්ද්‍රව්‍යවලට කුමක් වෙනවාද යන්නවත් අප හරි හැටි නොදනී. මෙවැනි අවස්ථාවල විනිවිදභාවයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
වර්ථමානයේ සිරගෙවල් වල කම්බි කූරු ගණින බහුතරයක් තරුණ පිරිස් මත්ද්‍රව්‍ය නිසා අපරාධ වලට යොමුවී නීතියේ රැහැනට කොටු වූවන්ය. ජීවිතයේ සුන්දරම කාලය මෙලෙස ගෙවීමට සිදුව ඇත්තේ ඔවුන් මනසට ඉඩ නොදී හැඟීම් වලට ඉඩ විවර කළ නිසාය. මිත‍්‍රවේෂයෙන් පැමිණ ජීවිතය අඩවන් කරන විට ඔවුන්ට සත්‍යයටපත් වී යයි.නැවත සිහිඑලවා ගන්නා විට ඔවුන් පමා වැඩියි. වර්ථමානයේ සිදු වන බොහෝ අපරාධ, රියඅනතුරු, මංකොල්ලකෑම්, ජීවිත හානි, පවුල්හානි, පවුල්බිද වැටීම්,සියල්ලටමහේතු වී තිබෙන්නේ සැමියා, පියාහෝදරුවන් මතටඇබ්බැහි වීමයි.
බීමත් පියාගෙන් බිරිඳට දරුවන්ට හිරිහැර සිදු වූයේ අද ඊයේ සිටනොවේ.මත්වීමේ ආනිශංස කියන්නට කොතෙකුත් උදාහරණ ඇත. ලෝක අමධ්‍යප ව්‍යාපාර, වැඩිහිටිදින, කාන්තාදින, ළමාදින, මව්වරුන්ගේ, පියවරුන්ගේදින, ගුරු දින, වෙන් කළද එ් පිළිබද කොතෙකුත් කථා කලද මේ වන විටත් මත්ද්‍රව්‍ය වලින් වන ඛේදවාචකයෙහි අඩුවක් නැත.එසේනම් මතට තිත කවදද? තවත් මේ පිළිබඳ බලාසිටී මෙන් රටට වෙන හානිය කොතෙක්ද යන්න තීරණය කිරීමටවත් නොහැකිවේ. එමනිසා කළ යුතුව ඇත්තේ නීත්‍යානුකූල හෝ නොවන සුරා සැල්වලට ලයිසන් දීම නොවේ. රටේ ඇති බාර් වසා දමා වචනයේ පරිසමාප්ත අර්ථයේම මතට තිත තැබීය.

Friday, July 6, 2018

මයිකල් ජැක්සන්







පොප් සංගීතය තුළ ජැක්සන්ගේ ආත්මය තුළ මුල්බැස ගත්තේය. ජේම්ස් බ්රවුන් , ජැකී විල්සන් , ඩයනා රොස් , ෆ්රෙඞ් අස්ටේයර් , සැමි ඬේවිස්, ජේන් , ජේන් කෙලී , ඬේවිඞ් රෆින් , ජේම්ස් බ්රවුන් , ජේම්ස් බ්රවුන් , බීජී ගීස් , සහ බටහිර සෙක්යමේ ස්ටෝරි නර්තන ශිල්පීන්ගේ ආභාෂය මයිකල් ජැක්සන් බිහි වීමට බලපාන ලදි . ජේම්ස් බ්රවුන් ජැක්සන්ගේ ශ්රේෂ්ඨතම අනුප‍්‍රාණය විය. බ්රෝඞ් ගැන සඳහන් කළ ජැක්සන්  ප‍්‍රකාශ කලේ කුඩා කාලයේ සිටම ඉතාම ආශාවෙන් ඇයගේ නිර්මාණ රූපවාහිනිය නැරඹීමට කැමැත්තක් දැක්වූ බවය. ඒ වගේම ඔහු ජේම්ස් බ්‍්‍රවුන් නිසා මගේ ජීවිතයේ වෙනස් විය යන්නද ප‍්‍රකාශ කළේය.
තරුණ මයිකල් ජැක්සන් ඩයනා රොස් වෙත ඔහුගේ ගීත තාක්ෂණයට විශාල දායකත්වයක් ලබා දුන්නේය. ඇයගේ මවගේ නම පමණක් නොව, නිරතුරුවම ඉටු වූ රඟපෑමක් ලෙස ඇය නිරතුරුවම නිරීක්ෂණය කරන ලදී. පසුව ඇය මෙසේ ප‍්‍රකාශ කලේය. ”මම ඇයව හොඳින් දැන සිටියෙමි, මම ඇයගෙන් බොහෝ දේ උගත්තාය, මම කෙළින්ම වාඩි වී ඇය ගමන් කළ ආකාරය නිරීක්ෂණය කළාය, ඇය චලනය කලාය, ඇය ගායනා කළ ආකාරයටම එසේ කළාය.” ඔහු කිව්වා ” මම කැමතියි ඔබ වගේ වෙන්න ඩයනා.” එවිට ඇය මෙසේ පැවසුවා ” ඔබම ඔබමයි. ” එහෙත්, ජැක්සන් ඔහුගේ දිගු ශෛලියේ කොටසක් විය. යෞවන වයසේ සිට ජැක්සන්ට බොහෝවිට ඩයනා රොස් විසින් ගායනා කරනු ලබන අධිෂ්ඨානය යොදා ඇති බොහෝ ගීතයන් බලපෑම් කර ඇත
මෙම බලපෑමත් සමඟ තරුණ මයිකල් ජැක්සන් පසුකාලීනව මුළු මහත් ලෝකයක් අමන්දානන්දයට පත් කළ මුළු මහත් ලෝකයේ ජනතාවගේ ආදරය, ආකර්ශනය දිනා ගත් ජනප‍්‍රිය චරිතයක් ලෙස මයිකල් ජැක්සන් හැඳින්විය හැකිය. ඔහු ලෝකයේ ”පොප් කිං” ලෙස පොදුවේ විරුදාවලිය ලබා තිබේ. එසේ පැවසීමට බලපාන ලද්දේ පොප් සංගීත කළාවේ නව මුහුණුවර නැතිනම් එය ලෝකයට ගෙනවිත් ජනාදරයට පාත‍්‍ර කළේ මොහුය. සරළවම පැවසුවහොත් ජනප‍්‍රිය පොප් සංගීත කළාවේ උල්පත මයිකල් ජැක්සන්ය. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවටම ඔහු සංගීත වීඩියෝ වල කළාව හා නූතන පොප් සංගීතයට මඟ පෑඳීය. ජැක්සන්ගේ බොහෝ වෘත්තින් සඳහා ඔහුගේ සංගීතය සහ මානුශීය කටයුතු හරහා ලොව වෙසෙන සෑම තරුණ තරුණයෙක්ම වෙනුවෙන් ඔහු අසම සම ලෙස ලෝක ව්‍යාප්ත බලපෑමක් කරනු ලැබීය. ”ත්රාසයර්” ඔහුගේ සංගීත සහ වීඩියෝ දර්ශණ ඵඔඪ හි රෙස්ටුරන්ට්හි වාර්ගික විවිධත්වය පෝෂණය කළ අතර රොක් සහ පොප් සංගීතයෙන් ඍ * ඉ වලින් කේන්ද්‍රගත විය. ජැක්සන්ගේ සංගීත ජීවිතයට විවිධාකාර විවිධ සංගීත ශීල්පීන්ගේ විවිධ කළාකරුවන්ගේ බලපෑමට නිරන්තරයෙන් බලපානු ලැබ තිබේ. ඔහු ගිනස් ලෝක වාර්ථාව මඟින් ලොව හොදම වාසනාවන්ත කළාකරුවකු ලෙස පිළිගෙන ඇත. මෙලෙස ඔහු ජනප‍්‍රියත්වයට පත්වීමට බලපාන ලද ප‍්‍රධානම ලක්ෂනය වන්නේ ඔහුගේ නව නිර්මාණකරනයයි. එවැනි නිර්මාණ ජනතාවට වෙනත් අයෙකුගෙන් දර්ශනය වී නොතිබීමත් එහි ආකර්ශණ ශක්තියත්ය ප‍්‍රබල නිසාත්ය. ඔහු මෙතරම් ජනාදරයට පාත‍්‍ර වන්නේ ජනප‍්‍රිය සංස්කෘතියේ බලපැම නිසාය. ඒ අනුව මයිකල් ජැක්සන් ජනප‍්‍රිය පොප් සංගීත සංස්කෘතියේ ප‍්‍රබල නියෝජනයකි. ඒ අනුව ඔහු ජනප‍්‍රිය සංස්කෘතිය තුළ ගෝලීය චරිතයක් බවට පත්ව තිබේ.   
වීබේ මාධ්‍ය සමූහයේ ප‍්‍රධාන අන්තර්ගත නිළධාරියා වන ඩැනියෙල් ස්මිත් සහ වීබේ හි ප‍්‍රධාන සංස්කාරක ජැක්සන් ශ්‍රේෂ්ඨතම තරුව ලෙස විස්තර කරයි. ්ඛඛ ඵඹීෂක්‍ ගේ ස්ටීව් හුවී විස්තර කරන්නේ නොපැකිලෙන ජුගර්නියම් ලෙසිනි. එය හුදෙක් දෘෂ්‍යමාන ලෙස පෙනෙන ප‍්‍රස්ථාර හසුරුවාලීම සඳහා සියලූ කුසලතාවන් සතුව තිබේ. ක්ෂණිකව හදුනාගත හැකි හඩක්, ඇසට පෙනෙන තර්කන චලනයන්, විස්මිත සංගීත විචල්‍යතාවන් සහ තරු බලයෙන් පිරී ඇති යන්න අර්ථ ගැන්වෙයි. ඊෑීඔ විසින් ජැක්සන් විස්තර කළේ සියලූ කාලවල විශිෂ්ඨතම විනෝදාස්වාදකයා ලෙස සහ වීඩියෝව තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් ආලෝකයට ආලෝකයක් යන නර්ථන ශිල්පීන්  තමන් ගෙන එමින් ජනතාව තුළ නොමැකෙන ප‍්‍රතාපවත් චරිතයක් බවට පත් වූ බවයි. ජැක්සන්ගේ ශබ්ධය හා ශෛලිය වෙන කෙනෙකුගෙන් අත් නොලබපු ආකර්ශනීය ගායන හා රංගන විලාශයක් වීම මහජනතාව එය තවදුරටත් එය ආදරයෙන් වැළඳ ගත්තේය. මහජනතාව මෙන්ම මේත් සමගම ඔහු වටා මේ වන විට බොහෝ රටවල ඔහුගේ රංගන, ගායන විලාශයන් ආභාෂය කොට ගත් පිරිසක් ද නිර්මානය විය.
ඬේලි ටෙල්ග‍්‍රාෆ් හිදී 2003 දි ටොමි උලයි ජැක්සන්ව විස්තර කළේ අතිශයින්ම වැදගත් සහ ජේනියස් ලෙසිනි. 2007 වසරේ ජැක්සන් පැවසුවේ සංගීතය, මගේ ලෝකය තුළ සියලූ පේ‍්‍රක්ෂකයන්ට ලබාදුන් තෑග්ගක් ලෙසිනි. මගේ සංගීතය හරහා මම සදාකාලිකව ජීවත් වනු ඇතැයි මම දනිමි ලෙසිනි. 2014 වර්ෂයේ ජැක්සන්ගේ ිකදබ උපන්දිනය වෙනුවෙන් ඨදදටකැ විසින් සිය ගූගල් ඩූඞ්ල් විසින් ඔහුට කැප කළේය. අද වන විට ජැක්සන්ගේ ඉපැයීම සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2016 දී ෆෝබ්ස් කළ වාර්ථාවකට අනුව ඔහුගේ මරණින් වසරක් ඉක්ම වුවද සෑව වසරකම ඩොලර් මිලියන 825ක් ආදායම ලැබූ බවයි. මොහු මරණයෙන් වඩාත් අලෙවි වන සංගීත ශිල්පියා විය. 2017 ඔක්තෝම්බර් මාසයේ ගෝබ්ස් විසින් නිවේදනය කරන ලද්දේ ජේසුස් විසින් පස්වන වරටත් ඉහළම ආදායම් ලබන මියගිය ලයිස්තුවට ඩොලර් මිලියන 75ක වාර්ෂික ආදායම් ලබා ඔහු ඇතුළත් වී තිබෙන බවයි.         
මේ ආකාරයට මයිකල් ජැක්සන් ලොව ප‍්‍රධානතම  ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රභළ සාධකයක් බව පැවසීම තහවුරු වී තිබේ.

මාධ්‍ය ආචාරධර්ම යනු .......


                 ව්‍යවහාරික ආචාරධර්ම වල උප විෂය ක්ෂේත‍්‍රයක් ලෙස මාධ්‍ය ආචාරධර්ම හදුන්වාදිය හැකිය. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මධ්‍ය, අන්තර්ජාල හා නව මාධ්‍ය ඇතුළු සන්නිවේදන මාධ්‍යයන්ට විශේෂිතව මාධ්‍යයන්ගේ සම්මත ප‍්‍රමිතීන් හා ආචාරධර්මීය මූලධර්ම හා සමඟ කටයුතු කරන ව්‍යවහාරික ආචාරධර්ම වලට මාධ්‍ය ආචාරධර්ම නමින් හැදින් වේ.
ලොව සෑම රටකටම මාධ්‍යයන්ට විශේෂිතව පොදුවේ පිළිගත් ආචාරධර්ම මාලාවක් පවතී. විශේෂයෙන් ලොව ජනමාධ්‍යවේදය, පුවත් වාර්තාකරණය යන අංශයන් තුළ සුවිශේෂී තේමාවන්ට විශේෂිතව ආචාරධර්ම මාලාවන්, ප‍්‍රඥප්තින් සකස්කරගෙන තිබේ. උදාහරණ වශයෙන් සියදවි නසාගැනීම වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම මාලාවන් පවතී. යුධ පුවත් වාර්ථාකරණය සම්බන්ධ ආචාරධර්ම, දැන්වීම්කරණය පිළිබඳ ආචාරධර්ම, මහජන සම්බන්ධතා ආචාරධර්ම යනාදී වශයෙන් විශ්වීය ලෙස පිළිගත් වෘත්තීය ආචාරධර්ම මාලාවන් ක‍්‍රියාත්මක වන්නේ මාධ්‍යයේ වෘත්තීමය අගය ආරක්ෂා කිරීමත් විශේෂයෙන්ම මාධ්‍යයෙන් සාමාන්‍ය ජනතාවට කෙරෙන බලපෑම විෂයෙහි වඩාත් හිතකර යහපත් පැවැත්මක් ඇතිකර ගැනීම අරඹයා ය.
මෙයට අමතරව ඒ ඒ රටවල එක් එක් ජනමාධ්‍ය ආයතනයන් විසින් සිය පෞද්ගලික වෘත්තිමය ගරුත්වය සහ ග‍්‍රාහක ක්ෂේත‍්‍රයට බලපාන පරිදි ආචාරධර්ම මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. උදාහරණ වශයෙන් ලාංකීය ගුවන්විදුලි සංස්ථාව ආරම්භයේදීම නිවේදනය කෙරෙහි බලපවත්වන පරිදි ආචාරධර්ම මාලාවක් සකස් කර තිබේ. එමෙන්ම මේ වන විට රටේ පවතින එක් එක් මාධ්‍ය ආයතන තුළ සිය වෘත්තීමය පැවැත්ම හා ග‍්‍රාහක ක්ෂේත‍්‍රය කෙරෙහි බලපාන පරිදි ආචාරධර්ම මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. 
මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය හැදෑරීමට අවශ්‍ය මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡුාවට භාජනය කළ හැකි ය.
x සත්‍යවාදී බව
x නිදහස
x හානිය අවම කිරීම
x වගකිව යුතු බව
යනා දී වශයෙනි. මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු, අදහස් හා දැනුම සම්පේ‍්‍රෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කල විවිධ මාධ්‍ය දැකගත හැකි ය. එවැනි මාධ්‍ය ලෙස.
x මුද්‍රිත මාධ්‍ය
x විද්‍යුත් මාධ්‍ය
x ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය
x නව මාධ්‍ය
යන් පෙන්වා දිය හැකි ය. ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග‍්‍රහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්පේ‍්‍රෂණය කරන ආකාරයක් දැකගත හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප‍්‍රවෘත්ති වාර්තා හා විශේෂාංග වල අංක භාවය හා සත්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘත්තීය ජනමධ්‍යකලවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය.
x පණිවුඩයේ විශ්වසනීයත්වය
x මුලශ‍්‍රයේ විශ්වසනීයත්වය
යන සාධක දෙක කෙරෙහි අවධානය යොමු කරමින් ය. තව ද ප‍්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එ ලෙස ම එම නිර්මාණය හෝ ප‍්‍රවෘත්තිය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ත වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග‍්‍රාහකයට තෘප්තිමත් විය හැකි ය. එමෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම සත්‍යය තොරතුරු කෙරෙහි සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප‍්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය.තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම.
x ආරක්ෂකයෙකු වශයෙන්
x මණ්ඩපයක් වශයෙන්
x ගුරුවරයෙකු වශයෙන්
සිටිමින් තමා සතු වගකීම ග‍්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් අදිරිපත් කළ යුතු ය.නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය. එවන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන් ලෙස යා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන් ලෙස පහතට වැටි ඇති ආකාරය යි.
මුද්‍රිත මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවි වලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත්වලට ද ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳව ද ආචාරධර්ම ඇතුලත් කර ඇත. වර්තමානයේ දී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය   ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක්‍‍්‍රමවේදයක් වී ඇත. එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලෙන   ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැුකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය. තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ. අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.
වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම් තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු, සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ අයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ. තව ද අද වන විට පවතින තාක්ෂණික දියුණුවත් සමඟ ජනමාධ්‍යවේදීන් තුළ ස්වයං නියාමනයක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම ආචරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවතී. ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටළු මතුවන අවස්ථා කිහිපයක් මෙසේ සඳහන් කල හැකිය.

x අන්‍යන්ගේ ලිපි තමන්ගේ ලිපි ලෙස පළ කිරීම.
x තම පෞද්ගලික හැඟීම් මුසු කිරීම.
x දැනගත යුතු තොරතුරු අත් හිටුවීම.
x තොරතුරු ප‍්‍රකෘති කිරීම.
x පෞද්ගලිකත්වය ආක්‍‍්‍රමණය කිරීම.
x පක්ෂග‍්‍රාහි වාර්තාකරණයේ යෙදීම.

මෙවැනි හේතු ආචාරධර්ම සංග‍්‍රහය ගොඩ නැඟීමට හේතු විය. තව ද මානව සාරධර්ම සුරකමින් මෙම කාර්යයෙහි නිරත වීමට විද්වතුන් විසින් ආචරධර්ම ප‍්‍රභේද තුනක් යටතේ දක්වයි.

x පරම ආචරධර්ම -  සමස්තව පිළිිගත් ආචාරධර්ම.
x නීති විරෝධි ආචරධර්ම -  නීතියට පටහැනි ආචාරධර්ම.
x අවස්ථානුකූල ආචරධර්ම -  අවස්ථාවට උචිත පරිදී වෙනස් කිරීම.

තව ද මෙම ජනමාධ්‍ය ආචාරධර්ම භාවිතා කරන පුද්ගලයන් අනුව ද වෙනස් වේ. ඒ අනුව මාධ්‍ය පාරිභෝගිකයා රැුුකීම අරමුණු කරගත් ආචාරධර්ම , මාධ්‍ය සේවකයින් අරමුණු කරගත් ආචාරධර්ම , අයිතිකරුවන් අරමුණු කරගත් ආචාරධර්ම , නීතිමය වගකීම අරමුණු කරගත් ආචාරධර්ම , වශයෙන් එය දැක්විය හැක. ලොව ප‍්‍රකට මාධ්‍ය ආයතන වලට ද ආචාරධර්ම පද්ධතියක් ඇත. 
නූතන මාධ්‍ය ක්ෂේත‍්‍රය දෙසට අවධානය යොමු කිරීමේදි මුලින් දක්වන ලද ආවාරධර්මීය ස්වභාවයන් කඩවන බවක් දක්නට ලැබේ.  එලෙස මෙම ජනමාධ්‍යය ආවාරධර්ම කඩවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක ද ප‍්‍රබල වශයෙන් දක්නට ලැබේ. ඒවා ප‍්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔස්සේ  දැක්විය හැක.

x පක්ෂග‍්‍රාහි වාර්තාකරණය.
x පණිවුඩ හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම.
x තොරතුරු විකෘතිකරණය
x භාවාතිශය වීම.

මෙහිදී පක්ෂග‍්‍රාහි වාර්තාකරණය යනු වාර්තාකරන සිදුවීම අර්ධ වශයෙන් සත්‍යයක් වීම, මායවක් වීම, අඩමුසාවක් වීම හෝ  හිතාමතාම ගොතන ලද බොරුවක් වීම දැක්විය හැක.  මෙහිදී සාකච්ඡුාවට බදුන් වන්නේ ප‍්‍රස්තුත ප‍්‍රශ්නයේ එක් පැතිකඩක් පමණී. තව ද ජනමාධ්‍යය ආයතන බොහෝමයක් ස්වාධීන නොමැත. එය නිතර හිමිකරුගේ හෝ හිතවත්කම් දක්වන දේශපාලන පක්ෂ වල හෝ රජයේ රජයේ ඇඟිලි ගැසීම් වලට ලක් වේ.මේ හේතුවෙන් සමාජ, දේශපාලනික, ආර්ථිකමය ආදී වශයෙන් තමන්ට වාසිදායක වන අයුරින් හැසිරවීම හා සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීම නිරතුරුව දක්නට ලැබේ. මෙය අහිතකර වේ. තොරතුරු විකෘතිකරණය ද මෙහිදි සිදුවන ප‍්‍රබල ගැටළුවකි. ජනමාධ්‍යය මඟින් විසුරුවා හරින තොරතුරු සමුදාය තුළට අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු වේ. ජනතාව මෙම විකෘති තොරතුරු පිළිගෙන තම මතය ගොඩ නැඟීමට උත්සහ කරයි. මෙය අහිතකර තත්වයකි. ග‍්‍රාහකයින්ගේ කුතුහලය අවුස්සන හැඟීම්බර ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ද මෙය අහිතකර වේ. මේවා භාවාතිශය තොරතුරු වේ.මේ ආදි වු කරුණු හේතුවෙන් ජනමාධ්‍යය ආචාරධර්ම කඩවීම දක්නට ලැබේ. මේ හේතුවෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් මෙම ආචාරධර්ම කඩවීම වැළැක්වීමට ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයක් ඉදිරිපත් කරන ලඳි
ජනමාධ්‍යවේදයෙහි උසස්ම ප‍්‍රමිති පවත්වාගන්නා අතරම ශී‍්‍ර ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක/පේ‍්‍රක්ෂක වුවමනා සහ අපේක්ෂාවන්ටසංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතුය.
මෙම ප‍්‍රමිතීන් මගින් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් මාධ්‍ය නිදහසේ මූලික නියමයන්ට එරෙහි විකෘති වාණිජත්වයෙන් හෝ අයුතු පීඩනයෙන් හෝ පටු අභිමතාර්ථයන්ගෙන් මිදුණු නිවැරදි බව හා සවෘත්තීය ඒකාබද්ධතාවය උදෙසා උත්සාහ දැරීමත්, මහජන සුභසිද්ධිය වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදයෙහි උසස් සම්ප‍්‍රදායන් පවත්වාගෙනයාමත් අපේක්ෂා කෙරේග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, වෙබ්  අඩවි ප‍්‍රකාශන මෙන්ම එහි මාධ්‍යවේදීන් හටද තමන්ගේම ප‍්‍රබල මත දැරීමට හා ප‍්‍රකාශ කිරීමට නිදහස ඇත. එසේම ඔවුන් අන් අයගේ අදහස්වලට නිසි අවධානය යොමු කිරීමේසමාජ වගකීම පිළිබිඹු කිරීමට ද වගබලා ගත යුතුය.
මෙම ආචාරධර්ම සංග‍්‍රහය පුද්ගලිකභාවයේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා මහ ජනතාව සතු අයිතිය සුරැුුකීමට ස්ථාපනය කරන ලද්දකි. මෙය අකුරටම පිළිපැදීම සහ එහි ජීව ගුණයට ගරු කිරීම කළයුතු අතර, පුද්ගලිකත්වයේ අයිතීන් හෑල්ලූවට ලක්වන ආකාරයේ පටු අර්ථකථනයන් දීමක් හෝ මහජන සුභසිද්ධිය සඳහා වන ප‍්‍රකාශන වැලැක්වීමේ පටු අර්ථකථනයන් දීමක් කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.
        සන්නිවේදන අවශ්‍යතා සඳහා ජනමාධ්‍යය බිහිවීමෙන් පසු තොරතුරු මූලාශ‍්‍ර වල නිරවද්‍යභාවය හා ඉදිරිපත් කිරීමේ ක්‍‍්‍රම උපායන් භාවිතා කරමින් මාධ්‍ය ආචාරධර්ම බිහිවිය. සෑම වෘත්තියකටම ආචාරධර්ම පද්ධතියක් ඇත.එම වෘත්තිය රඳා පවතිනුයේ ආචාරධර්ම මත පදනම් වෙමිනි. ජනමාධ්‍යයේ බලපෑම ප‍්‍රමාණාත්මකව වැඩි නිසා මෙම ක්ෂේත‍්‍රයට අඳාලව ආචාරධර්ම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව   ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙකු විය හැකි නිසාවෙනි.
ජනමාධ්‍ය භාවිතාවන් සඳහා ආචාරධර්ම අවශ්‍ය වන්නේ ජනමාධ්‍යය සතු සමාජ වගකීම නිසි පරිදී ඉටුවනු සහතික කිරීම පිණිසය. ජනමාධ්‍යයේ සමාජ වගකීම ගොඩ නැගෙන්නේත් ජනමාධ්‍යවේදීන් ක්‍‍්‍රියාවට නංවනු ලබන්නේත් මහජනයා සතු ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතියයි. ප‍්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය මිනිසා මිනිසෙකු වීම නිසා නිසඟයෙන්ම හිමිවන මූලීක මානව හිමිකමකි. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ද මහජනයා සතු වේ. ඒ කෙරෙහි ජනමාධය්‍ය සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ජනමාධය්‍යට මේ හේතුවෙන් ස්වකීය ප‍්‍රජාවට හා සමාජය කෙරෙහි වගකීමක බැඳී සිටී. එම වගකීම ඉටු කිරීම පිණිස මාධ්‍ය විසින්ම ඇති කර ගන්නා මඟ පෙන්වීම ජනමාධ්‍ය ආචාරධර්ම ලෙස හදුනා ගනිමු.
ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප‍්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ ඇති නවීනත්වය තුළ සම්ප‍්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප‍්‍රථමික ක්‍‍්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැලක්වීමට නො හැකි ය.
මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි. ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයෙහි හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාරධර්මයන් පිළිපැදිය යුතු වනවා සේ ම වෙබ් අඩවි පවත්වාගෙන යාමේ දී ද ආචාරධර්මයන්ට එකඟව එය පවත්වාගෙන යා යුතු බව මෙ පරිදි සඳහන් කළ හැකි ය.
”ජනමධ්‍යවේදයෙහි උසස් ම ප‍්‍රමිති පවත්වාගන්නා අතර ම ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්, වගකීම් සහගත හා පාඨක  පේ‍්‍රක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය, වෙබ් අඩවි ඇතුළු සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසන් පිළිපැදිය යුතු ය”











ජීවිතයට ලංසු තියන්න ජංගම දුරකථනයට ඉඩ දෙනවාද?










              වර්ථමානය වන විට මිනිසාට සමීප හා ජනප‍්‍රියම මිතුරා බවට පත්ව තිබෙන්නේ ජංගම දුරකථනයයි. බහු කාර්යය උපකරණයක් ලෙස සන්නිවේදන කාර්යයේ සිට ඉන් ඔබ්බට ගොස් විවිධ කාර්යයන් පහසුකර දෙන ජංගම දුරකථනය නව තාක්ෂනය සමඟ මේ වන විටත් අත්වැල් බැඳගෙන තිබේ. මේ නිසාම මෙහි යහපත් මෙන්ම අයහපත් ප‍්‍රථිඵල දෙකම අත් විඳීමට සිදුව තිබේ. මෙහි අවදානම ජීවිත හානි පැමිණවීමට තරම් දරුණු වී තිබේ. ඒ වගේම එදිනෙදා කාර්ය බහුල ජීවිතයේදී බොහෝ වැඩ රාජකාරි ප‍්‍රමාණයක් ජංගම දුරකථනය අතින් ඉටුවීම මත මෙය කිසිසේත් දුරස් කිරීම කල නොහැකි වුවද පළමුව තමන්ගේ ආරක්ෂාව සලසාගෙන එය නිසි ලෙස භාවිත කිරීමට යොමුවීම මත අනතුරු අවම කර ගත හැකිය.
බොහෝ පුද්ගලයන් දිගු වේලාවක් ජංගම දුරකතනයෙන් කතාබහ කරන අවස්ථා දක්නට ඇත. එවිට හිස හා කන ආශි‍්‍රත ප‍්‍රදේශයේ හිරිවැටීමක්, රිදුමක් වැනි තත්ත්වයක් බොහෝ දෙනෙකු අත් විද ඇත. එය නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට එතරම් හිතකර නොවන අතර ඒ සඳහා හෑන්ඞ් ෆ‍්‍රී එකක් භාවිත කිරීමට හැකිනම් එම බලපෑම අවම කර ගැනීමට හැකි වේ. ශාරීරික බලපෑම මදකට හෝ අවම කර ගැනීමට පුළුවනි. එහෙත් ජංගම දුරකතනය ඔබේ සාක්කුවේ තබා කතා කරන්නේ නම් හෑන්ඞ් ෆ‍්‍රී භාවිත කිරීම නිෂ්ඵල වේ. අපේ හෘදවස්තුව පිහිටා තිබෙන්නේ පපු කුහරයේ වම් පැත්තේය. හෘද ස්පන්දනය සිදුවන්නේ වි්‍යුත් ආරෝපන හේතුවෙනි. එහිදී සිදුවන අහිතකර තත්වය වන්නේ දුරකථනය හරහා වි්‍යුත් චුම්බක තරංගද ඇති වන බැවින් එමඟින් හෘද වස්තුවට බලපෑමක් ඇතකරවන නිසාය.
දුරකතනය භාවිත කරනවාට වඩා ඒ තුළ ජීවත් වීම අද තරුණ තරුණියෝ පුරුදු වී සිටිති. පසුගිය කාලය පුරාවටම සෙල්ෆි නිසා ජීවිත රාශියක් අකිලයේ මියැදුනි. ඔවුන් ජීවිත අවදානම් ගන්නේ ජීවිත ජය ගැනීමට නොව, දුම්රියේ දොරේ එක් කකුලකින් ගොස් සෙල්ෆියක් ගැනීමට හෝ කන්දක් මුදුනට ගොස් කෙසේ හෝ සෙල්ෆි ඡුායාරූපයක් ගෙන ත්‍ඊ දැමීමටය. සිරුරේ නලියන තරුන ජවය නිසා ඔවුන්ගේ බුද්ධි විවරණයට අවස්ථාවක් නැත. මෙහිදී තරුණ තරුණියන් අවදානම් දැරිය යුත්තේ ජීවිතය දිනන්නට මිසක ජීවිතය නසා ගැනීමට නොවෙයි.
ජංගම දුරකතනය භාවිත කරමින් රිය පදවන අවස්ථා වලදීීද බොහෝ අනතුරු වලට මුහුණ දේ. දුරකතනයට ක්ෂනිකව ගලා එන ීඵී පණිවිඩය කියවද්දි හෝ නැවත පිළිතුරු යැවීමේදී ප‍්‍රධාන වහයෙන් වාහනය පදවන තරුණ සිතේ අවදානය බිඳීයාම ඉතා විනාශකාරී රිය අනතුරකට අත වැනීමයි. මන්ද දුරකථනයෙන් පණිවුඩයක් යවන විට අපේ ඇස්, මොළය, හා අත යන ප‍්‍රධාන ඉන්ද්‍රිය ත‍්‍රිත්වයම ක‍්‍රියාත්මක වන අතර රිය පදවන විට ක‍්‍රියා කරන ප‍්‍රධාන ඉන්ද්‍රියන්ද මෙය වීම හේතුවකි.
බොහෝ තරුණයන් හා පාසැල් ළමයින් උදෑසන අවදි වන්නේ ජංගම දුරකතනයට එලාම් තබමිනි. මෙය තමන්ගේ රාත‍්‍රී නිදන කොට්ටය යටින් තබාගැනීම තුළින් හිසට හා ඒ ආශ‍්‍රිත ඉන්ද්‍රියන්ට එතරම් සුවදායක  නොවන අතර ඒ පිළිබඳවද අවදානය යොමු කිරීම වැදගත්ය. ඒ වගේම ඇතැම් අය ඊ්එඑැරහ ඛදඅ අවස්ථාවලදී එය විදුලි පේනුවට සම්බන්ධ කොට තබා කථාකරන අවස්ථාවන් වලදී එය එතරම් හිතකර නොවන බව වෛද්‍යවරු පවසයි. එම නිසා සෑමවිටම ජංගම දුරකතනය වි්‍යුත් සැපයුමෙන් ඉවතට ගෙන භාවිත කිරීමට සැලකීමක් වන ලෙස ඔවුන් තවදුරටත් අවවාද කරයි.
මෙලෙස තමන්ට බොහෝ සේ අත්‍යාවශ්‍ය උපකරණයක් මෙන්ම සමීප මිතුරෙකු වශයෙන් ක‍්‍රියාකරන ජංගම දුරකතනය තුළින් වන හානිකර තත්ත්වයක් මඟහඑවා හිතකර ලෙෂ එය භාවිත කිරීමට යොමු වීම තුළින් වන හානි අවම කර ගත හැකිය.

ශ‍්‍රි ලංකා ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය




ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වන්නේ බි‍්‍රතාන්‍ය අවශ්‍යතාවක් වශයෙනි. 1920 වන විට මාර්කෝනි ගුවන් විදුලිය එංගලන්තයේ ප‍්‍රචලිතව තිබුනි. මාර්කෝනි සමාගම ඇමරිකාවේ ද ව්‍යාප්ත වී තිබූනි. ප‍්‍රංශය, ජර්මනිය, චීනය,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය වැනි ප‍්‍රභල රා්‍යයන්ට ප‍්‍රථමව ශ‍්‍රි ලංකාවේ ආරම්භ වේ. අසල්වැසි ඉන්දියාවේ ගුවන් විදුලිය ආරම්භ වන්නේ 1927 දීය.
ආසියාවේ ප‍්‍රථම ගුවන් විදුලිය ආරම්භ කිරීමේ ගෞරවය ලංකාවට හිමි වේ. ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලි අත්දැකීම එතරම් ප‍්‍රමුක වූවකි. බි‍්‍රතාන්‍ය අත්දැකීම හා පුහුණුව ආදර්ශයට ගනිමින් ලංකා ගුවන් විදුලිය ක‍්‍රියාත්මක විය. එය ලංකාවට ආවේණික වූ ශෛලිපයක් ගොඩ නගා ගන්නේ ඉහත වර්ධනය තුළිනි. ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලියේ ආරම්භය සිදු වන්නේ 1922 ජූනි මාසයේ 24 වෙනිදා ශ‍්‍රි ලංකා වයලස් සමාගම ආරම්භ වීමත් සමගය. මෙම කාර්යයේ ආරම්භකයා වූ ප‍්‍රධාන විදුලි එඞ්වර්ඞ් හාපර් මහතා ශ‍්‍රි ලංකාට පැමිණෙන්නේ 1921 ජූනි මාසයේ 21 වෙනිදාය.
1877 ජූලි 13 වෙනිදා එංගලන්තයේ උපත ලද ඒ මහතා ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා වශහෙන් පත් කරනු ලබන්නේ  1925 ජූනි මාස 24 වෙනිදාය. 1931 සැප්තැම්බර් 31 වනදා දක්වා ශ‍්‍රි ලංකාවේ සේවය කරන එතුමා අප ගුවන් විදුලිය ආරම්භ කොට වර්ධනය කිරීම සඳහා ප‍්‍රමුඛ මෙහෙවර සිදුකළ පුද්ගලයා වශයෙන් සඳහන් කළ හැකිය.
1922 දී ලංකා වයර්ලස් සමාගම පිහිටුවා ගනු ලැබීය. 1923 දී මෙම සංගමය නව ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය ලෙස නම් කර තිබේ. මෙය 1928 වන විට ප‍්‍රචලිතව වූයේ ලංකා හා දකුණු ඉන්දීය ගුවන් විදුලි සමාජය යන නමිනි.
මෙම සංගමය ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය වර්ධනය කිරීමෙහිලා ප‍්‍රමුඛ මෙහෙවරක් ඉටු කලේය. මෙහි සාමාජිකයෝ ගුවන් විදුලි උපදේශණ මණ්ඩලවල සේවය කලෝය. 1929 දී මෙම සංගමය නව වැඩසටහන් සංවර්ධන අරමුදලක් දියත් කළ අතර 1932 දී ආරෝග්‍යශාලා සඳහා ගුවන් විදුලි යන්ත‍්‍ර ලබා දී තිබේ.
1924 පෙබරවාරි මස 22 දින කොළඹ තරුණ ක‍්‍රිස්තියානි නව නිවහනේ දී ප‍්‍රදර්ශණ ගුවන් විදුලි  ප‍්‍රචාරයක් කළ බවට වාර්තා තිබේ. එහෙත් ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලිය නිළ වශයෙන් ආරම්භ කළ දිනය සේ සැලකෙන්නේ 1924 ජූනි 27 වෙනිදාය. එදින උත්සවශ‍්‍රියෙන් ගුවන් විදුලිය ආරම්භ කරනු ලැබුවේ ආන්ඩුකාර ශ‍්‍රිමත් විලියම් හෙන්රි මැනිං මහතා විසිනි.
1924 ගුවන් විදුලියට වැදගත් වර්ශයකි. ඒ ගුවන් විදුලිය ආරම්භ කිරීම සඳහා කමිටුවක් පත් කළ බැවිනි. තැපැල්පති එම්. එස් සෙයිස්ටාර් මහතාගේ සභාපතිත්වයෙන් පත්කරන ලද මෙම කමිටුවේ සෙසු සාමාජිකයෙක් වූයේ විදුලි සංදේශ ඉංජිනේරු එඞ්වර්ඞ් හාපර් හා ආධුනික ගුවන් විදුලිය සංගමයේ සභාපති එල්. මැක්රෙක් මහතාය. මෙම කමිටුවට කරුණු සොයා බලා වාර්තා කිරීමට නිර්මාණකොට ක්ෂේත‍්‍ර හතරක් පිළිබඳවය.
ශ‍්‍රි ලංකාවේ ගුවන් විදුලිය සේවයක් ආරම්භ කළ යුතුද
ඔය ආරම්භ කළ යුත්තේ රජය විසින් ද, නොඑසේනම් පෞද්ගලික අංශය විසින් ද
පෞද්ගලික නම් බලපත‍්‍රය නිදහස් කළ යුත්තේ සමාගම් කීපයකටද නිතිනම් එක් සමාගමකටද?
ගුවන් විදුලි පාලනය කිරීම මණ්ඩලයක් මගින් ඉදිරිපත් කළ හැකිද? එසේ මණ්ඩලයක් පත් කරන්නේ නම් සාමාජිකයන් සඳහා පත්කර ගත යුත්තේ කවුරුන්ද? යන කරුණ සලකා බැලීමද මෙම කමිටුවට අයත් කරුණක් විය.
මෙහි මුල් කරුණු සලකා බැලීමේ දී හා මෙම කමිටුවට ඇතුළත් කර තිබෙන පුද්ගලයන් සැලකීමේ දී රජයට මෙම කාර්ය ක‍්‍රියාත්මක කිරීම සඳහා පැවති අවශ්‍යතාව පැහැදිලිය. එය කමිටු නිර්දේශයක් මගින් ලබා ගැනීමේ අවශ්‍යතාව පමණක් තිබූ බව විද්‍යාමාන සාධකයකි.
තැපැල්පතිවරයා මෙම කමිටුවේ සභාපතිත්වයෙන් පත්කිරීම සඳහා බලපා ඇත්තේ බි‍්‍රතාන්‍ය අත්දැකීම්ය. මහා බි‍්‍රතාන්‍යයේ  ගුවන් විදුලි පාලනය වූයේ තැපැල්පතිවරයා යටතේය.
1920 එංගලන්තයේ වේමිස්ෆර්සීහි මාර්කෝනි ප‍්‍රධාන ගුවන් විදුලි මධ්‍යස්ථානය තහනම් කර තිබුනේ යුධ නාවික හා ගුවන් හමුදා ප‍්‍රධානීන්ගේ විරෝධය නිසාය. එයට හේතුව වූයේ ගුවන් විදුලි සංඛ්‍යාත මැනවින් බෙදා වෙන් කොට නොතිබූ අවධියේ හමුදා, ගුවන් හා නාවික ක්ෂේත‍්‍රවලට මාර්කෝනි ගුවන් විදුලි පණිවිඩවලින් බාධා සිදු වීමයි.
ත්‍මම තහනම වසර දෙකක් බලපැවැවූ අතර, එය ඉවත් කරනු ලැබුවේ 1922 ජනවාරි 03 වනිදාය. එයට හේතු වූයේ රට පුරා පැවති ගුවන් විදුලි පර්යේෂණ සමාගම් 63ක උද්ඝෝෂණ වල ප‍්‍රතිඵලයක් වශයෙනි. නව ගුවන් විදුලි මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ දැඩි ප‍්‍රවනතාවයක් මේ වන විට එංගලන්තයේ පැවතුණි.
මෙහි සදහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මාර්කෝනිට බලය ලබා දෙන්නේ තැපැල්පති වරයා විසින් බවය. ශ‍්‍රි ලංකාවේ ආරම්භක ගුවන් විදුලි පාලනය කිරීම සඳහා බි‍්‍රතාන්‍යයේ පාලන ආකෘතිය යොදාගෙන තිබේ. තැපැල්පති වරයාට බලය පවරා ඇත්තේ මේ නිසාය.
කමිටුවට නිර්දේශ කර තිබීමට මට සඳහන් කර තිබූ සෙසු කරුණු තුනම බි‍්‍රතාන්‍යයේ හා ඇමරිකාවේ ගුවන් විදුලිය සම්බන්ධව ඒ වන විට ඇතිවෙමින් තිබූ ප‍්‍රශ්නවලට අදාළ කරුණුය. ඇමරිකාවේ ගුවන් විදුලිය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි. මෙම අවධිය වන විට මාර්කෝනි ප‍්‍රබල ධනවතෙකු බවට පත්ව සිටි බව එයට දැක්විය හැකි උදාහරණයකි.
ගුවන් විදුලිය පෞද්ගලික කරණය කළ යුතු ද? සමාගම් කිහිපයකට බලපත‍්‍ර දිය යුතු ඳ? යන කරුණු සංවාදයකට භාජනය වන්නේ මෙම පදනම යටතේය. රාජ්‍යය බලවත්ව ස්ථාවරවී තිබූ අතර වාණිජ සමාගම් මේ වන විට ශක්තිමත්ව වැඩෙමින් තිබුනි. එහෙත් ලංකා ගුවන් විදුලිය ආරම්භ වනිනේ රාජ්‍ය ආයතනයක් වශයෙනි. එය රාජ්‍ය අරමුදලින් නඩත්තු කරනු ලබන අතර කිසිදු වානිජ අරමුණක් නොවීය. 1951 මාර්තු මාසයේ වෙළඳ සේවය මඟින් අනුග‍්‍රහය ලබා ගනිමින් වැඩසටහන් නිර්මාණය කරන තුරු මෙම ස්වභාවය පැවතුනි. මේ ආකාරයට ලාංකීය ගුවන් විදුලිය මෙරට ස්ථාපිත වූ ආකාරය පෙන්වා දීමට පුළුවනි.

හිතුවද වේදනා මස් කඩයේ කොක්කේ














තණ කොල කන හරක් ලෙස පවසන
වදනේ
වෙන යම් කිසි දෙයක් විමසන්නයි
සිතුනේ
කන බත් පතට කිම ගව මස් රස
දැනුනේ
පණ වනසන මසට බැඳි හරකුන්
තොපිනේ

බඩගිනි වෙලා නෑ රස මසවුලු
හෙව්වේ
වෙන යම්කිසි දෙයක් විමසන්නයි
සිතුනේ
කන බත් පතට කිම ගව මස් රස
දැනුනේ
පන වනසන මසට බැඳි හරකුන්
තොපිනේ

දිව සනසන්න තොපි රස ඇති කෑම
කකා
සුව ලැබ ගන්න කිරි දෙමි තණකොලත්
නොකා
දවසට එරෙන කිරිටික ගෙනගියත්
මොකා
තව බඩගින්නෙ මගෙ සුරතල් පුන්චි
එකා

බඩ කට පුරවලා සැම දින තනි
රැක්කා
ලෙඩට දුකට සිටියෙම හිමි මගෙ
එක්කා
උදයට නැගිට සෙනෙහෙන් ගෙන ගිය
දක්කා
වරකට ඔබට එය සහි නොම වනු
මක්කා

කෙදිනද මගෙ එවුන් වරදට යනු
දැක්කේ
වරකදි විඳි සුවට මෙලෙසද ගුණ
රැක්කේ
කෙලෙසද මස් වලට මුදලට දිවි
වික්කේ
හිතුවද වේදනා මස් කඩයේ
කොක්කේ

සෞන්දර්යාත්මක ගීත විචාරය




      කිරීමට ක‍්‍රියාකරයි. ඒ අනුව මෙම ගීතය සඳහාද ප‍්‍රධාන අර්ථකථනයන් ද්විත්වයක් සපයා ඇත. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ නිර්මාණයක රසය තම තමන්ට රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකිය. නමුත් මෙය තුළින් එම ගීතයට යම් අසාධාරණයක් වුවද වීමට ඉඩ සැලසේ. කෙසේ වුවද මෙහි පවතින එක් සෞන්දර්යාත්මක අධ්‍යයනයකට යොමු වෙමු.
      යම්කිසි නිර්මාණයක් සෞන්දර්යාත්මක ගුණයෙන් ඔපවත් වීම සඳහා බලපානු ලබන සාධක කිහිපයකි. ඒ

දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනව
සියුමැලි කැකුළක් මැළ වෙද්දී...//

 මේ ආකාරයට දිගින් දිගටම මිනිසුන් ඇසුරු කරන මෙම ක‍්‍රියාවෙහි යෙදෙන කාන්තාවගේ රැුකියාව ගණිකා වෘත්තිය බවට පත්වන්නේ නිරායාසයෙන්මය. ඇගේ ඇසුර සොයා පැමිණෙන මිනිසුන් ඇයව නිවසින් පිටට ගෙනයාමට පෙළඹේ. මෙම කාන්තාව දිනෙන් දින තමාව සොයාගෙන එන පිරිමින්ගේ ආශාව සංසිඳවීමට මෙලෙස ඔවුන් හා තනිවීමට නිවසින් පිටතට යන විට ඇගේ කුඩා දියණිය නිවසේ තනිවීම රසිකයන්ගේ ඇසට කඳුලක් ගෙනඒමට තරම් සංවේදී වේ. සෞන්දර්යාත්මක නිර්මාණයක දක්නට ලැබෙන ලක්‍ෂණයක් වන්නේ තම රසිකයාගේ හදවත තම නිර්මාණය තුළින් සන්වේදනාවට පත්කිරීමේ හැකියාවයි. එනම් ඉන්ද්‍රිය උත්තේජනයක් සාර්ථක නිර්මාණයකින් පිිළිඹිඹු විය යුතුය. මෙහිදී කැකුළක ට ආරෝපණය කර තිබෙන්නේ ඇයගේ දියණියයි. දියණියකට සිටින එකම මිතුරිය මවයි. ඇගේ දුක, සැප සියල්ලම පිළිබඳ සොයා බැලීම මවකගේ යුතුකමයි. නමුත් ඇයට තම දියණියට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් පවා මේ මගින් මගහැරෙයි. මෙම අපූරු පණිවිඩය ගීත රචකයා විසින් තම රසිකයාට ලබාදීමට ගනු ලබන උත්සහය මෙමගින් මනාව පිළිඹිඹු වේ.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු

 ඇයව මේ ආකාරයට ඇසුරු කළ මිනිසුන් තමන්ගේ යහළුවන්ටත් ඇයව හඳුන්වාදීමට, ඇය ගැන තොරතුරු පැවසීමත් සිදුවෙනවා. මෙම කි‍්‍රයාවලියත් සමග ඇය පිළිබඳ ආරංචියක් රහසක් ආකාරයෙන් පැතිරයාම සිදුවෙනවා. මෙලෙස ඇයව සමාජයේ බොහෝ මිනිසුන්ගේ අතකොළුවක් බවට පත්වෙනවා. ඇයව සමාජය තුළින් ඇගේ ජීවිතය, ඇගේ ශරීරය මුදලට තක්සේරු කිරීමට මෙම සමාජය යොමු වීම මත සමාජයේ විෂම ගතිපැවතුම් ගීතය හරහා මිනිසුන්ට පසක් කරවීමට වොල් නානායක්කාර සමත් වී තිබේ. මෙවැනි කාන්තාවකගේ අභ්‍යන්තරය, සිතිවිලි ඇයව සොයා පැමිණෙන කාමාතුරයන්ට නොවැටහේ. ඇගේ වේදනාව මතින් ඔවඅන් ඇයව සෙමින් තමාගේ අවශ්‍යතාවයන්ට පමණක්ම යොදාගන්නට තරම් අමානුෂික වීම නිතැනින්ම කණගාටුවට කරුණකි. ඇගේ රූමත්කමට වශීවන මිනිසුන් ඇයගේ ජීවිතයේ වටිනාකම මුදලට යට කිරීමට තරම්ම සමාජය කුරිරු වී තිබේ.

ගව්වක් ඉහළක ගොණුකොට රඳවා
පොපියන දෙතොලක් එහි රැන්දු

 ඈ පිළිබඳ මෙලෙස මිතුරන්ගෙන් දැනගත් පිරිමින් ගව්වක් ඉහළට බලාපොරොත්තු තබාගෙන තමා වෙතට පැමිණෙන බව ගීත රචකයා පවසයි. මේ අනුව පැවසෙන්නේ ඇයගේ පහසට නතු වූ ඇය පිළිබඳ ඇයගෙන් ලැබෙන සුවය පිළිබඳ අන් අයට පැවසීම නිසා ඔවුන්ද එම පහස සොයා ඇය පිළිබඳ විශාල බලාපොරොත්තු රාශියක් තබාගෙන පැමිණෙන බවයි. කාන්තාවකගේ ශරීරයකට ලොල් බඳින සමාජයක නිරුවත මෙමගින් පැහැදිලි වේ.

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංදු

 මේ ආකාරයට ඇය පිරිමින් අතර අතින් අතට යමින් ගණිකා වෘත්තියේ නිරත වන්නේ තම හෘදසාක්‍ෂියට එකගව නොවේ. ඇය මෙම ක‍්‍රියාවට අකමැති වුවත්  සිදුකිරීමට බලපාන ප‍්‍රධානතම සාධකය වන්නේ තමන්ගේ සහ දරුවාගේ යම් යම් හැලහැප්පීම් නිසාවෙනි. ජීවිතයක් ජීවත් කරවීමට නොහැකි තරම් ඇය මෙලොව අසරණ වන විට තමාගේ ජීවිතය බිලිදී හෝ තම දරුවාගේ ජීවිතය මල්ඵල ගැන්වීමට මව්වරුන් නිරන්තරයෙන් වෙහෙසෙයි. ඇයට මුළු ජීවිත කාලය පුරාම කදුළු බිදු වගුරුවමින් ජීවත් වීමට සිදුවෙයි. සෞන්දර්යාත්මක ප‍්‍රවේශය තුළ සහෘද පේ‍්‍රක්‍ෂකයාගේ හදවතට ගැඹුරු අර්ථයක් ලබාදීම සාර්ථක නිර්මාණයක ප‍්‍රබල සාධකයකි. එය මෙමගින් මනාව අර්ථවත් වේ.

ඈ ගෙන යද්දී නටඹුන් අතරින්
තවකෙක් ඈ වෙත හද රැන්දු

 මෙමගින් අර්ථනිරූපණය වන්නේ පැමිණෙන පුද්ගලයින්ගෙන් එක් අයෙක් ඇසුරු කර අවසන් වූ සැනින් ඇයගේ ඇසුර බලාපොරොත්තුවෙන් තවත් අය පැමිණෙන බවයි. මේ ආකාරයට ඇයට තම ජීවිතය ගැටගසා ගැනීමට මිනිසුන් රාශියකගේම ආශාවන් පිරිමැසීමට සිදු වේ.

හදවිල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා

 ඇගේ මෙම රැුකියාව නිසා අතුරු ප‍්‍රතිඵල විදීම දියණියකට සිදුවීම සාමාන්‍ය කරුණකි. මව වැරදි කළොත් දියණිය යන්නේද ඒ මගමය යන්න සාම්ප‍්‍රදායික මතයක් පවතී. එම නිසා දැරියට සිදුවන අවමානය නැති කරන්න තමාගේ එකම දියණිය ඈතකට යවන්නට මෙම කාන්තාවට සිදුවනවා. මවකට දස මසක් කුස දරා මෙලොවට බිහිකර අවුරුදු 5ක් පමණ රුධිරය කිරට හරවා ඇතිදැඩි කළ දරුවා තරම් මේ ලෝකේ කිසිම සම්පතක් ඇයට නොවටි. එම නිසා ඇය වෙනුවෙන් මව මෙම පියවර ගනු ලබයි. මේ නිසා දියණියට අකාලයේ තම මව අතහැර ඈතකට යාමට සිදුවනවා. මේ ගීතය පුරාවටම රසිකයා සංවේදනාවට පත්කිරීමට රචකයා සමත් වී ඇත. දරුවකු බිහිකිරීමට යනවිට මවක් සාමාන්‍යයෙන් මිනිස් සිරුරට දරාගත හැක්කේ 45 ෘැක වේදනාවක් පමණි. නමුත් දරුප‍්‍රසූතියකදී මවකට දැරීමට සිදුවන වේදනාව 57 ෘැක ක් පමණ වේ. එය මිනිස් සිරුරක අස්ථි 20ක් පමණ එකවර බිඳීයාමේදී දැනෙන වේදනාවට සමාන වේ. ඒ වගේම තමා නිසා තම එකම දියණියගේ ජීවිතය අකාලයේ විනාශ වී යාමට ඇය ඉඩ නොදෙයි. එම නිසා වේදනාවෙන් වුවද ඇය මෙම තීරණය ගෙන තිබේ.

මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා

       ඇය වේදනාව සගවා, කඳුල යටපත් කරගෙන තම රත්තරන් දුවණිය තමාගෙන් වෙනතකට පිටත් කර හැරීමට කටයුතු කරනු දක්නට ලැබේ. ඒ වගේම කවියා දක්වන පරිදි ඇගේ ජීවිතය දුක්ඛ දෝමනස්සයන්ගෙන් පමණක්ම පිරුණු නවාතැන්පලක් බවට පත්ව ඇති බවත්, ඇගේ දියණියගේ වෙන්වීම තවත් එක් වේදනාවක් පමණක් බවත් කවියා පවසයි. කඳුලක් සත් සමුදුරට එක් වනවා වගේ ඇගේ දුක් සමුදායෙන් එක්දෙයක් බවට ඇගේ දියණිය ඈතට යැවීමට සිදුවීම දක්වන්න පුළුවනි. ගීතයක සෞන්දර්යාත්මක පැතිකඩ නිරූපණය වීමට එහි තිබිය යුතු වටිනා අන්තර්ගතයක් වන්නේ එම ගීතයෙහි යථාර්ථය දැක්වීමයි. මෙම ගීතය සමාජයක පිළිඹිඹු කරන කැඩපතක් බවට හැඳින්විය හැකිය.

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානක පියඹා එනතුර
ැපොපියන හදවත සිටි බලා...//

      මෙම කාන්තාව තම දියණිය තම ජීවිතයෙන් ඈත්කොට වෙනතකට යවා තම වෘත්තියෙන් ලැබෙන ආදායමෙන් දියණියට පූර්ණ වශයෙන් උසස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරයි. ඒ වගේම දියණිය මවගෙන් දුරස් වුවද අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කිරීමට සමත් වන බව කවියා පවසයි. ඒ වගේම තමාගේ යෞවන ජීවිතය අකාලයේ දිය කර හරිමින් තම දුවණියගේ අනාගතය සාර්ථක කිරීමට කාන්තාව උපරිම වෙහෙසක් ගනී. එලෙස කැපකිරීමක් කළ මව නැවත තම දියණියගේ ආගමනය බලාපොරොත්තු සහගතව දෑස අයාගෙන බලාසිටිමට පෙළඹේ. මවකගේ දරුදුක යනු,

  පුතු සෙනෙහෙ නම් සිවිය විද
  සමට වැද... සම් විද මසට වැද...
  මස විද නහරට වැද
  නහර විද ලේ වලට වැද...
  ලේ විද ඇටට වැද... ඇට විද
  ඇට මිදුළු වලට වැද...නිදන්ගතව
  වේදනා ගෙන දෙන්නකි

යනුවෙන් හඳුන්වා දිය හැකිය. ඹ්නෑම මවක් පියෙක් දරුවෙකු උස් මහත් කොට තමන්ට තම ජීවිතය අවිනිශ්චිත තත්වයට පත්වන විට තම දරුවන්ගේ හයියෙන් නැගීසිටිමට බලාපොරොත්තු සහිත දෑසින් යුතුව ජීවත් වෙයි. මේ මවත් එසේමය. ඇයත් තම දියණිය තමා වෙසෙන මේ දුක්බර පරිසරයෙන් මුදවාගැනීමට පැමිණෙන තුරු නෙත් අයාගෙන බලා සිටියි. තම මුළු ජීවිතයම දරුවා වෙනුවෙන් කැපකරන මෙම මව පිළිබඳ රසික සිත් තුළ දයානුකම්පාවක් ඇති කිරීමට වොලී නානායක්කාර සමත් වී තිබේ. මේ ආකාරයට මෙම ගීතය සෞන්දර්යාත්මකව විග‍්‍රහ කිරීමට පුළුවනි. මෙය එක්තරා පැතිකඩක් පමණි. ජීවිතය දෙස විවිධාකාරයෙන් බලන ඇස් දාහක් තුළ හැගීම්, දැනීම් අවබෝධ කරගැනීමද ඒ ආකාරයෙන්ම විවිධව පවතී. මෙම ගීතය සෞන්දර්යාත්මක ගුණයෙන් සමන්විත අංගසම්පූර්ණ අර්ථයන් බහුල ජීවිතයේ යථාර්ථය වටහා දීමට සමත් උසස් ගණයේ කලාත්මක නිර්මාණයකි.

 ”සඳකඩ පහනක කැටයම් ඔපලා” මෙම ගීතය අරුත් පිරි ගීතයකි. මෙම ගීතයට විවිධ අර්ථකථනයන් සපයා තිබේ. එ් අතරින් මෙය මාතර ආච්චි චිත‍්‍ර පටයේ අඩංගු වන අතර මේ ගැන කියැවෙන අනෙක් අර්ථ දැක්වීම වන්නේ ප්‍රේම පුවතකි. යෞවනයේ පසුවන තරුණ යුවලකගේ ආදරය කැටිවුණු සෞන්දර්යාත්මක අර්ථ නිරූපණයක් මෙමගින් සිදුකරයි. මෙය ඉතාම සංකීර්ණ ගීත රචනයකි. මෙම ගීතයෙන් කියැවෙන අර්ථය සරලව දැක්වුවහොත් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙසට තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වන අතර තරුණියටද අකමැත්තෙන් වුවද  එයට එකග වීමට සිදුවේ. කලකට පසු නැවත ලංකාවට එන තරුණයාගේ සිත ඇය කෙරෙහි එතකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීතයට කැටි වේ.

      සඳකඩ පහණක් යනු ශෛලමය නිර්මාණයකි. මෙම තරුණයා ඔවුන්ගේ ආදරය මෙයට සමාන කරන්නේ ගලින් නෙලන කැටයම් නැවත නොමැකෙන නිසාවෙනි. ඒ තරම්ම ස්ථිර වූ විශ්වාසනීය පේ‍්‍රමයක් ඔහුගේ හදවතෙහි තැන්පත් වී තිබුණ බව මෙයින් ගම්‍යමාන වේ. මොහු අධ්‍යාපනය සඳහා රට හැරයන්නේ මෙම විශ්වාසනීය ආදරය හදවතෙහි තුරුළු කරගනිමිනි. ඒ තරමට ඔහු තමාගේ පේ‍්‍රමවන්තිය කෙරෙහි නොමැකෙන විශ්වාසයකින් පසුවිණ. එය ශෛලමය සඳකඩ පහනට උපමා කරන්නේ එම නිසාය. ඒ වගේම මෙහි ගැබ් වී තිබෙන පිවිතුරු, පූජනීය හා දැක්මද වටිනා අදහස් නිරූපණය කරයි. මෙම නිර්මාණය තරමටම ඔහුගේ ආදරයත් පරම, පවිත‍්‍ර පූජනීය වස්තුවක් බවට ඔහු සලකා තිබේ. සෞන්දර්යාත්මක අලංකාරයන් මෙයට යොදා තිබීම තවදුරටත් මෙහි වටිනාකම තීව‍්‍ර කිරීමට මග සලසයි.

     ”පාවෙන දේදුණු ලැගුම් ගනී” යන්නෙන් අදහස් වන්නේ ඔහුගේ මෙම අවංක ප්‍රේමය හුදෙක් පාවෙන දේදුන්න තරමටම වෙනස් වන සිතිවිල්ලත් බවට පත්වී ඇති බවයි. නමුත් විශ්වාසය මත පදනම් වන ආදරය මෙලෙස වෙනස් වී එ්කපාර්ශවීය වීම සහෘද හදවත් සංවේදනාවට පත් කිරීමට තරම් ප‍්‍රභල වී තිබේ.එදා පේ‍්‍රමය නිසා හදවතෙහි ඇති වූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දියබුබුලක් වන් අස්ථිර තත්වයකට පත්වී ඇත. එහි පැවැත්මක් නැහැ. එය දිය බුබුලකට සමාන කරන්නේඑයක්ෂණිකව නැතිවී, විනාශ වී යන නිසාවෙනි. භාෂා රටාව සෞන්දර්යාත්මක ලක්‍ෂණයන්ගෙන් සමන්විත වේ.

යුගයෙන් යුගයක නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළ වෙද්දී

      පේ‍්‍රමයෙන් බැඳුණු කාලපරිඡු්ඡේදය එක්තරා යුගයක් නම් පේ‍්‍රමය මුහුකුරා ගොස් විවාහ දිවියට එළැඹීම තවත් යුගයකි. ආදරයෙන් බන්ධනය වන සෑම යුවලකගේම එ්කායන පරමාර්ථය වන්නේ ඇය හෝ ඔහු සමග විවාහ දිවියට එළැඹ එක නිවසක පදිංචි වීමය. මෙය එතරම්ම අහිංසක ප‍්‍රාර්ථනයකි. නමුත් අහස උසට බලාපොරොත්තු පොදි බැද එක්වීමට පෙරුම් පුරන යුවලට වෙන්වී යාමට සිදුවීම කෙතරම් ශෝකජනක සිදුවීමක්ද? මෙලෙස වියෝවන්නට සිහිනෙන්වත් ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත.  ” සියුමැලි කැකුළක් මැළ වෙද්දී...” යන්න අර්ථ දක්වන්නේ පිපෙන්නට පෙර කැකුළු අවධියේම මැලවී යාමක් බඳුය. එ් වගේම ඔවුන් පිළිබඳ මානුෂීය නොසිතා වැඩිහිටියන් පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කරදී පෙම්වතාගෙන් ඈත් කරනු ලැබ තිබේ.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොණුකොට රඳවා
පොපියන දෙතොලක් එහි රැන්දු

 මී මැස්සා උදේ පාන්දර සිට මලක් මලක් සොයා පියඹා ගොස් සුවහස් මල්පෙති මත දැවටෙමින් එකතු කරගන්නා මී පැණි ටිකෙන් ටික රැුස් කරගනිමින් වදය වෙත ගෙනගොස් ඒතුළ තැන්පත් කරයි. එලෙස අපමණ වෙහෙසක් දරමින් එක්රැුස් කළ වදය බඳින්නේ ගව්වක් පමණ ඉහළ ස්ථානයකය. එසේ ඉහල ස්ථානයක වටිනා නිර්මාණයක් කරන්නේ කිසිවෙකුගෙන් සතුරු පීඩාවක් නොවීමට අවශ්‍ය පාරිසරික සාධක ඇති බැවිනි. මේ ආකාරයට පේ‍්‍රමවන්තයාද කටයුතු කරයි. මී මැස්සාට උපමා කරන ඔහුද කි‍්‍රයා කරන්නේ මෙලෙසටයි. එසේ සිය පේ‍්‍රමය මල්ඵල දකිනු වස් එයට අදාල වන සම්පත් අධික වෙහෙස මහන්සියක් වී එක් රැුස් කරන්නේ තම ආදරවන්තිය හා සතුටින් කල් ගෙවීමේ මූලික වූ පරමාර්ථය මූලික කරගනිමිනි. ඒවාට ඔහු ලොබ බදින්නේ ආශා කරන්නේ මේ හේතුවෙනි. පරිසරයේ ප‍්‍රායෝගික ක‍්‍රියාවන් සෞන්දර්යාත්මකව පේ‍්‍රමවන්තයෙකුගේ ජීවිතයට සමාන කිරීම විශිෂ්ඨ නිර්මාණශීලි ගුණයකි.

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටඹුන් අතරින්
තවකෙක් ඈ වෙත හද රැන්දු

 මෙම ගීතය සඳහා නිරන්තරයෙන්ම සෞන්දර්යාත්මක ගුණයෙන් හෙබි අර්ථයන් ගැබ් කර තිබේ. මෙමගින් අදහස් වන්නේ කළුවක් අහස පුරා පැමිණ ගෙරවීම අමිහිරි අත්දැකීමකි. මන්ද එසේ වහින වැස්ස මී පැණි වල ගුණය බාල කරනු ලබයි. එ් අනුව ඔහු දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා ලද සම්පත්ද විනාශ වී යන බවය. නැතිනම් එහි වටිනාකමක් පිළිබඳ අවශ්‍යතාවක් ඔහුට අවශ්‍ය නොවන බවයි. කෙසේවෙතත් ඔහුගේ පේ‍්‍රමයට බාධා ඇති වේ. ඔහුගේ පේ‍්‍රම වෘතාන්තය නටඹුනක්ම පමණක් වී තිබේ. ඔහුගේ තැනට වෙනත් පිරිමියෙකු නැතිනම් ඔවුන්ගේ ආදරණීය පේ‍්‍රම ලෝකයට තවකෙකුගේ ආගමනයක් සිදුවේ. මෙය මනා ලෙස අර්ථ නිරූපණය කරනු ලබයි.

හදවිල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා

      පේ‍්‍රමය නැමති මල් කැකුළ ගසෙහි මෝදු වී කල්බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා දුරක යවා ඇත. ඒ අනුව ඔහුගේ ආදරය යථාර්ථයක් නොකොට හුදෙක් හීනයක්ම පමණක් කොට එය උපන්් තැනම විනාශයට පත් කොට තිබේ. ඒ වගේම එය නොපෙනෙන ඈතකට යවා තිබේ. මෙය මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඔහුගේ මේ වියෝවෙන් දෑසින් කඩාහැලෙනා කදුළු බිඳු සත් සමුදුර කරා ඇදී යන බවත්, එය මහ සමුදුරට මුසු වූ කල කිසිවෙකුට සොයා වෙන්කල නොහැකි වනවා සේම ඔහුගේ හදවත තුළ දැවෙන වියෝගින්න කිසිවෙකුට හඳුනාගැනීමට නොහැකිවීම ඔහුගේ ජීවිතයේ ඔහු ලද අභාග්‍යයකි.

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානක පියඹා එනතුරු
පොපියන හදවත සිටි බලා...

      අවංකව තම පෙම්වතියට සෙනෙහස දැක්වූ පෙම්වතාගේ හදවත එක්ටැම් මැදුරක් බව කවියා පවසයි. එහි බලාපොරොත්තු නැමති කවුළු පියන් පත් විවර කොට තිබේ. ඇය වෙසෙන ලොව තවත් විමානයක් විය යුතු යැයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. පේ‍්‍රමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානෙන් පියඹා එනතුරු බලා හිදී. ඔහුගේ හදවත එක්ටැම් ගෙයක් ලෙස කවියා දක්වන්නේ ඔහු නැවත ආලයක් නොපතන බවයි. ඔහු තම වෙන්ව ගිය පෙම්වතිය පිළිබඳ පමණක්ම සිතමින් කාලය ගතකරයි. එහෙත් ඔහු සැමදාම බලාපොරොත්තු දෑසින් පසුවන බව රසිකයාට පසක් කරයි. ඒ වගේම නිරන්තරයෙන්ම ඇගේ සෞභාග්‍යමත් අනාගතය පිළිබඳවම ආශිර්වාද සපයන ඔහු අවසන පවසන්නේ රුවන් විමානෙහි ජීවිතය අවසන් වුණු දාට එය කැඩි බිඳී විනාශ වූ දිනයක තමාගේ හදවත තවමත් ඇය වෙනුවෙන් බලාගෙන සිටින බවයි. සෞන්දර්යාත්මක ලක්‍ෂණ මනා ලෙස ගීතයට ඇතුලත් කරමින් එහි වටිනාකම තවදුරටත් ඔපවත් කිරීමට සමත් වේ.
 එ් අනුව සඳකඩ පහණක ගීතය අපූර්ව වූ අරුත් සහිත ගීතයක් ලෙස හඳුන්වාදීමට පිළිවන. එය ප‍්‍රබල ගණයේ ගීත නිර්මාණයකි. ප‍්‍රථම සිව්කුළුඳුල් නිර්මාණයක් ලෙස රසිකයන්ට පිදෙන අපූර්ව තිළිණයක් ලෙස මෙම කලා නිර්මාණය පෙන්වාදීමට පුළුවන්ය. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩ පහනකි.
ගීතය

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයක නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළ වෙද්දී...//
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොණුකොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටඹුන් අතරින්
තවකෙක් ඈ වෙත හද රැුන්දු...//
හදවිල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානක පියඹා එනතුරු
පොපියන හදවත සිටි බලා...//

අධ්‍යක්‍ෂණය  - සතිස්චන්ද්‍ර එදිරිසිංහ
ගීත රචනය  - වොල් නානායක්කාර
සංගීත අධ්‍යක්‍ෂණය - වික්ටර් රත්නායක
ගායනය  - සුනිල් එදිරිසිංහ


සෞන්දර්යාත්මක ගීත විචාරය
      මානව සිත සනහාලන, ජීවිතයේ දෛනික කාර්යබහුල පීඩනයෙන් තරමක් දුරස් වී ඇත. ලොවකට පියාඹා යෑමට හැකියාව ඇත්නම් එය අප ලද භාග්‍යයකි. නමුදු එය ප‍්‍රායෝගිකව කළ නොහැකි මුත් තම හැඟීම්, ආකල්ප මගින්  ලෝකයේ  ඕනෑම ස්ථානයකට මනසින් යෑමට හැකිය. පවතින කරදරකාරී පරිසරයෙන් මිදී නිසංසල පරිසරයක සුන්දරත්වය විඳීමට හැකිනම් එය කොතරම් අපූර්ව ද? මේ ආකාරයට අපූරු සිතිවිලි පහළ වන හදවත් වල නිරායාසයෙන්ම ගී සිතිවිලි ජනිත වේ. එය පිරිසිදු උල්පතකට ජලය උණනවා හා සමානය.
      මෙලෙස ගී සිිතිවිලි වචනයට පෙරලීම මගින් මුළු මහත් ලෝකයම අපූර්වතම නිර්මාණයකින් පෝෂණය කිරීමට හැකියාව ලැබේ. එයට අපූරු නිර්මාණ ගුණයෙන් පෝෂණය වූ තනුවක් යොදා ගනිමින් ශාස්ත‍්‍රීය සිත් සනහාලන සහෝදරයෙකුගේ මිහිරි හඩින් ගායනය කිරිීම මගින් මෙහි පවතින ගුණාත්මකභාවය තීව‍්‍ර වී යයි. එවන් ගීත රාශියක් ලෝකයේ විවිධ මාධ්‍යයන් මගින් විවිධ වූ අදහස් පලකරමින් ඔවුන්ගේ සිත් ප‍්‍රබෝධමත් කරයි. මෙම ගීත නිර්මාණයන් සත්‍ය සිදුවීමක්, දුටුව දසුනක්, ඇසූ වදනක්, අත්දැකීමක්, ශෝකයක්, වේදනාව, ආදරය, පළිගැනීම, පරිත්‍යාගය යන සෑම හැගීමක්ම සංතර්පනයට ලක්කරයි. ඒ වගේම දෙමව්පියන්ගේ ගුණ වර්ණනාවන් තුළින් පුද්ගල සන්තානය සංවේදිමත් කිරීමට තරම් දක්‍ෂ නිර්මාණ බිහි වී තිබේ.
      මෙම ගීත කලාව මගින් සිදුවන නිරූපණය කෙරෙන තවත් පැතිකඩක් වන්නේ සමාජයේ පවතින ගැටළුකාරී තත්වයන්ය. ඒ වගේම සමාජයේ පවතින විෂමකාරීත්වය නිසා අසරණ වන පිරිස පිළිබඳ අපූර්ව වචන වලින් සහෘද සන්තානය ස්පර්ෂ කිරීමට ගීතයනට ප‍්‍රබල හැකියාවක් තිබේ. මෙවැනි ගීත වල අපූර්ව සෞන්දර්යයක් ගැබ් වී තිබේ. එය ගීත රචකයාගේ මනෝභාවයට අනුව සිදු වේ. බොහෝ ශාස්ත‍්‍රීය අරුත්බර ගීත වර්තමානය වන විට නිර්මාණය නොවන තරම්ය. එහි වචන, සංගීතය, පදමාලාව ඝෝෂාකාරී ස්වභාවයකින් යුක්ත වේ. මෙවැනි ගීත දෙසවන් පීඩාවට පත් කරන අතර කිසිදු හරයක්ද අන්තර්ගත නොවේ. එවැනි ගීතයක් තුළ කිසිදු සෞන්දර්යාත්මක පැතිකඩක්ද අන්තර්ගත නොවේ. එය හුදෙක් නිෂ්ඵල ප‍්‍රලාපයක්ම පමණකි. ඒවායෙහි මතුපිට මෙන්ම අභ්‍යන්තරයද අර්ථ ශූන්‍ය වේ.
      එහෙත් පැරණි ජනප‍්‍රිය ශාස්ත‍්‍රීය ගීත තුළ මතුපිටින් පෙනෙන දේට වඩා අභ්‍යන්තරයේ ගැබ්ව තිබෙන අර්ථය ඉතාම ගැඹුරුය. මෙවැනි සෞන්දර්යාත්මක නිර්මාණ කොතෙක් නව නිර්මාණ පැමිණියද සහෘද හදවත් තුළ නොමැකෙන මතක සටහනක් බවට පත් කිරීමට සමත්ව තිබේ.ඉහතින් සදහන් කළ ගීත නිර්මාණයන්ට පාදක වූ එක් සාධකයක් ලෙස සමාජ විෂමතාවයෙහි ප‍්‍රතිඵලයක් ලෙස අසරණ වන ජන ඛාණ්ඩ පිළිබඳව පැහැදිලි කලා. ඒ අතරින් බොහෝ දුරට සමාජ අකර්මන්‍යතාවයේ ගොදුර බවට පත් වී තිබෙන්නේ කාන්තාවය. එදා මෙන්ම අදද ඇය සමාජය ඉදිරියේ කාගේත් උපහාසයට ලක් වීම සුලබ කරුණකි. එය දියුණු සමාජයකට එතරම් ගැලපෙන කරුණක් නොවේ. ඇය විටෙක දියණියක, මවක, බිරිඳක චරිතය නිරූපණය කරමින් මුළු මහත් ලෝකයක් ස්වයංපෝෂිත කරමින් ලෝකයේ මිහිපිට පැවැත්ම රඳා පැවැත්මට තම රුහිරය කිරි කරමින් ජීවිතය ලබාදීමට කැපවූ ඇයම සමාජයේ අවලංගු කාසියක් බවට පත්වන බව ගී පද රචකයන් තම තෙළිතුඩ හසුරුවමින් ප‍්‍රකාශ කරනු ලබයි. ගෙදර බුදුන් නමින් හඳුන්වන ඈ කෙතරම් වටිනා සම්පතක්ද යන්න මෙන්ම ඇය පූජනීයත්වයෙහි ලා තබා වන්දනාමාන කළ හැකි චරිතයක් බවට කවියා ඔහුගේ පිවිතුරු, නිර්මල වදනින් අර්ථවත් කර තිබේ. මෙලෙස මවකගේ ගුණවර්ණනාව පිළිබඳව නොයෙකුත් නිර්මාණයන් බිහි වී තිබේ. එවන් මවකගේ ශෝකාලාපයක් පිළිබඳ කියැවෙන අපූර්වතම නිර්මාණයක් හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සිත් සවන්පත් සනහාලීමට සමත්විය.
     මෙම ගීතය  ”සඳකඩ පහනක කැටයම් ඔපලා” වේ. මේ තුළින් මතුපිටින් ගම්‍යමාන වන කාරණයට හාත්පසින්ම වූ අභ්‍යයන්තර ගැඹුරු අර්ථයක් නිරූපණය කිරීමට ගීත රචකයා ගත් උත්සාහය ඉතාම සාර්ථකත්වයට පත් වී තිබේ. මෙම ගීතයේ රචනය වොලී නානායක්කාරයන් විසින් නිර්මාණය කරන ලදී. මෙය ඔහුගේ ප‍්‍රථම ගීත රචනය වීම ඉතාම ඇගයීමට ලක් කල යුතු කරුණකි. මන්ද මෙම ගීතය සහෘද රසිකයන් ඉතාම ආශාවෙන්, ආදරයෙන්, හැගීම්බරව පිළිගත් නිර්මාණයක් වීම නිසාවෙනි. එමෙන්ම මෙම ගීතය ඉතාම සංවේදී අර්ථ නිරූපණයක් අන්තර්ගත කිිරීමට ඔහු සමත් වී තිබේ. ඒ වගේම ගීතයක් ජනප‍්‍රිය වීමට එහි සංගීතය ප‍්‍රබල ලෙසම දායක වී තිබේ. සංගීතය සහෘද පේ‍්‍රක්‍ෂයා සෞන්දර්යෙන් මනමෝහනයට පත් කිරීමට සමත් කල අංගයකි. එය මනා ලෙස මෙම ගීතයට අනුචිත වන පරිිදි නිර්මාණය කිරීමට වික්ටර් රත්නායකයන් සමත් වී ඇත. මෙය ඔහුගේ පළමු ගීත අධ්‍යක්‍ෂණය වීම වටිනාකම තවදුරටත් තීව‍්‍ර කරයි. එමෙන්ම ගීතයද පද රචනය, සංගීතය පමණක් නොව ගීතයට සාධාරණයක් කිරීමට ශාස්ත‍්‍රීය පැහැදිලි සෞන්දර්යාත්මක මනෝභාවයකට රසිකයා ගෙනයාමට සමත් හඩකින් ගීතය ගායනය කිරීම මත ගීතයේ වැදගත්කම තවදුරටත් පසක් වේ.
   ”සඳකඩ පහනක කැටයම් ඔපලා” ගීතය ප‍්‍රතිභාපූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ද ගායන ප‍්‍රවේශයට තැබූ පළමු අඩිතාලම වේ. ඒ වගේම මේ ගීතය ‘මාතර ආචිචි◊’ චිත‍්‍රපටියේ අන්තර්ගත වූ ගීතයක් බවට සඳහන් වේ. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ පළමු චිත‍්‍රපට අධ්‍යක්‍ෂණයේ පුනරාගමනය වීමයි. මේ කාරණයන් එකිනෙකට සංසන්දනය කළවිට වැටහෙන්නේ මෙය සිව්කුළුඳුල් නිර්මාණයක් බවයි. මෙය ඔවුන්ගේ පළමු පුනරාගමනය වුවද අතිවිශිෂ්ඨ නිර්මාණයක් සුවහසක් රසිකයන්ට තිළිණ කිරීමට ඔවුන් සමත් වී ඇත.
       ඕනෑම ගීතයකට මූලපාදක සිදුවීම මෙන්ම රසිකයන් එය වැළඳගන්නා ආකාරය විවිධය. ඇතැම් ගීතයන්ට විවිධ සාධක බලපාන අතර පුද්ගලයන් එකිනෙකට විවිධ වන නිසා ඔවුන් සිතන පතන ආකාරයද එකිනෙකාට විවිධාකර වේ. මේ නිසා පේ‍්‍රක්‍ෂකයන් මෙම ගීතය ඔවුන්ගේ සිතැඟි පරිදි විචාරය කිරීමට ක‍්‍රියාකරයි. ඒ අනුව මෙම ගීතය සඳහාද ප‍්‍රධාන අර්ථකථනයන් ද්විත්වයක් සපයා ඇත. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ නිර්මාණයක රසය තම තමන්ට රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකිය. නමුත් මෙය තුළින් එම ගීතයට යම් අසාධාරණයක් වුවද වීමට ඉඩ සැලසේ. කෙසේ වුවද මෙහි පවතින එක් සෞන්දර්යාත්මක අධ්‍යයනයකට යොමු වෙමු.
      යම්කිසි නිර්මාණයක් සෞන්දර්යාත්මක ගුණයෙන් ඔපවත් වීම සඳහා බලපානු ලබන සාධක කිහිපයකි. ඒ අතරින් එම නිර්මාණයේ අර්ථය, දැක්ම  පදනම් වූ මූලබීජය, අලංකාරත්වය, එහි ගැබ් වී තිබෙන වැදගත්කම, අන්තර්ගත කොට පවතින රසයන්, ආකර්ශණ ශක්තිය, රසිකයා අමන්දානන්දයට පත්කළ හැකිවීමට බලපානු ලබයි. මෙය හුදෙක් පදමාලාවක් පමණි. එයට සංගීතය සහ ඉහත සඳහන් කරුණු එක්කල තැන එය විශිෂ්ඨ කලා නිර්මාණයකි. මැණිකක් ඔපවත් කර එහි වටිනාකම තීව‍්‍ර කරගන්නා සේ මෙහිද වටිනාකම එසේ දියුණු කරගත හැක. මෙසේ කියන්නා වූ සෞන්දර්යාත්මක සාධකයන්ගෙන් මෙම ගීතය පරිපූර්ණ වී තිබේ.

      සඳකඩ පහණ යනුවෙන් අදහස් කරන්නේ කලාකරුවෙකු අතින් නිර්මාණය වන අපූරු නිර්මාණයකි. මෙම නිර්මාණය ලාංකීය ජනතාවට ඉතාම වටිනා පූජනීය වස්තුවකි. මෙය ඈත අතීතයේ  සිටම පූජනීය ස්ථානයන් හිදී දැකගැනීමට හැකි අනර්ඝ වූ කලා නිර්මාණයකි. මෙමගින් නිරූපණය වන අදහස් ගණනාවක්ම පවතී. ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම නිර්මාණය තුළින් නිවනට යන මග පෙන්නුම් කරන බවයි. මෙම ගීතයේද සඳකඩපහන ආරෝපණය කර තිබෙන්නේ සැම්යා නොමැති දියණියක සිටින රූමත් කාන්තාවකටයි. මෙහි ගැබ්වී තිවෙන සෞන්දර්යාත්මක ලක්‍ෂණ මෙම ගීතයේ වටිනාකම ඉතාම ඉහළ ස්ථානයකට ගෙන යයි.
      සඳකඩ පහන පූජනීය ස්ථානයන්හි ඉතා ගෞරවයට පත් වූ කලා නිර්මාණයක් වුවද එය දුහුවිලි සහිත පයට පෑගෙන නිර්මාණයක් වීම තුළින් අපූරු සන්නිවේදනයක් රසිකයාට සංජානනය කිරීමට වොලී නානායක්කාරයන් උත්සහ කර තිබේ.  ඒ අනුව මෙයින් අර්ථවත් වන්නේ මෙම කාන්තාව නැතිනම් මව මෙම විෂම සමාජය තුළ පයට පෑගෙන දුහුවිල්ලක් බවට පත් වී තිබෙන බවයි. මෙම සමාජයේ කාන්තාවට සැමියෙකුගේ ආරක්‍ෂාවක් නොමැතිව ජීවත් වීමට ඇති අසීරුභාවය මෙම පද පේලිය ඉතා අපූරුවට විග‍්‍රහ කර තිබේ.

”සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී”
       මෙලෙස මෙම සමාජයේ තනිවී සිටින මෙම කාන්තාවගේ ඇසුරට මිනිසුන් පැමිණෙන බව මෙම පද්‍යයෙන් අර්ථවත් වේ. පාවෙන දේදුණු යනුවෙන් උපමා කරන්නේ එම මිනිසුන්ය. කුඩා දියණියක් සිටියද මැය ඉතා රූමත්කමින් පරිපූර්ණ නිසා සමාජ අසාධාරණයන්ට ගොදුරු වීමට ඇගේ කැමැත්ත අකමැත්ත අවශ්‍යය නොවේ. මෙලෙස උපමා භාවිතා කරමින් රසික හදවත් සසල කිරීමට මෙම සෞන්දර්යාත්මක ලක්‍ෂණයන්ට හැකිවී තිබේ.

කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ.
මෙලෙස තහනම් ඇසුරකට යොමුවන විට මෙම ඇසුරේ තිබෙන කැලතුණු රසය දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. මෙහි කැලැතුණු රසය යනු අසම්මත රසකට ලොල්බැදීම තුළ තිබෙන ගැටළුකාරී බවයි. සඳකඩ පහණත් කෙතරම් අනගි නිර්මාණයක් වුවත් එය පයට පෑගෙන සේ මෙම කාන්තාව කෙතරම් රූමත් වුවත් සමාජයේ ගැරහුමට භාජනය වේ. මේ සාමාජය තුළ වැන්දඹු හෝ සැමියෙකු නොමැති කාන්තාවක් දෙස බලන්නේ නරක ඇසිනි. මෙම කාන්තාවද සමාජය තුළ අසරණවීමකට ලක්වෙයි.
යුගයෙන් යුගයක නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනව
ාසියුමැලි කැකුළක් මැළ වෙද්දී...//
 මේ ආකාරයට දිගින් දිගටම මිනිසුන් ඇසුරු කරන මෙම ක‍්‍රියාවෙහි යෙදෙන කාන්තාවගේ රැුකියාව ගණිකා වෘත්තිය බවට පත්වන්නේ නිරායාසයෙන්මය. ඇගේ ඇසුර සොයා පැමිණෙන මිනිසුන් ඇයව නිවසින් පිටට ගෙනයාමට පෙළඹේ. මෙම කාන්තාව දිනෙන් දින තමාව සොයාගෙන එන පිරිමින්ගේ ආශාව සංසිඳවීමට මෙලෙස ඔවුන් හා තනිවීමට නිවසින් පිටතට යන විට ඇගේ කුඩා දියණිය නිවසේ තනිවීම රසිකයන්ගේ ඇසට කඳුලක් ගෙනඒමට තරම් සංවේදී වේ. සෞන්දර්යාත්මක නිර්මාණයක දක්නට ලැබෙන ලක්‍ෂණයක් වන්නේ තම රසිකයාගේ හදවත තම නිර්මාණය තුළින් සන්වේදනාවට පත්කිරීමේ හැකියාවයි. එනම් ඉන්ද්‍රිය උත්තේජනයක් සාර්ථක නිර්මාණයකින් පිිළිඹිඹු විය යුතුය. මෙහිදී කැකුළක ට ආරෝපණය කර තිබෙන්නේ ඇයගේ දියණියයි. දියණියකට සිටින එකම මිතුරිය මවයි. ඇගේ දුක, සැප සියල්ලම පිළිබඳ සොයා බැලීම මවකගේ යුතුකමයි. නමුත් ඇයට තම දියණියට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් පවා මේ මගින් මගහැරෙයි. මෙම අපූරු පණිවිඩය ගීත රචකයා විසින් තම රසිකයාට ලබාදීමට ගනු ලබන උත්සහය මෙමගින් මනාව පිළිඹිඹු වේ.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
 ඇයව මේ ආකාරයට ඇසුරු කළ මිනිසුන් තමන්ගේ යහළුවන්ටත් ඇයව හඳුන්වාදීමට, ඇය ගැන තොරතුරු පැවසීමත් සිදුවෙනවා. මෙම කි‍්‍රයාවලියත් සමග ඇය පිළිබඳ ආරංචියක් රහසක් ආකාරයෙන් පැතිරයාම සිදුවෙනවා. මෙලෙස ඇයව සමාජයේ බොහෝ මිනිසුන්ගේ අතකොළුවක් බවට පත්වෙනවා. ඇයව සමාජය තුළින් ඇගේ ජීවිතය, ඇගේ ශරීරය මුදලට තක්සේරු කිරීමට මෙම සමාජය යොමු වීම මත සමාජයේ විෂම ගතිපැවතුම් ගීතය හරහා මිනිසුන්ට පසක් කරවීමට වොල් නානායක්කාර සමත් වී තිබේ. මෙවැනි කාන්තාවකගේ අභ්‍යන්තරය, සිතිවිලි ඇයව සොයා පැමිණෙන කාමාතුරයන්ට නොවැටහේ. ඇගේ වේදනාව මතින් ඔවඅන් ඇයව සෙමින් තමාගේ අවශ්‍යතාවයන්ට පමණක්ම යොදාගන්නට තරම් අමානුෂික වීම නිතැනින්ම කණගාටුවට කරුණකි. ඇගේ රූමත්කමට වශීවන මිනිසුන් ඇයගේ ජීවිතයේ වටිනාකම මුදලට යට කිරීමට තරම්ම සමාජය කුරිරු වී තිබේ.

ගව්වක් ඉහළක ගොණුකොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
 ඈ පිළිබඳ මෙලෙස මිතුරන්ගෙන් දැනගත් පිරිමින් ගව්වක් ඉහළට බලාපොරොත්තු තබාගෙන තමා වෙතට පැමිණෙන බව ගීත රචකයා පවසයි. මේ අනුව පැවසෙන්නේ ඇයගේ පහසට නතු වූ ඇය පිළිබඳ ඇයගෙන් ලැබෙන සුවය පිළිබඳ අන් අයට පැවසීම නිසා ඔවුන්ද එම පහස සොයා ඇය පිළිබඳ විශාල බලාපොරොත්තු රාශියක් තබාගෙන පැමිණෙන බවයි. කාන්තාවකගේ ශරීරයකට ලොල් බඳින සමාජයක නිරුවත මෙමගින් පැහැදිලි වේ.
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංදු
 මේ ආකාරයට ඇය පිරිමින් අතර අතින් අතට යමින් ගණිකා වෘත්තියේ නිරත වන්නේ තම හෘදසාක්‍ෂියට එකගව නොවේ. ඇය මෙම ක‍්‍රියාවට අකමැති වුවත්  සිදුකිරීමට බලපාන ප‍්‍රධානතම සාධකය වන්නේ තමන්ගේ සහ දරුවාගේ යම් යම් හැලහැප්පීම් නිසාවෙනි. ජීවිතයක් ජීවත් කරවීමට නොහැකි තරම් ඇය මෙලොව අසරණ වන විට තමාගේ ජීවිතය බිලිදී හෝ තම දරුවාගේ ජීවිතය මල්ඵල ගැන්වීමට මව්වරුන් නිරන්තරයෙන් වෙහෙසෙයි. ඇයට මුළු ජීවිත කාලය පුරාම කදුළු බිදු වගුරුවමින් ජීවත් වීමට සිදුවෙයි. සෞන්දර්යාත්මක ප‍්‍රවේශය තුළ සහෘද පේ‍්‍රක්‍ෂකයාගේ හදවතට ගැඹුරු අර්ථයක් ලබාදීම සාර්ථක නිර්මාණයක ප‍්‍රබල සාධකයකි. එය මෙමගින් මනාව අර්ථවත් වේ.
ඈ ගෙන යද්දී නටඹුන් අතරින්
තවකෙක් ඈ වෙත හද රැුන්දු
 මෙමගින් අර්ථනිරූපණය වන්නේ පැමිණෙන පුද්ගලයින්ගෙන් එක් අයෙක් ඇසුරු කර අවසන් වූ සැනින් ඇයගේ ඇසුර බලාපොරොත්තුවෙන් තවත් අය පැමිණෙන බවයි. මේ ආකාරයට ඇයට තම ජීවිතය ගැටගසා ගැනීමට මිනිසුන් රාශියකගේම ආශාවන් පිරිමැසීමට සිදු වේ.
හදවිල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
 ඇගේ මෙම රැුකියාව නිසා අතුරු ප‍්‍රතිඵල විදීම දියණියකට සිදුවීම සාමාන්‍ය කරුණකි. මව වැරදි කළොත් දියණිය යන්නේද ඒ මගමය යන්න සාම්ප‍්‍රදායික මතයක් පවතී. එම නිසා දැරියට සිදුවන අවමානය නැති කරන්න තමාගේ එකම දියණිය ඈතකට යවන්නට මෙම කාන්තාවට සිදුවනවා. මවකට දස මසක් කුස දරා මෙලොවට බිහිකර අවුරුදු 5ක් පමණ රුධිරය කිරට හරවා ඇතිදැඩි කළ දරුවා තරම් මේ ලෝකේ කිසිම සම්පතක් ඇයට නොවටි. එම නිසා ඇය වෙනුවෙන් මව මෙම පියවර ගනු ලබයි. මේ නිසා දියණියට අකාලයේ තම මව අතහැර ඈතකට යාමට සිදුවනවා. මේ ගීතය පුරාවටම රසිකයා සංවේදනාවට පත්කිරීමට රචකයා සමත් වී ඇත. දරුවකු බිහිකිරීමට යනවිට මවක් සාමාන්‍යයෙන් මිනිස් සිරුරට දරාගත හැක්කේ 45 ෘැක වේදනාවක් පමණි. නමුත් දරුප‍්‍රසූතියකදී මවකට දැරීමට සිදුවන වේදනාව 57 ෘැක ක් පමණ වේ. එය මිනිස් සිරුරක අස්ථි 20ක් පමණ එකවර බිඳීයාමේදී දැනෙන වේදනාවට සමාන වේ. ඒ වගේම තමා නිසා තම එකම දියණියගේ ජීවිතය අකාලයේ විනාශ වී යාමට ඇය ඉඩ නොදෙයි. එම නිසා වේදනාවෙන් වුවද ඇය මෙම තීරණය ගෙන තිබේ.
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා
       ඇය වේදනාව සගවා, කඳුල යටපත් කරගෙන තම රත්තරන් දුවණිය තමාගෙන් වෙනතකට පිටත් කර හැරීමට කටයුතු කරනු දක්නට ලැබේ. ඒ වගේම කවියා දක්වන පරිදි ඇගේ ජීවිතය දුක්ඛ දෝමනස්සයන්ගෙන් පමණක්ම පිරුණු නවාතැන්පලක් බවට පත්ව ඇති බවත්, ඇගේ දියණියගේ වෙන්වීම තවත් එක් වේදනාවක් පමණක් බවත් කවියා පවසයි. කඳුලක් සත් සමුදුරට එක් වනවා වගේ ඇගේ දුක් සමුදායෙන් එක්දෙයක් බවට ඇගේ දියණිය ඈතට යැවීමට සිදුවීම දක්වන්න පුළුවනි. ගීතයක සෞන්දර්යාත්මක පැතිකඩ නිරූපණය වීමට එහි තිබිය යුතු වටිනා අන්තර්ගතයක් වන්නේ එම ගීතයෙහි යථාර්ථය දැක්වීමයි. මෙම ගීතය සමාජයක පිළිඹිඹු කරන කැඩපතක් බවට හැඳින්විය හැකිය.
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානක පියඹා එනතුර
ැපොපියන හදවත සිටි බලා...//
      මෙම කාන්තාව තම දියණිය තම ජීවිතයෙන් ඈත්කොට වෙනතකට යවා තම වෘත්තියෙන් ලැබෙන ආදායමෙන් දියණියට පූර්ණ වශයෙන් උසස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරයි. ඒ වගේම දියණිය මවගෙන් දුරස් වුවද අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කිරීමට සමත් වන බව කවියා පවසයි. ඒ වගේම තමාගේ යෞවන ජීවිතය අකාලයේ දිය කර හරිමින් තම දුවණියගේ අනාගතය සාර්ථක කිරීමට කාන්තාව උපරිම වෙහෙසක් ගනී. එලෙස කැපකිරීමක් කළ මව නැවත තම දියණියගේ ආගමනය බලාපොරොත්තු සහගතව දෑස අයාගෙන බලාසිටිමට පෙළඹේ. මවකගේ දරුදුක යනු,

  පුතු සෙනෙහෙ නම් සිවිය විද
  සමට වැද... සම් විද මසට වැද...
  මස විද නහරට වැද
  නහර විද ලේ වලට වැද...
  ලේ විද ඇටට වැද... ඇට විද
  ඇට මිදුළු වලට වැද...නිදන්ගතව
  වේදනා ගෙන දෙන්නකි
යනුවෙන් හඳුන්වා දිය හැකිය. ඹ්නෑම මවක් පියෙක් දරුවෙකු උස් මහත් කොට තමන්ට තම ජීවිතය අවිනිශ්චිත තත්වයට පත්වන විට තම දරුවන්ගේ හයියෙන් නැගීසිටිමට බලාපොරොත්තු සහිත දෑසින් යුතුව ජීවත් වෙයි. මේ මවත් එසේමය. ඇයත් තම දියණිය තමා වෙසෙන මේ දුක්බර පරිසරයෙන් මුදවාගැනීමට පැමිණෙන තුරු නෙත් අයාගෙන බලා සිටියි. තම මුළු ජීවිතයම දරුවා වෙනුවෙන් කැපකරන මෙම මව පිළිබඳ රසික සිත් තුළ දයානුකම්පාවක් ඇති කිරීමට වොලී නානායක්කාර සමත් වී තිබේ. මේ ආකාරයට මෙම ගීතය සෞන්දර්යාත්මකව විග‍්‍රහ කිරීමට පුළුවනි. මෙය එක්තරා පැතිකඩක් පමණි. ජීවිතය දෙස විවිධාකාරයෙන් බලන ඇස් දාහක් තුළ හැගීම්, දැනීම් අවබෝධ කරගැනීමද ඒ ආකාරයෙන්ම විවිධව පවතී. මෙම ගීතය සෞන්දර්යාත්මක ගුණයෙන් සමන්විත අංගසම්පූර්ණ අර්ථයන් බහුල ජීවිතයේ යථාර්ථය වටහා දීමට සමත් උසස් ගණයේ කලාත්මක නිර්මාණයකි.
 ”සඳකඩ පහනක කැටයම් ඔපලා” මෙම ගීතය අරුත් පිරි ගීතයකි. මෙම ගීතයට විවිධ අර්ථකථනයන් සපයා තිබේ. එ් අතරින් මෙය මාතර ආච්චි චිත‍්‍ර පටයේ අඩංගු වන අතර මේ ගැන කියැවෙන අනෙක් අර්ථ දැක්වීම වන්නේ ප්‍රේම පුවතකි. යෞවනයේ පසුවන තරුණ යුවලකගේ ආදරය කැටිවුණු සෞන්දර්යාත්මක අර්ථ නිරූපණයක් මෙමගින් සිදුකරයි. මෙය ඉතාම සංකීර්ණ ගීත රචනයකි. මෙම ගීතයෙන් කියැවෙන අර්ථය සරලව දැක්වුවහොත් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙසට තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වන අතර තරුණියටද අකමැත්තෙන් වුවද  එයට එකග වීමට සිදුවේ. කලකට පසු නැවත ලංකාවට එන තරුණයාගේ සිත ඇය කෙරෙහි එතකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීතයට කැටි වේ.
      සඳකඩ පහණක් යනු ශෛලමය නිර්මාණයකි. මෙම තරුණයා ඔවුන්ගේ ආදරය මෙයට සමාන කරන්නේ ගලින් නෙලන කැටයම් නැවත නොමැකෙන නිසාවෙනි. ඒ තරම්ම ස්ථිර වූ විශ්වාසනීය පේ‍්‍රමයක් ඔහුගේ හදවතෙහි තැන්පත් වී තිබුණ බව මෙයින් ගම්‍යමාන වේ. මොහු අධ්‍යාපනය සඳහා රට හැරයන්නේ මෙම විශ්වාසනීය ආදරය හදවතෙහි තුරුළු කරගනිමිනි. ඒ තරමට ඔහු තමාගේ පේ‍්‍රමවන්තිය කෙරෙහි නොමැකෙන විශ්වාසයකින් පසුවිණ. එය ශෛලමය සඳකඩ පහනට උපමා කරන්නේ එම නිසාය. ඒ වගේම මෙහි ගැබ් වී තිබෙන පිවිතුරු, පූජනීය හා දැක්මද වටිනා අදහස් නිරූපණය කරයි. මෙම නිර්මාණය තරමටම ඔහුගේ ආදරයත් පරම, පවිත‍්‍ර පූජනීය වස්තුවක් බවට ඔහු සලකා තිබේ. සෞන්දර්යාත්මක අලංකාරයන් මෙයට යොදා තිබීම තවදුරටත් මෙහි වටිනාකම තීව‍්‍ර කිරීමට මග සලසයි.
     ”පාවෙන දේදුණු ලැගුම් ගනී” යන්නෙන් අදහස් වන්නේ ඔහුගේ මෙම අවංක ප්‍රේමය හුදෙක් පාවෙන දේදුන්න තරමටම වෙනස් වන සිතිවිල්ලත් බවට පත්වී ඇති බවයි. නමුත් විශ්වාසය මත පදනම් වන ආදරය මෙලෙස වෙනස් වී එ්කපාර්ශවීය වීම සහෘද හදවත් සංවේදනාවට පත් කිරීමට තරම් ප‍්‍රභල වී තිබේ.එදා පේ‍්‍රමය නිසා හදවතෙහි ඇති වූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දියබුබුලක් වන් අස්ථිර තත්වයකට පත්වී ඇත. එහි පැවැත්මක් නැහැ. එය දිය බුබුලකට සමාන කරන්නේඑයක්ෂණිකව නැතිවී, විනාශ වී යන නිසාවෙනි. භාෂා රටාව සෞන්දර්යාත්මක ලක්‍ෂණයන්ගෙන් සමන්විත වේ.
යුගයෙන් යුගයක නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළ වෙද්දී
      පේ‍්‍රමයෙන් බැඳුණු කාලපරිඡු්ඡේදය එක්තරා යුගයක් නම් පේ‍්‍රමය මුහුකුරා ගොස් විවාහ දිවියට එළැඹීම තවත් යුගයකි. ආදරයෙන් බන්ධනය වන සෑම යුවලකගේම එ්කායන පරමාර්ථය වන්නේ ඇය හෝ ඔහු සමග විවාහ දිවියට එළැඹ එක නිවසක පදිංචි වීමය. මෙය එතරම්ම අහිංසක ප‍්‍රාර්ථනයකි. නමුත් අහස උසට බලාපොරොත්තු පොදි බැද එක්වීමට පෙරුම් පුරන යුවලට වෙන්වී යාමට සිදුවීම කෙතරම් ශෝකජනක සිදුවීමක්ද? මෙලෙස වියෝවන්නට සිහිනෙන්වත් ඔවුන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත.  ” සියුමැලි කැකුළක් මැළ වෙද්දී...” යන්න අර්ථ දක්වන්නේ පිපෙන්නට පෙර කැකුළු අවධියේම මැලවී යාමක් බඳුය. එ් වගේම ඔවුන් පිළිබඳ මානුෂීය නොසිතා වැඩිහිටියන් පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කරදී පෙම්වතාගෙන් ඈත් කරනු ලැබ තිබේ.
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොණුකොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
 මී මැස්සා උදේ පාන්දර සිට මලක් මලක් සොයා පියඹා ගොස් සුවහස් මල්පෙති මත දැවටෙමින් එකතු කරගන්නා මී පැණි ටිකෙන් ටික රැුස් කරගනිමින් වදය වෙත ගෙනගොස් ඒතුළ තැන්පත් කරයි. එලෙස අපමණ වෙහෙසක් දරමින් එක්රැුස් කළ වදය බඳින්නේ ගව්වක් පමණ ඉහළ ස්ථානයකය. එසේ ඉහල ස්ථානයක වටිනා නිර්මාණයක් කරන්නේ කිසිවෙකුගෙන් සතුරු පීඩාවක් නොවීමට අවශ්‍ය පාරිසරික සාධක ඇති බැවිනි. මේ ආකාරයට පේ‍්‍රමවන්තයාද කටයුතු කරයි. මී මැස්සාට උපමා කරන ඔහුද කි‍්‍රයා කරන්නේ මෙලෙසටයි. එසේ සිය පේ‍්‍රමය මල්ඵල දකිනු වස් එයට අදාල වන සම්පත් අධික වෙහෙස මහන්සියක් වී එක් රැුස් කරන්නේ තම ආදරවන්තිය හා සතුටින් කල් ගෙවීමේ මූලික වූ පරමාර්ථය මූලික කරගනිමිනි. ඒවාට ඔහු ලොබ බදින්නේ ආශා කරන්නේ මේ හේතුවෙනි. පරිසරයේ ප‍්‍රායෝගික ක‍්‍රියාවන් සෞන්දර්යාත්මකව පේ‍්‍රමවන්තයෙකුගේ ජීවිතයට සමාන කිරීම විශිෂ්ඨ නිර්මාණශීලි ගුණයකි.
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටඹුන් අතරින්
තවකෙක් ඈ වෙත හද රැුන්දු
 මෙම ගීතය සඳහා නිරන්තරයෙන්ම සෞන්දර්යාත්මක ගුණයෙන් හෙබි අර්ථයන් ගැබ් කර තිබේ. මෙමගින් අදහස් වන්නේ කළුවක් අහස පුරා පැමිණ ගෙරවීම අමිහිරි අත්දැකීමකි. මන්ද එසේ වහින වැස්ස මී පැණි වල ගුණය බාල කරනු ලබයි. එ් අනුව ඔහු දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා ලද සම්පත්ද විනාශ වී යන බවය. නැතිනම් එහි වටිනාකමක් පිළිබඳ අවශ්‍යතාවක් ඔහුට අවශ්‍ය නොවන බවයි. කෙසේවෙතත් ඔහුගේ පේ‍්‍රමයට බාධා ඇති වේ. ඔහුගේ පේ‍්‍රම වෘතාන්තය නටඹුනක්ම පමණක් වී තිබේ. ඔහුගේ තැනට වෙනත් පිරිමියෙකු නැතිනම් ඔවුන්ගේ ආදරණීය පේ‍්‍රම ලෝකයට තවකෙකුගේ ආගමනයක් සිදුවේ. මෙය මනා ලෙස අර්ථ නිරූපණය කරනු ලබයි.
හදවිල ඉපදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා
      පේ‍්‍රමය නැමති මල් කැකුළ ගසෙහි මෝදු වී කල්බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා දුරක යවා ඇත. ඒ අනුව ඔහුගේ ආදරය යථාර්ථයක් නොකොට හුදෙක් හීනයක්ම පමණක් කොට එය උපන්් තැනම විනාශයට පත් කොට තිබේ. ඒ වගේම එය නොපෙනෙන ඈතකට යවා තිබේ. මෙය මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඔහුගේ මේ වියෝවෙන් දෑසින් කඩාහැලෙනා කදුළු බිඳු සත් සමුදුර කරා ඇදී යන බවත්, එය මහ සමුදුරට මුසු වූ කල කිසිවෙකුට සොයා වෙන්කල නොහැකි වනවා සේම ඔහුගේ හදවත තුළ දැවෙන වියෝගින්න කිසිවෙකුට හඳුනාගැනීමට නොහැකිවීම ඔහුගේ ජීවිතයේ ඔහු ලද අභාග්‍යයකි.
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානක පියඹා එනතුරු
පොපියන හදවත සිටි බලා...
      අවංකව තම පෙම්වතියට සෙනෙහස දැක්වූ පෙම්වතාගේ හදවත එක්ටැම් මැදුරක් බව කවියා පවසයි. එහි බලාපොරොත්තු නැමති කවුළු පියන් පත් විවර කොට තිබේ. ඇය වෙසෙන ලොව තවත් විමානයක් විය යුතු යැයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. පේ‍්‍රමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානෙන් පියඹා එනතුරු බලා හිදී. ඔහුගේ හදවත එක්ටැම් ගෙයක් ලෙස කවියා දක්වන්නේ ඔහු නැවත ආලයක් නොපතන බවයි. ඔහු තම වෙන්ව ගිය පෙම්වතිය පිළිබඳ පමණක්ම සිතමින් කාලය ගතකරයි. එහෙත් ඔහු සැමදාම බලාපොරොත්තු දෑසින් පසුවන බව රසිකයාට පසක් කරයි. ඒ වගේම නිරන්තරයෙන්ම ඇගේ සෞභාග්‍යමත් අනාගතය පිළිබඳවම ආශිර්වාද සපයන ඔහු අවසන පවසන්නේ රුවන් විමානෙහි ජීවිතය අවසන් වුණු දාට එය කැඩි බිඳී විනාශ වූ දිනයක තමාගේ හදවත තවමත් ඇය වෙනුවෙන් බලාගෙන සිටින බවයි. සෞන්දර්යාත්මක ලක්‍ෂණ මනා ලෙස ගීතයට ඇතුලත් කරමින් එහි වටිනාකම තවදුරටත් ඔපවත් කිරීමට සමත් වේ.
 එ් අනුව සඳකඩ පහණක ගීතය අපූර්ව වූ අරුත් සහිත ගීතයක් ලෙස හඳුන්වාදීමට පිළිවන. එය ප‍්‍රබල ගණයේ ගීත නිර්මාණයකි. ප‍්‍රථම සිව්කුළුඳුල් නිර්මාණයක් ලෙස රසිකයන්ට පිදෙන අපූර්ව තිළිණයක් ලෙස මෙම කලා නිර්මාණය පෙන්වාදීමට පුළුවන්ය. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩ පහනකි.

Tuesday, July 3, 2018

විවාහයපේ‍්‍රම විවාහයට බාධාවක්ද?







              ආදරයයනු සිත බැදුණු දාසිටආරම්භකරවිවාහයෙන්ශක්තිමත්වමුළු ජීවිත කාලයපුරාමගෙනයායුතු ශක්තිමත්බැඳීමකි. එහෙත් වර්ථමානයේ උසාවි තුළදක්නට ලැබෙන, අසනනඩුබහුතරයක් දික්කසාදයපිළිබඳවයි. වර්ථමානයේ දික්කසාදයඉතාමසුළු වරදක් බවටත් විවාහය එක් කොල කැබැල්ලකටත් සීමා වී තිබෙන එක්තරා ලියැවිල්ලක්ම පමනක්බවටපත්ව තිබේ.
පේ‍්‍රම කරන අවධියේ තිබූ ආදරය විවාහ වූ පසුඑලෙසින්ම පවත්වාගෙන යාමටදෙදෙනාමඅපොහොසත් වීමකණගාටුවට කරුණයි. සැබැවින්ම එලෙස සිදු වන්නේ දෙදෙනාගේ පවතින අනවබෝධය නිසාය. මෙය සැබැවින්ම කල නොහැක්කක් නොවේ. විවාහයට ආදරය, පේ‍්‍රම යඉතාම අවශ්‍යයි. පේ‍්‍රමය නැමැති අත්තිවාරම මත විවාහය රඳාපවතී. විවාහයෙන් ආදරය බිඳ වැටෙන බව බොරුවකි. එයට කඳිම උදාහරණයක් නම් ”මට මේ කසාදය එපාවෙලා තියෙන්නෙ” කියන පුද්ගලයෙකුට දික්කසාද වෙන්න යෝජනා කළ විට එයට එකඟ තාවය පල කිරීමට ඉදිරිපත්වන්නේ කීයෙන් කීදෙනෙකුද? එසේ නොවන තැන පවතින්නේ තම සැමියාට බිඳට තිබෙන පේ‍්‍රමයයි. එහෙත් එය යටපත්කරජීවත් වීමට දරන උත්සාහය මතය ිමෙවැනි ගැටලූ උද්ගතව පවතින්නේ. ඒ වගේම පේ‍්‍රම කරනඅවධියේ ගිරවුන් මෙන් අදහස් හුවමාරුකර ගනී. ඔවුන් විවාහ දිවිය තුළ බකමූණන් මෙන් ”හූම්” හෝ ආදරයෙන් ඇමතූ බිරිඳ හෝසැමියා ”ඒයි” දක්වා විතැන්වීම තුළ ඔවුන්ගේ විවාහ දිවියේනීරසමකාල පරිච්ඡේදයහඳුනාගත හැකිවේ. එසේමපේ‍්‍රමකරනඅවධියේ තම පෙම්වතිය හෝ පෙම්වතාෙ කසේ හෝ හමුවීමට, කතාකිරීමට, පෙම්බස් දෙඞීමට අවස්ථාවක් උදාකර ගන්නවා නොවේද? එහෙත් විවාහ වූ මුල සමයේ මෙම පුරුදු මෙසේම වුවද දිනයන් ගෙවෙන විට මෙලෙස කතා බස් කර සිටි අවස්ථාවන්මා‍ෙහොතකට හෝ සිහියට නගා ගැනීමට හැකිවේද? ඒ වගේම පේ‍්‍රම කරන අවධියේ තමාට සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙන්ම පෞද්ගලික රහස් පැවසීමට ඇය හෝ ඔහුට වඩා අයෙක් නොසිටි අතර විවාහයෙන් පසු මෙවන් අදහස් ඇයට හෝ ඔහුට පැවසීමට ඔබඋ නන්දු නොවන්නේ මන්...ද? මෙවැනි දුරස්ත තත්ත්වයක් අවසානයේ ඔබ ද දික්කසාදය තෙක් ගෙනයාම කාටනවතාලිය හැකිවේද?
මෙම තත්වය මඟහරවා ගැනීමට සැමියා හා බිරිඳ යන දෙදෙනාගේම වගකීමක් හා වගවීමකි. ඇය විටෙක රැුකියාවක නිරත වෙනවා විය හැකියි. ඇයව හැමදාම රැුකියා ස්ථානයට ඇරලවීම, මසක ටවතාවක් හෝ දෙදෙනාම විනෝද ගමනක් යාම, එසේ කිරීමට කාලයවෙන් කර ගත නොහැකි නම් රාත‍්‍රී ආහාර වේලකට පිටත්වයාම මත ආදරය සෙනෙහස නැවත ඔවුන්ට ලගා කර ගත හැකිය. ඒ වගේම බිරිඳ ද තම සැමියාගේ ප‍්‍රියතම ආහාර රසවිඳීමට ලබාදීම, මත සැමියා හා බිරිඳ අතර පවතින ආදරය කිසිදින පළුදු නොවේ. ඒ වගේම තම හොදම මිතුරා, මිතුරිය, විශ්වාසවන්තයා, විශ්වාසවන්තිය තම සැමියා බිරිඳ බවටපත් කර ගන්න. ඒ ආකාරයට දෙදෙනාම ඉතා අවබෝධයෙන් කටයුතු කිරීම මත ඔවුන්ෙග් පේ‍්‍රමය විවාහය යන උත්තරීතර බැඳීම ශක්තිමත් වපවත්වනවාට සැකයක් නැත.

රටේ අනාගත දරු පරපුර රැක ගනිමු.....

රටේ අනාගතය දරුවන් මත තීරණය වේ. උගත් බුද්ධිමත් දරුවෙක් ලෝකයට දායාද කිරීම හැම මවකගේම හැම පියෙකුගේම ඒකායන අභිප‍්‍රායයි. ඒ සඳහා නොපිරිහෙළා...